LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

අමිහිරි අත්දැකීම් සමග ඉන්දියාව වාර්තාගත ජයක....

මේ පකිස්තාන ඉන්දියා තරගයත් ක්‍රීඩාව පැත්තෙන් අත් කරගත් කිසිවක් නැත. කණ්ඩායම් දෙකේ නායිකාවන් දෙදෙනා අතට අත දීම තබා ඇස් ගැටීමත් මග හැර ගිය ආකාරය පෙනුණි.

LSN Sri Lanka · 5 September 2026

අමිහිරි අත්දැකීම් සමග ඉන්දියාව වාර්තාගත ජයක....

කාන්තාව විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලියේ පකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අද පැවති තරගය අවසානය. ඒ විස්සයි 20 අන්තර්ජාතික තරගයක දී පකිස්ථාන කාන්තා කණ්ඩායම අත් කරගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව සමගය.

පකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දු ඕවර 18.1 තුළදී සියල්ලන්ම දැවී යන්නේ ලකුණු 55කට ය. ඉන්දිය කාන්තා කණ්ඩායම ලකුණු 55 ඉක්මවා යන්නේ පන්දු ඕවර 8.4ක් තුළ දී ය. ඉන්දියා පකිස්ථාන කාන්තා විස්සයි 20 තරග ඉතිහාසයේ කණ්ඩායම් දෙකම එක්ව වාර්තා කල අඩුම ලකුණු සංඛ්‍යාව මෙයය. කණ්ඩායම් දෙකම රැස් කර තිබුණේ ලකුණු 112කි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (සැප්තැම්බර් 5) රාත්‍රී පැවති 2026 කාන්තා ආසියා කුසලානයේ A කාණ්ඩයේ 9 වැනි තරගය වූ පකිස්තාන ඉන්දියා තරගය ක්‍රීඩාව පැත්තෙන් අත් කරගත් කිසිවක් නැත. කණ්ඩායම් දෙකේ නායිකාවන් දෙදෙනා අතට අත දීම තබා ඇස් ගැටීමත් මග හැර ගිය ආකාරය පෙනුණි. ඒ අවස්ථාව ක්‍රීඩාවේ ජීව ගුණය අපේක්ෂා කරන උසස් රසිකත්වයක් සහිත ක්‍රිකට් ලෝලීන්ට තරගය ඇරඹුමේ දීම අප්‍රසන්න එකක් කළේය. පහල්ගම් යුද ගැටුමේ වෛරය ක්‍රිඩාව හරහා තවමත් මේ මිනිස්සු යාවත්කාලීන කරමින් සිටිති.

තරග විස්තරය.

කාසියේ වාසිය දිනුවේ පකිස්ථාන කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ.

ආරම්භක පිතිකාරණියන් වූ මුනීබා අලි (13) සහ ශවාල් සුල්ෆිකාර් (14) පළමු කඩුල්ලට ලකුණු 27ක් එකතු කරගත් නමුත්, ඉන්පසුව ඉන්දියානු දඟ පන්දු යැවීම හමුවේ සමස්ථ පකිස්ථාන ඉනිමම බිඳ වැටුණි. පාකිස්ථානය ඕවර 18.1කදී සියලු දෙනා දැවී ලකුණු 55කට සීමා විය. මෙය පාකිස්තාන කාන්තා කණ්ඩායමේ T20 ජාත්‍යන්තර ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවය. මීට පෙර වාර්තාව 2012 ආසියා කුසලානයේදී ගුවැන්ෂෝහිදී ඉන්දියාවට එරෙහිව ලබාගත් 63යි.

වමත් දඟ පන්දු යවන ශ්‍රී චරණි පන්දු ඕවර 4ක් යවා ලකුණු 7ට කඩුලු 3ක් ද, යොවුන් පා දඟ පන්දු යවන ප්‍රේමා රාවත් පන්දු ඕවර 4ක් යවා ලකුණු 9ට කඩුලු 3ක් ද දවාගත්හ. දීප්ති ශර්මා පන්දු ඕවර 3.1ක් යවා ලකුණු 5ට කඩුලු 2ක් ද, ශෆාලි වර්මා කඩුල්ලක් ද ලබා ගත්හ.

ඉන්දියානු පන්දු යවන්නියන් ඕවර 18.1 තුළ එනම් පන්දු 109ක් නිලකුණු පන්දු 78ක් යැවූහ. එනම් මුහුණ දුන් පන්දුවලින් ඔවුන් ලකුණු ලබාගෙන අත්තේ පන්දු 31ක දී පමණි. නායිකා ෆාතිමා සනා ඇතුළු පාකිස්තාන පිතිකරුවන් බොහෝ දෙනෙක් ලකුණු 10ට අඩුවෙන් දැවී ගියහ.

ඉන්දියානු ඉනිම

ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඕවර 8.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 57ක් රැස් කර ජයග්‍රහණය කළේය. පන්දු 68ක් ඉතිරිව තිබියදී තරගය අවසන් විය. ශෆාලි වර්මා (12), ස්මෘති මන්ධානා (9) සහ ප්‍රතිකා රාවල් (4) ඉක්මනින් දැවී ගියද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 18ක් සහ දීප්ති ශර්මා නොදැවී 12ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළහ. පාකිස්තාන නායිකා ෆාතිමා සනා ඕවර 3ක් යවා ලකුණු 17ට කඩුලු 3ක් දවාගත්තේය.

මෙම තරගයේදී හර්මන්ප්‍රීත් කෞර් T20 ජාත්‍යන්තර තරග 150කට නායකත්වය දුන් පළමු ජාත්‍යන්තර නායිකාව බවට පත්විය. ඉන්දියාව කාණ්ඩ අදියරේ තරග තුනම ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ. පාකිස්තානයට අර්ධ අවසන් පූර්ව වටයට යාමට සඳුදා හොංකොං චීනයට එරෙහි තරගය ජයගත යුතුය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (ඉරිදා, සැප්තැම්බර් 6) නැවත තරග වදී.

චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම අද බංගලාදේශය සමග තරග වැදීමට නියමිතය. කාන්තා ආසියා කුසලානය 2026 – B කාණ්ඩය, 10 වැනි තරගය ලෙස මෙම තරගය ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ඩුබායි වේලාවෙන් රාත්‍රී 6.30 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 තරය ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙතෙක් තරග දෙකම ජයගෙන ඇත (UAE සහ ඉන්දුනීසියාවට එරෙහිව). මෙය කාණ්ඩ අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගයය. අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට ගමන් කිරිම සඳහා මේ තරගය ශ්‍රී ලංකාව ජය ගත යුතුය.

අර්ධ අවසන් පූර්ව තරග සැප්තැම්බර් 10 සහ 11 දිනවලය. අවසන් මහා තරගය සැප්තැම්බර් 13ය.