LSN News › Sri Lanka

වැලිකඩ දී නාමල්ට විශේෂ ආරක්ෂාවක්!

රිමාන්ඩ් සිරකරු නාමල් රාජපක්ෂ බැලීමට දිනකට තුන් වරක් අවසර ලැබෙන අතර ඔහුට අවශ්‍ය ආහාර නිවසින් සකස් කරගෙන ඒමට ද අවසර ලබා දි තිබේ.

LSN Sri Lanka · 7 September 2026

වැලිකඩ දී  නාමල්ට විශේෂ ආරක්ෂාවක්!

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ නාමල් රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පවසයි.

රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස ඔහුව බැලීමට දිනකට තුන් වරක් අවස්ථාවක් තිබෙන අතර, නිවසින් ගෙනෙන ආහාර ලබා ගැනීමටද අවසර දී ඇති බව මාධ්‍ය ප්‍රකාශවරයා කියයි.

රිමාන්ඩ් බන්ධනාගාරගත අයට අදාළ නීති රීති යටතේ මෙම පහසුකම් ලබා දෙන බව බන්ධනාගාර බලධාරීන්ගේ පැහැදිලි කිරීමය.

අද (සැප්තැම්බර් 07) ඔහුව බැලීමට ශිරන්ති රාජපක්ෂ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබුණි. ඊයේ දිනයේ මහින්ද රාජපක්ෂ නාමල් බැලීමට පැමිණියේය. පවුලේ සාමාජිකයන්ට අවසර ලබා දී ඇති පරිදි මෙම හමුව සිදුවී ඇත.

නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් කෝටි 10ක් පමණ (එවකට ඩොලර් 800,000ක් පමණ) අල්ලසක් ලැබූ බවට චෝදනා කරමින් ඔහු සැප්තැම්බර් 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.