LSN News › Sri Lanka

බිග් මැච්වල - ආදි ශිෂ්‍ය හමුවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය තහනම්: පාසල් ලාංඡනය යටතේ පැවැත්වෙන ඕනෑම උත්සවයක් දැන් පාසල් උත්සවයක් බව අද්‍යාපන අමාත්‍යාංශය කියයි!

පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන උත්සවය පාසලේ උත්සවයක් බවත්, එවැනි උත්සවයකදී කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

LSN Sri Lanka · 5 September 2026

බිග් මැච්වල - ආදි ශිෂ්‍ය හමුවල  මත්පැන් සහ මත්ද්‍රව්‍ය තහනම්: පාසල් ලාංඡනය යටතේ පැවැත්වෙන ඕනෑම උත්සවයක් දැන් පාසල් උත්සවයක් බව අද්‍යාපන අමාත්‍යාංශය කියයි!

ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වෙත යොමු වන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා මත, පාසල් ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන ඕනෑම වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එලෙස භාවිත කෙරෙන උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරෙන 2026/10 දරන චක්‍රලේඛය මගින් මෙම තීරණය ක්‍රියාත්මක කර තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක ප්‍රකාශ කළේය.

බිග් මැච් යනු පාසල් උත්සවයකි

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ පාසල් ලාංඡනය සහිතව පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් දැන් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බවයි. එබැවින් මින් ඉදිරියට එවැනි අවස්ථාවල මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වේ. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙසේ එය පැහැදිලි කළේය.

“විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා. ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මක වන මහ ක්‍රිකට් ගැටුම්වලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණා කියලා දෙමාපියන්ගෙන් චෝදනා තියෙනවා. ඒ නිසා අපි නිකුත් කරපු 2026/10 චක්‍රලේඛය මගින් පාසල නියෝජනය කරන, ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. එය දැඩිව අධීක්ෂණය කෙරෙනවා,” ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පැහැදිලි කළේ පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන උත්සවය පාසලේ උත්සවයක් බවත්, එවැනි උත්සවයකදී කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකළ යුතු බවත්ය.

“මත්ද්‍රව්‍ය ඇබ්බැහියන් සඳහා පෙළඹවීම් ඇත්තේ ද්විතියික ශ්‍රේණිවල දරුවන්. අපි කවුරුත් දන්නාව ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මකවන මහා ක්‍රිකට් ගැටුම්වලදි දෙමව්පියන්ගේ චෝදනා තිබෙනවා දරුවන් ඒ සම්බන්ධව යොමු වුනා කියලා.“

“ඒ නිසා අපි නිකුත් කරපු 2026/10 චක්‍රලේඛය මගින් පාසල නියෝජනය කරන, ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම යොදා ගැනිම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එය දැඩිව අධීක්ෂණය කෙරෙනවා.“

“ඒ නිසා මින් ඉදිරියට ඔබට ආදි ශිෂ්‍ය සංගම් ආදී විද්‍යාලයට සම්බන්ධ ආයතනවලටත් සාමාජිකයින්ටත් මතක් කරනවා. ඔබේ උත්සවය පාසලේ ලාංඡනය භාවිතා කරන උත්සවයක් නම් එය පාසලේ උත්සවයක්. ඒ නිසා පාසලේ ලාංඡනයය භාවිතා කරමින් ඒ යටතේ පවත්වන කිසිම උත්සවයකට මත් පැන් හෝ කිසිම ආකරයකට මත් වීමේ ද්‍රව්‍යයයක් භාවිත නොකළ යුතු බව.“

“එම චක්‍රලේඛය අනුව ඒ අවස්ථාවේ දී අධ්‍යාපන ලේකම්තුමාට බලය තියනවා අදාල උත්සවය තහනම් කිරීමට. අප බලාපොරොත්තු වෙනවා නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව අපේ රටේ අධ්‍යාපන විවිධත්වයට ගැලපෙන නිශ්චිත විෂය නිර්දේශයක් විදුහල්පතිවරුන්ට ගුරු භවතුන්ට හඳුන්වා දිලා මෙය ඔබේ පාසලේ අනුගමනය කළ යුතු ආකාරය ගැන දැනුම්වත් කරනු ඇති. “

පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන උත්සවය පාසලේ උත්සවයක්. එහෙම උත්වසයක දී කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකළ යුතුයි. ඒ චක්‍රලේඛය අනුව එම අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්තුමාට බලය තිබෙනවා, එම උත්සවය තහනම් කිරීමට."

අවදානම් පාසල් 50ක නියමු වැඩසටහනක්

අධ්‍යාපන අමාත්‍යාංශය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තාක්ෂණික දායකත්වය සමඟ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය තර්ජනය වඩාත් අධික ප්‍රදේශවල පාසල් 50ක් තෝරාගෙන, එම පාසල්වල දරුවන් සඳහා ජාත්‍යාන්තර ප්‍රමිතින්ගෙන් යුත් මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමේ නියමු ව්‍යාපෘතියක් සංවිධානය කරමින් සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක පැවසුවේය. එහි පළමු වැඩසටහන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විජයබා විද්‍යාලයේදී සැප්තැම්බර් 16 වැනිදා නියමු වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බවත් එම වැඩසටහනෙන් ලැබෙන අත්දැකීම්, තොරතුරු සහ දරුවන්ගේ ප්‍රතිචාර මත නැවත සකස් කර, 2027 වසරේදී මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමේ පෞරුෂය සහිත ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තුවන බවත් හෙතෙම පැවසුවේය.

ශක්තිමත් පෞරුෂයකින් අවදානමෙන් බේරා ගැනීම

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට අනුව නියමු වැඩසටහන යටතේ සන්නිවේදනය, තර්කානුකූල චින්තන ය, නිර්මාණශීලිත්වය සහ සමස්ත පෞරුෂය යන තේමාවන් හතර යටතේ දරුවන් පුහුණු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, තමන් මත්ද්‍රව්‍ය අවදානම් සහිත ප්‍රදේශයක වාසය කළත්, පවුලේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් අතර සිටියත්, එවැනි පවුල් පරිසරයක ජීවත් වුවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී සිටීමේ ශක්තිය සහිත පුද්ගලයෙකු ලෙස දරුවා සූදානම් කිරීම අරමුණ බව ඔහු පවසයි. මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ දැනට මත්ද්‍රව්‍යවලට ගොදුරු වී නැති, නමුත් අනාගතයේ ගොදුරු වීමේ අවදානමක් තිබෙන දරු පරපුරක් බේරා ගැනීමට බව නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක අවධාරණය කළේය.