ජිනීවා නුවර අද ඇරඹෙන මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද?
සුඩානයේ යුද්ධය, මියන්මාරයේ අර්බුදය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඉරානය, රුසියාව හා යුක්රේනය වැනි ලෝකයේ දැවැන්ත මානව හිමිකම් අර්බුද සමඟ එකම ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවද යළි විමසා බැලීමේ තත්ත්වයකට පත්ව තිබේ. අප සිරුවෙන් විමසිය යුත්තේ මෙම ජත්‍යන්තර ප්‍රවණතාවය ය.
LSN Sri Lanka ·

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අද, සැප්තැම්බර් 7 වැනිදා, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palais des Nations හිදී ආරම්භ වේ. මානව හිමිකම් කවුන්සිලයේ නිල වැඩසටහන අනුව එය ඔක්තෝබර් 7 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර සැසිවාරය ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් ගන්නේ සැසිවාරයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ලිඛිත යාවත්කාලීන වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවිනි.

නිල වැඩසටහන අනුව අද පස්වරු සැසියේ, න්‍යාය පත්‍රයේ දෙවැනි අයිතමය යටතේ, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලිඛිත යාවත්කාලීනය ඉදිරිපත් කෙරේ. එම කාලසීමාව තුළම මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීනය පිළිබඳ පොදු විවාදය ද පැවැත්වීමට නියමිතය.

ලංකාව සම්බන්ධ අලුත් යෝජනාවක් සම්මත කරගන්නවා ද?

මෙවර සැසිවාරයේ පළමු සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් සම්මත කිරීමට නියමිත බවක් දැනට ප්‍රකාශිත නිල වැඩසටහනේ සඳහන් නොවේ. සිදුවන්නේ 2025 ඔක්තෝබර් 6 වැනිදා 60 වැනි මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කළ A/HRC/RES/60/1 – “Promoting reconciliation, accountability and human rights in Sri Lanka යෝජනාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමය.

විශේෂත්වය වන්නේ 60/1 යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වීමය. එහි ප්‍රධාන අනුග්‍රාහකයන් වූයේ එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවය.

60/1 යෝජනාවේ 14 වැනි ඡේදයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැවරුණු කාර්යය ඉතා පැහැදිලිය. 2026 පැවැත්වෙන 63 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීනයක් ඉදිරිපත් කළ යුතු අතර, 2027 පැවැත්වෙන 66 වැනි සැසිවාරයට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම 2027 වාර්තාව අන්තර්ක්‍රියාකාරී සංවාදයකටද ලක් කිරීමට නියමිතය.

එබැවින් මෙවර ජිනීවා සැසිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹෙන අවස්ථාවකට වඩා, ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාව පසුගිය වසර තුළ ගමන් කළේ කොපමණ දුරක්දැයි මැන බලන මධ්‍ය කාලීන පරීක්ෂාවක් ලෙස දැකීම වඩා නිවැරදිය.

ජිනීවා ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තුව සිටින්නේ කුමක්ද?

60/1 යෝජනාව කියවන විට ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය යුද්ධයේ අවසාන අදියරේ සිදුවීම්වලට පමණක් සීමා වී නොමැති බව පැහැදිලි වේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කළ බවට ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා නඩු පැවරීම්, දිගු කලක් විසඳී නොමැති ප්‍රකට සිද්ධීන්, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව, සිවිල් සමාජය හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට නිදහසේ ක්‍රියා කිරීමට ඇති ඉඩ, හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන සතුව පවතින ඉඩම් නිදහස් කිරීම සහ ස්වාධීන නඩු පැවරීමේ ආයතනයක් ඇති කිරීම වැනි කරුණු 60/1 යෝජනාවේ විශේෂයෙන් අවධාරණය කර ඇත.

මේ නිසා මෙවර ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ “යුද්ධය අවසන් කළේ කෙසේද?” යන පැරණි ප්‍රශ්නයට පමණක් නොවේ.

වඩාත් වැදගත් වන්නේ යුද්ධය අවසන් වී වසර 17කට පසුවත් නීතියේ ආධිපත්‍යය, වගවීම, අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය, වින්දිතයන්ට යුක්තිය සහ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කර ඇත්තේ කුමක්ද?” යන ප්‍රශ්නයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය පමණක් නොවෙයි — ලෝකයේ ගිනිගත් තැන් ජිනීවා මේසය මත

මෙවර සැසිවාරයේ ස්වභාවය තේරුම් ගැනීමට එහි පළමු දිනයම ප්‍රමාණවත්ය.

සැප්තැම්බර් 7 වැනිදා උදෑසන සුඩානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුමේ වාර්තාව පිළිබඳ සංවාදයක් පැවැත්වේ. එදිනම මියන්මාරය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ Independent Investigative Mechanism for Myanmar සම්බන්ධ වැඩිදියුණු කළ අන්තර්ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වීමට නියමිතය. ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ සංවාදයක්ද, සිරියාව පිළිබඳ විමර්ශන කොමිසමේ යාවත්කාලීනයක්ද පළමු දිනයේ වැඩසටහනට ඇතුළත්ය.

ඉදිරි සතිවලදී ලෝකයේ තවත් බරපතළ මානව හිමිකම් අර්බුද ගණනාවක් කවුන්සිලය හමුවට පැමිණේ.

සැප්තැම්බර් 18 වැනිදා බුරුන්ඩි, බෙලරුස්, වෙනිසියුලාව සහ නිකරගුවාව පිළිබඳ සංවාද නියමිතය. සැප්තැම්බර් 21 වැනිදා ඉරානය පිළිබඳ ස්වාධීන කරුණු සෙවීමේ මෙහෙයුම, රුසියානු සමූහාණ්ඩුවේ මානව හිමිකම් තත්ත්වය සහ යුක්රේනය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන කොමිසමේ යාවත්කාලීනය කවුන්සිලය හමුවේ සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම මෙවර න්‍යාය පත්‍රය යුද්ධ හා දේශපාලන මර්දනයට පමණක් සීමා නොවේ. නූතන වහල්භාවය සහ මිනිස් ජාවාරම, අත්තනෝමතික රඳවා තැබීම්, බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම්, සත්‍යය–යුක්තිය–වන්දි සහ නැවත සිදු නොවීමේ සහතික, ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාව, දේශගුණික මූල්‍යකරණය, වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්, ගැටුම් හා පශ්චාත් ගැටුම් තත්ත්වයන්හි කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්ද මෙවර වැඩසටහනේ තිබේ.

මෙය ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදය තැබිය යුතු නිවැරදි ජාත්‍යන්තර පසුබිමය.

ශ්‍රී ලංකාවට ඇති අභියෝගය

ශ්‍රී ලංකාවට මෙවර ජිනීවාහි ඇති ප්‍රධාන අභියෝගය, ලෝකයේ වෙනත් තැන්වල සිදුවන බරපතළ මානව හිමිකම් අර්බුද පෙන්වා තමන් පිළිබඳ ජාත්‍යන්තර අවධානය අසාධාරණ බව තර්ක කිරීම පමණක් නොවේ.

ඒ වෙනුවට, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා ඉදිරිපත් වී ඇති ප්‍රශ්නවලට රට තුළින් විශ්වාසනීය පිළිතුරු නිර්මාණය කළ හැකිද යන්නය.

විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් ජිනීවා ක්‍රියාවලිය තවම අවසන් වී නැත. 60/1 යෝජනාව මගින් 2022 දී සම්මත කළ 51/1 යෝජනාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැවරුණු කාර්යයන් දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ තොරතුරු හා සාක්ෂි එකතු කිරීම, ඒවා සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීම සහ අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා භාවිත කළ හැකි මාර්ග සංවර්ධනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රියාවලියද තවම ක්‍රියාත්මකය.

ඒ නිසා මෙවර ජිනීවා සැසියේ ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම යෝජනාවක් සම්මත වන්නේද නැද්ද යන්නෙන් පමණක් මැනිය නොහැක.

වැදගත් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක බවත්, එහි ඊළඟ ප්‍රධාන සන්ධිස්ථානය 2027 දී පැමිණෙන බවත්ය.

අද ජිනීවාහි ඉදිරිපත් වන ලිඛිත යාවත්කාලීනය ඒ දිගු ක්‍රියාවලියේ තවත් එක් මිනුම් ලකුණකි.

සුඩානයේ යුද්ධය, මියන්මාරයේ අර්බුදය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඉරානය, රුසියාව හා යුක්රේනය වැනි ලෝකයේ දැවැන්ත මානව හිමිකම් අර්බුද සමඟ එකම ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවද යළි විමසා බැලීමේ තත්ත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට එයින් ලැබෙන පණිවුඩය සරලය.

ජිනීවා ප්‍රශ්නය අවසන් කිරීමට හොඳම මාර්ගය ජිනීවා සමඟ සටන් කිරීම නොව, ජිනීවාහි නැවත නැවත මතුවන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය, ස්වාධීන සහ ජනතාවට පිළිගත හැකි පිළිතුරු නිර්මාණය කිරීමය.

( මූලාශ්‍ර: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ නිල වැඩසටහන; Human Rights Council Resolution A/HRC/RES/60/1; OHCHR/HRC නිල ලේඛන හා සැසිවාර දත්ත.)