LSN News › Sri Lanka

කොළඹ–මහනුවර දුම්රිය සේවාව ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට සූදානම්!

දිට්වා සුළි කුණාටුවෙන් කොළඹ–බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ ස්ථාන 223කට පමණ නායයෑම් හා පස් ඛාදනයෙන් හානි සිදුවිය. ඉන් බරපතලම විනාශය සිදුවූයේ රඹුක්කන–කඩුගන්නාව කොටසටය. ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතියට හේතු වී ඇත්තේ එම කටයුතුවල නිරත වූ දුම්රිය සේවකයන්ගේ කැපවීම බව ද ප්‍රධාන ඉංජිනේරුවරයා අවධාරණය කළේය.

LSN Sri Lanka · 5 September 2026

කොළඹ–මහනුවර දුම්රිය සේවාව ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට සූදානම්!

කොළඹ කොටුව සහ මහනුවර අතර පේරාදෙණිය හරහා ධාවනය වන දුම්රිය සේවාව ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දිගල පවසයි.

රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට ආසන්න වී ඇති බැවින්, එම මාර්ගය ඔස්සේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මෙතෙක් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතියට හේතු වී ඇත්තේ එම කටයුතුවල නිරත වූ දුම්රිය සේවකයන්ගේ කැපවීම බව ද ප්‍රධාන ඉංජිනේරුවරයා අවධාරණය කළේය. ඉතිරි වැඩකටයුතු නිමවීමත් සමඟ කොළඹ සහ මහනුවර අතර දුම්රිය සේවාව ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට මග පෑදෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් කොළඹ–බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ ස්ථාන 223කට පමණ නායයෑම් හා පස් ඛාදනයෙන් හානි සිදුවිය. ඉන් බරපතලම විනාශය සිදුවූයේ රඹුක්කන–කඩුගන්නාව කොටසටය. විශේෂයෙන් බලන–කඩුගන්නාව අතර මාර්ගය කොටස් හයකදී සම්පූර්ණයෙන්ම බිඳී ගිය අතර, ප්‍රතිසංස්කරණයට ඉතිරි වූ බරපතලම ස්ථාන පහ ද එම කොටසේම විය. එම හේතුවෙන් කොළඹ සිට මහනුවරට සෘජු දුම්රිය සේවාව මාස ගණනක් බාධාවට ලක්ව තිබුණි.

දිගු කාලයක් තිස්සේ කොළඹ පැත්තෙන් දුම්රිය ධාවනය රඹුක්කන දක්වා පමණක් සීමා වී තිබූ අතර, එම කොටසේ ඉතිරි අලුත්වැඩියාවන් අවසන් වීමත් සමඟ පේරාදෙණිය හරහා මහනුවරට සෘජු සේවාව යථා තත්ත්වයට පත්වීමට නියමිතය.