LSN News › Sri Lanka

ඩයමන්ඩ් ලීග් ශූරයා ඔහුයි... අපේ කොල්ලා ලෝකයේ එක... ඔහුට ඉදිරියෙන් කිසිවෙක් නැත!

2025 ටෝකියෝ ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික පිරිමි හෙල්ල විසි කරන්නා ඔහුය. එහිදී හත්වැනි ස්ථානය ලැබීය. දැන් ඔහු ලෝක අංක එකේ ක්‍රීඩකයා ය. ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරග ශූරයා ය.

LSN Sri Lanka · 6 September 2026

ඩයමන්ඩ් ලීග් ශූරයා ඔහුයි... අපේ කොල්ලා ලෝකයේ එක... ඔහුට ඉදිරියෙන් කිසිවෙක් නැත!

ලෝකයම අපේ එකාට පසුපසිනි. කිසිවෙක් ඔහුට ඉදිරියෙන් නැත. කිසිදාක පොදු ශ්‍රී ලාංකිකයා මේ වැනි අසිරියක් ගැන කල්පනා කළේ නැත. ඉතිහාසයේ පළමු වරට බෙල්ජියමේ බ්‍රසල්ස්හි කිං බෝඩූවින් ක්‍රීඩාංගණයේ පැවති 2026 වැන්ඩා ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක විසි කිරීමකින් සමස්ථ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ශූරයා බවට පත් වී තිබේ.

මෙය ලෝක අංක එකේ ක්‍රීඩකයා ලෙස තරගාවලියට එක්වූ ශ්‍රි ලංකාවේ බලාපොරොත්තුව ඇත්තක් කළ 23 හැවිරිදි යෞවනයාගේ ක්‍රී පළමු ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරග ජයග්‍රහණය ය. මින් පෙර කිසිම දවසක ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක ශ්‍රී ලාංකිකයෙකු ජයග්‍රහණය කර නැත. රුමේෂ් තරංග ඉතිහාසය ලියන්නට පටන් ගෙන ඇත්තේ එසේය.

රුමේෂ් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පැවසුවේ මෙසේය.

“මම ඒ ගැන ඇත්තටම ඉතාම සතුටුයි. ශ්‍රී ලංකාව වගේ කුඩා රටකින් එන කෙනෙකුට මේ වගේ විශාල තරගයක් දිනාගන්න පුළුවන් වීම විශේෂයි.” ලංකාව කුඩා නැති බව මේ විශිෂ්ටයා දැන් ලෝකයට පෙන්වා ඇත.

තරගයේ විස්තරය -

සෙනසුරාදා සවස පැවති තරගයේ ආරම්භය රුමේෂ්ට යහපත් වූයේ නැත. එය ඔහුගේ මේ වසරේ සාමාන්‍ය මට්ටමට වඩා දුර්වල විය. පළමු විසි කිරීම මීටර් 80.42ක් වූ අතර දෙවැන්න මීටර් 79.73කි. එම අවස්ථාවේ පෙරමුණ ගත්තේ ට්‍රිනිඩෑඩ් ටොබැගෝවේ හිටපු ඔලිම්පික් ශූර කෙෂෝන් වෝල්කොට්ය. ඔහු පළමු වටයේදීම මීටර් 83.99ක් විසි කළේය.

තෙවැනි වටයේදී පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර් පුද්ගලික වාර්තාවක් වූ මීටර් 87.47ක් විසි කරමින් පෙරමුණට පැමිණියේය. එම වටයේම පසුව රුමේෂ් මීටර් 89.04ක විශාල විසි කිරීමක් කරමින් නැවත පෙරමුණ ගත්තේය. එම විසි කිරීම අවසානයේ තීරණාත්මක විය.

ඉන්පසු රුමේෂ් සිව්වැනි හා පස්වැනි විසි කිරීම්වලින් පිළිවෙළින් මීටර් 85.96ක් හා 85.76ක් ලබා ගත්තේය. අවසන් විසි කිරීම අවලංගු විය. වෙග්නර්ට තම තෙවැනි වටයේ දුර ඉක්මවා යාමට නොහැකි වූ අතර රුමේෂ් මීටර් 1.57ක වෙනසකින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

රුමේෂ් පැවසුවේ කාලගුණය දුෂ්කර වූ බවයි.

“අද විශාල විසි කිරීමක් කරන්න මට බැරි වුණා. කාලගුණය තරමක් අපහසුයි. ඉතාම සීතලයි. ඒ නිසා විශාල දුරක් යන්න බැරි වුණා.” ඔහු කියා තිබුණේය.

වෝල්කොට් තුන්වැනි ස්ථානය රැකගත්තේ ග්‍රෙ දෙවරක් ලෝක ශූරයා වූ ග්‍රෙනෙඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් පස්වැනි වටයේදී මීටර් 83.70ක් විසි කළද සෙන්ටිමීටර් 29ක වෙනසකිනි. කෙන්යාවේ හිටපු ලෝක ශූර ජුලියස් යෙගෝ පස්වැන්නා විය.

ඉන්දියාවේ නීරජ් චෝප්‍රා ආබාධයක් හේතුවෙන් මෙම අවසන් මහා තරගයට සහභාගී නොවීය. ලෝසාන් තරගයෙන් පසු පුහුණුවේදී වූ පාදයේ බන්ධනී ඉරිතැලීමක් හේතුවෙන් ඔහු මේ වාරයේ ඉතිරි තරගවලින් ඉවත් විය.

| 1 | රුමේෂ් තරංග පතිරගේ | ශ්‍රී ලංකාව | මීටර් 89.04 |

| 2 | ඩාවිඩ් වෙග්නර් | පෝලන්තය | මීටර් 87.47 (පුද්ගලික වාර්තාව) |

| 3 | කෙෂෝන් වෝල්කොට් | ට්‍රිනිඩෑඩ් ටොබැගෝ | මීටර් 83.99 (වාරයේ හොඳම) |

| 4 | ඇන්ඩර්සන් පීටර්ස් | ග්‍රෙනේඩා | මීටර් 83.70 |

| 5 | ජුලියස් යෙගෝ | කෙන්යාව | මීටර් 76.79 |

| 6 | ටිමති හර්මන් | බෙල්ජියම | මීටර් 71.79 |

| 7 | කර්ටිස් තොම්සන් | ඇමෙරිකා එක්සත් ජනපදය | මීටර් 69.52 |

2026 වාරයේ ආධිපත්‍යය

මෙම ජයග්‍රහණය රුමේෂ්ගේ ලෝකයක් මවිත කළ 2026 වාරයේ තවත් විශිෂ්ඨ ජයග්‍රහණයකි.

ජූනි 4 වැනිදා රෝමයේදී ලෝකයේ මේ වසරේ ඉහළම විසි කිරීම වූ මීටර් 92.62 (ශ්‍රී ලංකා ජාතික වාර්තාව)

සූරික්හිදී මීටර් 92.07

දෝහා වලදී මීටර් 88.68

ලෝසාන්හිදී මීටර් 88.14

ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම (මීටර් 89.75), එහිදී නීරජ් චෝප්‍රා පරදවා ගැනීම

ඔහු මේ වසරේ මීටර් 92 ඉක්මවා දෙවරක් විසි කළ එකම ක්‍රීඩකයා වන අතර පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක අංක එකේ ක්‍රීඩකයා ලෙස බ්‍රසල්ස් තරගයට එක්විය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉලක්කය පසෙකලා හෙල්ලයට...

රුමේෂ් තරංග පතිරගේ 2003 මාර්තු 21 වැනිදා කළුතරදී උපත ලැබීය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු මුලින් ක්‍රිකට් වේග පන්දු යවන්නෙකු විය. යොවුන් වියේදී පැයට කිලෝමීටර් 134ක වේගයක් සහතික කළ ඔහු ජාතික 18න් පහළ වේග පන්දු යවන්නන් අතරින් දෙවැනියා විය.

රුමේෂ්ගේ පියා කවපෙත්ත විසි කිරීමේ හා යගුලිය විසි කිරීමේ ක්‍රීඩකයෙකි. පියාගේ මගපෙන්වීමෙන් 2017දී හෙල්ල විසි කිරීමට පිවිසි රුමේෂ්ගේ පළමු විසි කිරීම මීටර් 30ක් පමණ විය. මාස දෙකකින් එය මීටර් 63 දක්වා ඉහළ ගියේය. කණ්ඩායම් ක්‍රීඩාවක පවතින දේශපාලනය හා තියුණු තරගකාරිත්වය හේතුවෙන් ක්‍රිකට්වලින් ඉවත් වී තනි පුද්ගල හැකියාවන් මත ගොඩනැගී සාර්ථක විය හැකි ක්‍රීඩාවක් වන හෙල්ල විසි කිරීම තෝරා ගත් බව ඔහු මීට පෙර ප්‍රකාශ කර ඇත.

2025 ටෝකියෝ ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික පිරිමි හෙල්ල විසි කරන්නා ඔහුය. එහිදී හත්වැනි ස්ථානය ලැබීය. දැන් ඔහු ලෝක අංක එකේ ක්‍රීඩකයා ය. ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරග ශූරයා ය.

මෙම ජයග්‍රහණය ආසියානු ක්‍රීඩා උළෙලට ආසන්නව ලැබෙන බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට විශේෂ වැදගත්කමක් ගනී. නීරජ් චෝප්‍රා ආබාධ හේතුවෙන් තරගයෙන් ඉවත් වී ඇති බැවින් ආසියානු ක්‍රීඩා උළෙලේදී පාකිස්තානයේ ඔලිම්පික් ශූර අර්ෂාද් නදීම් රුමේෂ්ගේ ප්‍රධාන තරගකරුවෙකු ලෙස සැලකේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athletics) නිල මෑතකාලීන දත්තවලට අනුව, ඔලිම්පික් රන් පදක්කම් ලාභී පකිස්තානයේ අර්ෂාද් නදීම් (Arshad Nadeem) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දැන් සිටින්නේ ලොව 10 වන ස්ථානයේ ය.

කොහොමත් අපේ රුමේෂ් ලෝකයේ අංක එකය. මුලින් කීවාක් සේ ඔහුට ඉදිරියෙන් කිසිවෙක් නැත. එවැනි ගමනක් අපි මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කිසිම ඉසව්වකින් මෙතෙක් පැමිණ නැත. මේ පුංචි රටේ පුංචි මිනිස්සුන්ට රුමේෂ් මහා බරසාර කතාවක් කියා ඇත. ඒ පුංචියට නොහිතන ලෙසය.