Sport · Sri Lanka Bureau
හර්ෂිතාගේ නොදැවුන ඉනිම නිසා ශ්‍රී ලංකා කාන්තා පිලට තියුණු ජයක්: අපරාජිතව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට!
හයවැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ හර්ෂිතා සමරවික්‍රම තත්ත්වය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා තැබුවාය. ඉතා සන්සුන්ව සහ උපක්‍රමශීලීව ඉනිම ගොඩනැඟූ ඇය පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස්කළාය.
LSN Sri Lanka ·

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ තීරණාත්මක තරගයෙන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පරදා කඩුලු 4ක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (06) සමත් විය.

ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේදී බංගලාදේශය සිය අඩු ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනිම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල ප්‍රතිරෝධය දරා ගනිමින් කළ සටන අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරගයේ පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චාමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ ආරම්භක පිතිකාරිනියන් වන ජුවෙයිරියා ෆර්දූස් (14) සහ දිලාරා අක්තර් (26) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවක් ගොඩනැඟූ නමුදු, සුගන්ධිකා කුමාරි සහ චමෝදි ප්‍රබෝධා ක්‍රියාත්මක කළ නිවැරදි පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ වේගය පාලනය විය.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ සෝභනා මෝස්තාරි පන්දු 41කදී ලකුණු 34ක් රැස්කළ අතර, චමුදි ප්‍රබෝධා යැවූ පන්දුවකට ඇය ගොදුරු වූවාය. කඩුල්ලෙන් පිටතට පැන පහරක් එල්ල කිරීමට යාමේදී ඇය මුලුමනින්ම පරාජය වී පන්දුව කඩුළු රකින ක්‍රීඩිකාව අතට පත් විය. ඇය කඩුල්ල බිඳ දැමුවාය.

මනරම් පන්දු යැවීමක නිරත වූ ප්‍රබෝධා ඕවර 4ක් තුළ ලකුණු 21කට කඩුලු 3ක් දවාගනිමින් බංගලාදේශ මැද පෙළ අක්‍රිය කළාය. ඊට අමතරව කවිෂා දිල්හාරි විසින් නිගාර් සුල්තානා පාදයේ ගැටීමේ වරදට (LBW) හසුකරගත් අතර, චාමරි අතපත්තු හමුවේ රිතු මෝනි ස්ටම්ප් කිරීමකට ලක්වූවාය.

අවසන් ඕවරවලදී ෆහිමා ඛාතුන් (14) වේගවත් ලකුණු කිහිපයක් රැස්කිරීම නිසා බංගලාදේශයට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස්කර ගැනීමට හැකි විය.

ලකුණු 115ක පිළිතුරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමට ආරම්භයේදීම දැඩි බාධා එල්ල විය. මරුෆා අක්තර් යැවූ පළමු ඕවරයේදීම නායිකා චාමරි අතපත්තු ලකුණු 1කට ස්ලිප් ක්‍රිඩිකාව වෙත උඩ පන්දු දී දැවී ගියාය. අනතුරුව පිටියට පිවිසි ඉමේෂා දුලානි, සංජනා කවින්දි, විශ්මි ගුණරත්න සහ කවිෂා දිල්හාරි ද ලකුණු පුවරුවට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට අපොහොසත් වීම නිසා ඕවර 9.3ක් අවසානයේ ශ්‍රී ලංකා පිල ලකුණු 44කට කඩුලු 5ක් වැටී දැඩි පීඩනයකට ලක්විය.

කෙසේ වෙතත්, හයවැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ හර්ෂිතා සමරවික්‍රම තත්ත්වය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා තැබුවාය. ඉතා සන්සුන්ව සහ උපක්‍රමශීලීව ඉනිම ගොඩනැඟූ ඇය පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස්කළාය.

ඇයට අනගි සහයක් දුන් නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් රැස්කළාය. ඉන්පසුව කඩුලු රකින ක්‍රීඩිකා කෞෂිනි නුත්‍යංගනා නොදැවී ලබා ගත් ලකුණු 11 සමඟ එක්වූ හර්ෂිතා ඕවර 19.2කදී කඩුලු 6ක් පමණක් දැවී තිබිය දී ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළාය. වි

ශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවාය.

බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මරුෆා අක්තර් ඕවර 4කදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගත්ත ද එය තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

මෙම ජයග්‍රහණයත් සමඟ B කාණ්ඩයේ ක්‍රීඩා කළ තරග 3ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය, ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

2024 වසරේ දඹුල්ලේදී ඉන්දියාව පරදා ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර තරගාවලියේදී ද සිය ශූරතාව ආරක්ෂා කරගැනීමේ අභිප්‍රායෙන් ප්‍රබල ගමනක් ආරම්භ කර ඇත. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගන්නා කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතය.