එල් නිනෝව අතර ෆැසිපික් සාගරයේ එක්වරම ඇතිවුන සුළි කුණාටු තුන...
2026 සැප්තැම්බර් මුලදී නැගෙනහිර හා මධ්‍යම උතුරු පැසිෆික් සාගරයේ එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වූ අතර NASA DSCOVR චන්ද්‍රිකාව මගින් මෙම දුර්ලභ දර්ශනය එකම ඡායාරූපයකට සටහන් කරගෙන තිබුණි.
LSN Sri Lanka ·

ලෝක කාලගුණ ආයතනය (WMO) සහ ඇමෙරිකා එක්සත් ජනපද NOAA ආයතනයේ 2026 සැප්තැම්බර් මුල් සතියේ නිල වාර්තා අනුව, පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය මේ වන විට ඉතා ශක්තිමත්ව ගොඩනැගෙමින් ය. එය ඉතිහාසයේ වාර්තාගත “ඉතා ශක්තිමත්” (very strong) එල්නිනෝ සංසිද්ධියක් බවට පත්වීමේ සම්භාවිතාව 90%කටත් වඩා වැඩි වී තිබේ.

මෙය සාමාන්‍ය මට්ටමේ එල්නිනෝ තත්ත්වයක් නොවන අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෙය හඳුන්වා දුන්නේ “අපේ ඇස් ඉදිරියේම අධික ලෙස විශාල වන එල්නිනෝවක්” ලෙසයි. ලෝක කාලගුණ ආයනයේ ( WMO ) ප්‍රධානී සෙලෙස්ටේ සෞලෝ පෙන්වා දෙන්නේ මෙම ගමන් මග ඉදිරියට ගියහොත්, කාලගුණ නිරීක්ෂණ ආරම්භයෙන් පසුව මේ තාක් වාර්තා වූ ඕනෑම එල්නිනෝ තත්ත්වයකට වඩා මෙය ප්‍රබල විය හැකි බවය.

දැනට පැසිෆික් සාගරයේ පවතින තත්ත්වය

එල්නිනෝ යනු මධ්‍යම හා නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යාමේ සංසිද්ධියයි. එම උණුසුම් ජලය හේතුවෙන් වායුගෝලීය සංසරණය වෙනස් වී, පෘථිවියේ එක් පසෙක දැඩි නියඟයක් සහ තවත් පසෙක අධික වර්ෂාව සහිත ගංවතුර තත්ත්වයන් ද නිර්මාණය කරයි.

2026 අගෝස්තු 26 වැනිදාට කේන්ද්‍රගත වූ සතිපතා Niño 3.4 දර්ශකය +2.6°C පමණ විය. නැගෙනහිර පැසිෆික් ගැඹුරු ජලයේ උෂ්ණත්ව විෂමතා සමහර ස්ථානවල 6–10°C දක්වා ඉහළ ගොස් තිබිණි. දකුණු දෝලන දර්ශකය (SOI) ජූලි මාසයේදී −3.6 දක්වා පහත වැටුණු අතර, එය 1876 වසරෙන් පසුව වාර්තා වූ අවම අගය ලෙස සටහන් වේ.

ලෝක කාලගුණ ආයතනය ( WMO ) දත්තවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය 2027 පෙබරවාරි දක්වා පැවතීමේ සම්භාවිතාව 100%කට ආසන්න අතර, එහි උච්චතම අවස්ථාව 2026 වසර අවසානයේදී බලාපොරොත්තු විය හැකිය.

එකවර ක්‍රියාත්මක වූ සුළි කුණාටු තුන

2026 සැප්තැම්බර් මුලදී නැගෙනහිර හා මධ්‍යම උතුරු පැසිෆික් සාගරයේ එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වූ අතර NASA DSCOVR චන්ද්‍රිකාව මගින් මෙම දුර්ලභ දර්ශනය එකම ඡායාරූපයකට සටහන් කරගෙන තිබුණි. මෙය වසර 11කට පසු එම කලාපයේ එකවර කුණාටු තුනක් දිස්වූ ප්‍රථම අවස්ථාවයි.

සැප්තැම්බර් 5 වන විට පැවති තත්ත්වය අනුව, කාණ්ඩ 4–5 මට්ටමට ළඟා වූ ප්‍රධාන කුණාටුව වන 'ලෝවෙල්' (Lowell) හවායි දූපත් දෙසට හැරෙමින් පැවති අතර, කාණ්ඩ 4 දක්වා ශක්තිමත් වූ 'කරීනා' (Karina) කුණාටුව ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතුණි. එසේම 'මාරී' (Marie) කුණාටුව බාහා කැලිෆෝනියාවට නිරිත දෙසින් කාණ්ඩ 1–2 මට්ටමේ පැවැතුණි.

එල්නිනෝ තත්ත්වය මගින් නැගෙනහිර පැසිෆික් කලාපයට සුළි කුණාටු ඇතිවීම සඳහා වාසිදායක පරිසරයක් සපයන නමුත්, අත්ලාන්තික් සාගරයේ කුණාටු ක්‍රියාකාරිත්වය අවම කිරීමට එය හේතු වේ.

ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම

මෙම කුණාටු තුන නැගෙනහිර සහ මධ්‍යම උතුරු පැසිෆික් කලාපයේ පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාවට ඉන් සෘජු තර්ජනයක් නැත. ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් බලපෑම් එල්ල වන්නේ බටහිර පැසිෆික් හෝ බෙංගාල බොක්කෙන් උපදින කුණාටු මගිනි. එහෙත් එල්නිනෝ හේතුවෙන් ඉන්දියානු සාගරයේ සුළං රටා වෙනස් වීම හරහා වක්‍ර බලපෑම් ඇතිවිය හැකිය.

එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් මුහුණ දීමට සිදු වන්නේ නිරිතදිග මෝසම දුර්වල වීම සහ වියළි කාලගුණ තත්ත්වයයි. සැප්තැම්බර් 5 වන විට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 7ක ජනතාව 115,000කට වඩා වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවය. මොණරාගල, බදුල්ල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වැඩි බලපෑමක් එල්ල වී ඇත.

කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයට අනුව හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වී සහ ඉරිඟු ඇතුළු බෝග අක්කර 8,000–8,500ක් පමණ හානියට පත්ව තිබේ. පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉදිරි ඊසානදිග මෝසම් කාලසීමාවේදී (දෙසැම්බර්–පෙබරවාරි) වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු විය හැකි බැවින්, ජල කළමනාකරණය, විදුලි බල උත්පාදනය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ව සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය වන බවය.