LSN News › Sri Lanka

පැරණි අනුරාධපුරයත් ගෝකණ්න වරායත් එක්කල මහකනදරා ගල් පාලම අනතුරේ... නාම පුවරුවත් කපා විනාශකර දමලා!

මෙම ගල් පාලම ඉතා ඉහල පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වුවද එම ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් කිසියම් පිරිසක් එම නාමපුරුවේ ගැල්වනයිස් බට කපා රැගෙනයාමට උත්සහ ගෙන ඇති අයුරු දැකගත හැකි විය.

LSN Sri Lanka · 7 September 2026

පැරණි අනුරාධපුරයත් ගෝකණ්න වරායත් එක්කල මහකනදරා ගල් පාලම අනතුරේ... නාම පුවරුවත් කපා විනාශකර දමලා!

ඉපැරණි ශ්‍රි ලාංකිකයන්ගේ මහා මාර්ග පාලම් ඉදිකිරීමේ තාක්ෂණය වර්තමාන ලෝකයට කියාපාන වසර 1700 පමණ පැරණි අනුරාධපුර මහකනදරාවේ ගල් පාලමට අයත් නාම පුවරුව කිසියම් පිරිසක් විසින් විනාශකර දමා තිබේ.

මහ කනදරා ඔය හරහා ඉදිකර තිබෙන මෙම ගල් පාලම ඉතා ඉහල පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වුවද එම ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් කිසියම් පිරිසක් එම නාමපුරුවේ ගැල්වනයිස් බට කපා රැගෙනයාමට උත්සහ ගෙන ඇති අයුරු අප එහි කළ සංචාරයේ දී දක්නට ලැබිණ.

මහකනදරා ගල් පාලම මහසෙන් රජු සමයේදී (ක්‍රි.ව.03 අවන් කාලය ) ඉදිකර තිබෙන බව පුරාවිද්‍යා විද්වතුන්ගේ මතය වන අතර එය අනුරාධපුරයත් පැරණි ගෝකන්න වරායත් අතර පැවති මාර්ගය මහකනදරා ඔයෙන් ඛණ්ඩනය නොවී යාකල විශිෂ්ඨ ඉදිකිරීමකි.

අනුරාධපුර රාජධානීය මෙම සැපයුම් මාරගය හේතුවෙන් ගෝකණ්න වරාය හරහා පිටත ලෝකයත් සමග සම්බන්ධව පැවති බවට තහවුරු කරන එක් අනුල්ලංඝනීය සාධකයක් වන්නේ මෙම ඉපැරණි ගල් පාලමය. මෙම පලම අඩියක පමණ විශ්කම්භයකින්ද අඩි පහක් පමණ දිගින් යුතු ගල් කුට්ටි අසුවක් පමණ යොදා කළ ඉදිකරීමකි.

පැරණි අනුරාධපුර රාජධානනිය දියුණු නගරයක්ව පිටත ලෝකය සහ සම්බන්ධව පැවති බවට තහවුරු වන මල්වතුඔය හරහා වැටී තිබූ පෙරියන්කුලම ගල් පාලම ( මහා තිත්ත වරාය යා කරන මාර්ගය ) සහ මහකනදරා ගල්පාලමත් අතරින් දැනට වඩාත් හොදින් සුරැකිව තිබෙන්නෙ මහ කනදරාවේ ගල් පාලම වුවද මහ කනදරා වැව් අභය භූමියේ බටහිර කොටසේ ඇති මෙම අගනා පුරාවිද්‍යා උරුමය කිසිදු හව් හරනක් නොමැති වීම මත අනාගත ලෝකයට අහිමිවීමේ අනතුරකටද ලක්ව තිබේ.

අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ඒ.ඩී ජයතිලකගෙන් මේ පිළිබද විමසීමක් කිරීමට අප කිහිප වරක් උත්සහ කළද දුරකතනය ප්‍රතිචාරය නොදැක්වීම මත එය ව්‍යර්ථ විය.