කොළඹ වරායේ අයිස් තොගය: දේශීය පොලිස් කතාව සහ ජාත්‍යාන්තර මාධ්‍ය කියන වෙනස් කතා කියවන්න !
මෙහෙයුමේ වටිනාකම වැඩි වන්නේ එම සන්දර්භය තුළ විනා පුද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලද තොරතුරක් මත කාටත් හොරෙන් සිදුකළ මාර මෙහෙයුමක් වැනි අතාර්කික කතා සමාජ ගත කිරීමෙන් නොවේ. එවැනි කතාවකට සුමානයක හෝ පැවැත්මක් නැත.
LSN Sri Lanka ·

කොළඹ වරායේ බහාලුම්වලින් අයිස් (ක්‍රිස්ටල් මෙත්ඇම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 463–471ක් පමණ පසුගිය 31 වැනිදා අත්අඩංගුවට ගත්තේය. මේ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් මෙහෙයුම ජාතික වශයෙන් අතිශය වැදගත්, ලෝකයේ අවධානයටත් ලක් වූ විශිෂ්ඨ එකක් වූයේය.

මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනිම සමග දේශීය මාධය පොලිසියේ ප්‍රකාශ උපුටා දක්වමින් මෙම මෙහෙයුම ගැන වාර්තා කළේය. මුල් දේශීය වාර්තාවලට අනුව මෙහෙයුමේ ආරම්භය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ලැබුණු පුද්ගලික තොරතුරකි.

එහෙත් ඉන් අනතුරුව ප්‍රකාශයට පත්වන ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල වාර්තා, පකිස්ථාන මත්ද්‍රව්‍ය බලකායේ (ANF) වාර්තා මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය අනාවරණයන් අනාවරණය කරන්නේ පොලිස් ඔත්තු කරුවෙක් විසින් අපේ පොලිසියට ලබා දුන් ඔත්තුවක් හරහා සිදුකළ සරල මෙහෙයුමක් නොව, අන්තර්ජාතික මෙහෙයුම් ජාලයක් මගින් අනාවරණය කරගත් ඒකාබද්ධ මෙහෙයුමක ලංකාවේ අපරාධ විමර්ශන අංශ ලවා කරවාගත් කොටසක් බවය.

ජාත්‍යන්තර මාධ්‍ය සහ විදේශ නිල ප්‍රකාශවල එය ඇමරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය (DEA ) සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) අතර ඒකාබද්ධ මෙහෙයුමක් බව අනාවරණය කරයි. අදාල බුද්ධි තොරතුරුවල මූලාශ්‍රය පාකිස්තානය බව දැන් තහවුරු වී තිබේ.

ලකුණු තමයි... පොලිසිය රටට කී කතාව

අගෝස්තු 31 වැනිදා ආරම්භ වූ දේශීය වාර්තාවලට අනුව, කොළඹ වරායේ බහාලුම් දෙකකින් සැකසුණු අයිස් තොගයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් සොයා ගන්නා ලදී. එය තුවා තුළ සඟවා පාකිස්තානයෙන් ගෙන එන ලද බව පොලිසිය පැවසීය.

පොලිසිය උපුටා දක්වමින් ලියැවෙන දේශීය වාර්තාවලට අනුව මෙහෙයුම ක්‍රියාත්මක වූයේ අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව බහාලුම් පරීක්ෂා කළ අතර ශ්‍රී ලංකා රේගුවේ සහය ලැබුණි. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මාධ්‍යට පැවසුවේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 463ක් පමණ බවත් වීදි වටිනාකම රුපියල් බිලියන 8කට වැඩි බවත්ය. පකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු සහ දේශීය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවද ඔහු තහවුරු කළේය. ඔහු මෙය “තොරතුරක්” (tip-off) මත සිදුවූ බව ඔහු මාධ්‍යයට කීවේය.

බහාලුම ජූනි මාසයේ පාකිස්තානයෙන් තුවා නැවත අපනයනය කිරීමේ ආවරණයෙන් පැමිණි බවත් ඉලක්කය කැමරූන් බවත් පොලිසිය පැවසුවේය. එහි ප්‍රමාණය කිලෝග්‍රෑම් 471.2ක් ලෙස දක්වා තිබිණි. විමර්ශනය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව කරන බව එම වාර්තාවේ සඳහන් විය.

මෙම මුල් දේශීය වාර්තාවල එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය හෝ පාකිස්තාන මත්ද්‍රව්‍ය බලකාය ( ANF ) ගැන පැහැදිලි සඳහනක් නොතිබුණි. ඒ වෙලාවේ විමර්ශන භාර උදවිය උන්නේ ලකුණු දමා ගැනීමේ මෙහෙයුමකය. මේ කතාව ඔවුන් මාධ්‍යයට කීවේ නැත. එය පොලිස් ප්‍රධානියෙකුට ලැබුණු තොරතුරක් සහ CCIB මූලිකත්වයෙන් කළ මෙහෙයුමක් ලෙස රටට ඒත්තු ගැන්වූයේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කතාව: DEA සහ PNB ඒකාබද්ධ මෙහෙයුම

සැප්තැම්බර් 2 වැනිදා කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය X හි පණිවිඩයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය (DEA ) නවදිල්ලි කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාලයක් බිඳ දැමූ බවය.

ඔවුන් පැවසුවේ අගෝස්තු 14 සිට 29 දක්වා පාකිස්තානයෙන් කොළඹට එන සැකසුණු බහාලුම් පිළිබඳ බුද්ධි තොරතුරු මත මෙහෙයුම සිදුවූ බවත්, තුවා තුළ සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් 463ක් පමණ (ඩොලර් මිලියන 21ක වටිනාකම) අත්අඩංගුවට ගත් බවත්ය. ජාලය ශ්‍රී ලංකාව හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට යැවීමට සැලසුම් කර තිබූ බව ඔවුන් කීවේය. AFP, Reuters සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය මෙම තානාපති ප්‍රකාශය සහ පොලිසියේ ප්‍රකාශ එකට භාවිතා කළේය.

විශේෂත්වය වන්නේ ඇමරිකානු ප්‍රකාශයෙත් කිසිම අවස්ථාව පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්ධන බලකායේ බුද්ධි තොරතුරක් හෝ ඔවුන්ගේ දායකත්වයක් පිළිබඳ වචනයක්වත් සඳහන් නොවීමය.

පාකිස්තාන ANF සහ BBC කතාව: ඇෆ්ගන් ජාලය සහ කරච්චි මුල් අත්අඩංගුව

සැප්තැම්බර් 4 වැනිදා පාකිස්තාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය (ANF) නිවේදනයක් නිකුත් කළේය. එය BBC සිංහල ලිපියේ ප්‍රධාන පදනමය.

පාකිස්තාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය ( ANF ) පැවසුවේ 2026 ජූලි මාසයේ කරච්චි වරායේ බහාලුමකින් අයිස් කිලෝග්‍රෑම් 200ක් සොයාගෙන ඇෆ්ගන් ජාතික එහ්සානුල්ලා (ජාලයේ නායකයා ලෙස ඔවුන් හඳුන්වයි) ඇතුළු පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවය.

එම විමර්ශනයෙන් ලැබුණු තොරතුරු එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය DEA සහ ශ්‍රී ලංකා බලධාරීන් සමග හුවමාරු කළ බවත්, එම නිසා කොළඹදී තවත් කිලෝග්‍රෑම් 471ක් සොයාගත් බවත්ය.

මේ මෙහෙයුමේ දි මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 671ක් ලෙස ඔවුන් ගණන් කළහ. ජාලය ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී පාකිස්තානය හරහා ගෝලීය වෙළෙඳපොළට යන එකක් ලෙස ඔවුන් විස්තර කළහ. පාකිස්තාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය ( ANF ) තමන්ට මූලික බුද්ධි කාර්යභාරයක් තිබූ බව අවධාරණය කළේය.

මෙය දේශීය හා ඇමෙරිකානු කතාවලින් වෙනස් වේ. දේශීය කතාවේ දී තොරතුරු කරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පදනම්ව මෙහෙයුම සිදුකර ඇත. එක්සත් ජනපද කතාවේ කියන්නේ පකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලයක් ගැනය. පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්ධන බලකායට අනුව මෙම ජාලය ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් එකකි.

කතා තුනේ වෙනස....

1. මූලික ආයතනය කවුද?

දේශීය මුල් වාර්තා: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙහෙයුමේ මූලිකයාය. මෙහෙයුම සිද්ධ වන්නේ අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මතය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ රේගුවේ සහය ලැබුණු බවට පසුව කතාවට එක් විය. මුල් වාර්තාවල දැක්වුනේ මේ තොරතුර රේගුවට හෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටවත් හෙළි නොකර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණ නියෝග ලබාගෙන සිදුකළ බවත් අවසාන මෙහොතේ රේගුවේ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහයෝගය ලබා ගත් බවත්ය.

ඇමෙරිකානු ප්‍රකාශය:  එම ප්‍රකාශයේ සඳහන් වන්නේ එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය (DEA ) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගය කොළඹ වාරායේ දී අත් අඩංගුවට පත් වූ අයුරුය. .

පාකිස්තාන ANF: තමන්ගේ කරාචි මෙහෙයුමෙන් පසු තොරතුරු බෙදාගැනීම සහ ජාලය අනාවරණය කරගත් ආකාරය සම්බන්ධව පාකිස්තාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය මේ වනවිට දීර්ඝ විස්තරයක් සිදුකර තිබේ.

2. තොරතුරුවල මූලාශ්‍රය

දේශීය වාර්තා අනුව පොලිස් ප්‍රධානියෙකුට ලැබුණු පුද්ගලික/මෙහෙයුම් තොරතුරකි. ඇමෙරිකානු ප්‍රකාශයට අනුව අගෝස්තු 14–29 අතර එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය ( DEA ) විසින් සංවර්ධනය කළ බුද්ධි තොරතුරකි. පාකිස්තාන මත්ද්‍රව්‍ය මර්ධන බලකාය සමග සම්බන්ධයක් ඇමෙරිකානු ප්‍රකාශයේම සඳහන් වේ. පකිථාන මත්ද්‍රව්‍ය මර්ධන බලකාය පැහැදිලිවම අනාවරණය කරනේනේ පසුගිය ජූලි මාසයේ කරච්චි අත්අඩංගුවෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් මේ තොරතුරු අනාවරණය වූ බවය.

එමෙන්ම දේශීය මූලාශ්‍ර සහ ඇමරිකා එක්සත් ජනපද තොරතුරු අනාවරණයන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය ජාලය පකිස්ථානය මුල්ව සිදුවන්නකි. නමුත් පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්ධන බලකාය අනාවරණය කරන තොරතුරු අනුව ඇෆ්ගනිස්ථාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මුල් කරගෙන ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ජාලයකි. පකිස්ථානය එම ජාලයේ සංක්‍රමණික මාර්ගයක් පමණි.

මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රශ්න

වරායක මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී සාමාන්‍යයෙන් රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මූලික කාර්යභාරයක් ඉටු කරයි. මෙහිදී මුල් පියවර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ගත් බව දේශීය වාර්තා පෙන්වයි. එයින් අදහස් වන්නේ අපරාධ විමර්ශන ආයතනයකට තොරතුරු ලැබී, ඉන්පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රේගුව එකතු වූ බවය.

එය වැරදි නොවේ. නමුත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් තිබේ නම්, ආරම්භයේදීම ඒ ගැන පැහැදිලි නොකිරීමෙන් පසුව විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න ඇති වේ. එක් ආයතනයක් “තමන්ගේ මෙහෙයුම” ලෙසත් තවත් ආයතනයක් “ඒකාබද්ධ මෙහෙයුම” ලෙසත් කියන විට, තොරතුරු ගලා ඒමේ මාර්ගය සහ අභ්‍යන්තර සම්බන්ධීකරණය කෙතරම් සම්පූර්ණද යන්න පිළිබඳව සමාජය ඉදිරියේ ගැටලුවක් ඇතිවන බව කිව යුතුය.

ශ්‍රී ලංකාව ගෝල්ඩන් ක්‍රෙසන්ට් (ඇෆ්ගනිස්ථානය–පාකිස්තානය–ඉරානය) මත්ද්‍රව්‍ය මාර්ගයේ සංක්‍රමණ රටක් බව බලධාරීන්ම පිළිගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කියා ඇත්තේ බොහෝ මත්ද්‍රව්‍ය ඇෆ්ගනිස්ථානයෙන් හා පාකිස්තානයෙන් මුහුදින් එන බවය. මෙම සිද්ධිය එම රටාවට ගැළපේ. නමුත් සංක්‍රමණ බහාලුම්වලදී කවුරුන් පළමුව තොරතුරු ලබාගන්නේද, රේගු පැතිකඩකරණය කෙතරම් ස්වාධීනද යන්න තවම විවෘත ප්‍රශ්නයකි.

පොලිසිය උපුටා දක්වමින් සිදුකළ දේශීය මාධ්‍ය වාර්තාකරණය, එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය මර්ධන පරිපාලනය සහ පකිස්ථාන මත්ද්‍රවය මර්ධන බලකාය යන අංශ තුනෙන් මහජනයාට ලැබුණු තොරතුරු අදියරෙන් අදියර වෙනස් වුනේය. අප විශ්වාස කරන්නේ මෙය “සාර්ථක අත්අඩංගුවක්” පමණක් නොව, බහුජාතික බුද්ධි හුවමාරුවක් සහ දේශීය ආයතන අතර වගකීම් බෙදීම පිළිබඳවත් විවෘතව සාකච්ඡා කළ යුතු සිද්ධියක් බවය. මේ මෙහෙයුමේ වටිනාකම වැඩි වන්නේ එම සන්දර්භය තුළ විනා පුද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලද තොරතුරක් මත කාටත් හොරෙන් සිදුකළ මාර මෙහෙයුමක් වැනි අතාර්කික කතා සමාජ ගත කිරීමෙන් නොවේ.

මක් නිසාද යත් එවැනි කතාවලට සුමානයකවත් පැවැත්මක් නැති නිසාය. එවැනි තත්ත්වයන් තුළ හෑල්ලු වන්නේ විමර්ශකයින්ගේ වෘත්තීය බරය. කුමක් නිසා ද යත් ඇතැම් මෝඩ චූන් නිසා අතිශය ඵලදායී වුවත් සමස්ථ විමර්ශන ක්‍රියාවලියක්ම විහිලුවක් විය හැකි බැවිනි.