World · Sri Lanka Bureau
“හඳ අපේ... “ ට්‍රම්ප්ගේ රූප දේශපාලනය හෙවත් විහිළුවක් පසුපස සැඟවුණු බලයේ බිහිසුණු භාෂාව!
ලෝකයේ විශාලතම රාජ්‍ය බලය, නායකයකුගේ පෞද්ගලික ප්‍රතිරූපය සහ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන දේශපාලන කල්පනා එකම තිරයකදී එකට මිශ්‍ර වීමට පටන්ගත් විට ලෝකය බලා සිටිය යුත්තේ එම රූපවල මතුපිට ප්‍රකාශනය දෙස නොව, ඒ හරහා පෙනෙමින් ඇති විකල් බලය පාලනයට ඉතිරිව ඇති තිරිංග කොපමණ ශක්තිමත්ද යන්න ගැනය.
LSN Sri Lanka ·

“හඳ “අපේ” යැයි ප්‍රකාශ කරන රූපයක්... ඉරානයට දැවැන්ත මිටියකින් පහර දෙන දසුනක්... Hormuz සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස පෙන්වන සිතියමක්.... Kharg දූපත විනාශ වන බව පෙන්වන කෘත්‍රිම බුද්ධි නිර්මාණයක්...“

මේ සියල්ල සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයකුගේ ගිණුමකින් පැමිණියේ නම් ඒවා අතිශයෝක්තික විහිළු ලෙස මඟහැර යා හැකිව තිබිණි. එහෙත් ඒවා පළ කරන්නේ ලෝකයේ බලවත්ම හමුදා හා න්‍යෂ්ටික බලය පාලනය කරන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එතැනින් ඒවා විහිළු වීම නතර වන්නේය.

ට්‍රම්ප්ගේ නවතම Truth Social පළකිරීම්වලින් පෙනෙන්නේ ඔහු සාම්ප්‍රදායික රාජ්‍ය නායකයකුගේ සන්නිවේදන සීමාවෙන් තවත් පියවර වටයක් පිටතට ගොස් ඇති බවය.

ඔහු පළ කළ රූප අතර “The Moon Is Ours” — “හඳ අපේ” — යන ප්‍රකාශය සහිත නිර්මාණයක් තිබිණි. තවත් නිර්මාණවල ඉරානය අසාර්ථක රාජ්‍යයක් ලෙස දැක්වූ අතර, ඉරාන සිතියමට ඇමරිකානු බලය නිරූපණය කරන ආකාරයේ පහරක් එල්ල කරන රූප ද පළ විය. Hormuz සමුද්‍ර සන්ධිය “නව ඇමරිකානු භූමියක්” ලෙස දක්වන රූපයක්ද ඒ අතර විය.

මෙම පළකිරීම් එකිනෙක වෙන්ව ගත් විට විහිළු, දේශපාලන ප්‍රචාරණ හෝ අන්තර්ජාල කුපිත කිරීම් ලෙස පෙනෙන්නට පුළුවන.එහෙත් ඒවා එකට තැබූ විට වෙනත් රටාවක් පෙනේ. එය “ සීමා නොදැනෙන බලය, රාජ්‍යය හා නායකයා එකම රූපයකට ගොනු කරන, දේශසීමා සහ ජාත්‍යන්තර නීති ප්‍රතිවාදීන්ට පමණක් අදාල දේවල් ලෙස සැලකීමට ඉඩ හරින“ දේශපාලන භාෂාවකි.

රාජ්‍යය වෙනුවට නායකයා

ට්‍රම්ප්ගේ දේශපාලන ශෛලියේ මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍යයේ බලය සහ තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය එකිනෙකට මිශ්‍ර කිරීමය. සාම්ප්‍රදායික ජනාධිපතිවරයකු “ඇමරිකාවට බලය ඇත” යැයි කියනු ඇත. එහෙත් ට්‍රම්ප්ගේ රූප දේශපාලනය කියන්නේ වෙනත් දෙයකි.

“මම බලයයි.”

ඔහුගේ මුහුණ, නම, ශරීරය, ඉරියව් සහ පෞද්ගලික සන්නාමයම රාජ්‍ය බලයේ දෘශ්‍ය සංකේත බවට පත්වෙයි. එවිට රාජ්‍යය, පක්ෂය, ජාතිය සහ නායකයා අතර තිබිය යුතු දේශපාලන දුර අඩුවෙයි. මෙය නූතන ජනප්‍රියවාදී දේශපාලනයේ වැදගත් ලක්ෂණයකි. රාජ්‍ය ආයතනවලට වඩා නායකයාගේ පෞද්ගලිකත්වය මධ්‍යයට පැමිණේ. ප්‍රතිපත්තියකට වඩා ප්‍රතිරූපය වැදගත් ලෙස මතු වේ. නීතිමය සීමාවකට වඩා නායකයාගේ කැමැත්ත ඉදිරියට එයි. එවැනි පරිසරයක අදහස් සහ සංකල්ප නායකයාගේ පෞද්ගලික බලය ප්‍රදර්ශනය කරන සංකේත බවට පත් වේ.

Kharg දූපත — රූපයක් සහ යුද්ධයක් අතර සීමාව

මෙහි වඩාත් සංවේදී උදාහරණයක් වූයේ ඉරානයේ Kharg දූපත සම්බන්ධ කෘත්‍රිම බුද්ධි නිර්මාණයයි.

Kharg දූපත ඉරානයේ තෙල් අපනයනයට අතිශය වැදගත් ස්ථානයකි.එය විනාශ වන ආකාරය පෙන්වන රූපයක් හෝ වීඩියෝවක් සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයකු පළ කළහොත් එය දෘශ්‍ය ප්‍රචාරණයක් ලෙස පමණක් ගත හැකිය.

එහෙත් ඉරානයට සැබෑවටම ප්‍රහාරයක් එල්ල කළ හැකි හමුදා බලය පාලනය කරන පුද්ගලයා එවැනි රූපයක් පළ කළ විට තත්ත්වය වෙනස් වේ.

ඉරානයට එය විහිළුවක්ද?, තර්ජනයක්ද?, පෙර අනතුරු ඇඟවීමක්ද?, නැතිනම් විරුද්ධ පාර්ශ්වය බියගැන්වීම සඳහා කළ දේශපාලන මානසික ක්‍රියාකාරකමක්ද?. මෙහි ඇති සැබෑ අවදානම වන්නේ පණිවුඩයේ අර්ථය පැහැදිලි නොවීමය.

ජාත්‍යන්තර සබඳතාවලදී එවැනි අර්ථ අපැහැදිලිතාව කිසිසේත් සුළු දෙයක් නොවේ. එක් පාර්ශ්වයක් විහිළුවක් කළේයැයි සිතන දෙයක් තවත් පාර්ශ්වයක් සැබෑ යුද අනතුරු ඇඟවීමක් ලෙස කියවිය හැකිය. එහි ප්‍රතිඵලය වැරදි ගණනයකි. හමුදා ගැටුමකට මග පාදන වැරදි ගණනයක් කතාබහකින් අවසන් නොවේ. එය තීරණය වන්නේ මිනිස් ජීවිත මතිනි.

අනාවැකි කළ නොහැකි බව — බලයක්ද අවදානමක්ද?

ජාත්‍යන්තර දේශපාලනයේ පැරණි සංකල්පයක් තිබේ. එනම් විරුද්ධවාදියාට නායකයකුගේ ඊළඟ ක්‍රියාව නිශ්චිතව අනුමාන කළ නොහැකි ලෙස පවත්වා ගැනීමය. එය “Madman Theory” ලෙස හැඳින්වේ. එහි අරමුණ සරලය.

“මම කොතරම් දුර යා හැකිදැයි ඔබට විශ්වාස නැත්නම්, ඔබ මා සමඟ සටන් කිරීමට වඩා පසුබැසීමට ඉඩ ඇත.”

ට්‍රම්ප්ගේ සෑම ක්‍රියාවක්ම එවැනි සැලසුමක කොටසක් යැයි තහවුරු කළ නොහැක. එහෙත් ඔහු අනාවැකි පල කළ නොහැකි බව තම දේශපාලන ශක්තියක් ලෙස භාවිත කරන බව පැහැදිලිය. ව්‍යාපාරික සාකච්ඡාවකදී එය ප්‍රයෝජනවත් විය හැකිය. මැතිවරණ වේදිකාවකදී එය ජනප්‍රිය විය හැකිය. අන්තර්ජාලයේදී එය අවධානය දිනා ගනී.

එහෙත් න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමකදී අනාවැකි කළ නොහැකි බව සෑමවිටම වාසියක් නොවේ. එය වැරදි අර්ථකථනයේ අවදානම වැඩි කරයි. එය පාලනය කළ නොහැකි තත්ත්වයක් දක්වා ගැටුමක් ඉහළ යාමට ඉඩ සලසයි.

“හඳ අපේ” — විහිළුවකට වඩා වැඩි දෙයක්

“The Moon Is Ours.”

පළමු බැල්මට එය වචන තුනක විහිළුවකි. එහෙත් එහි තිබෙන දේශපාලන අරුත තවත් ගැඹුරුය. එය අයිතියේ භාෂාවකි. හිමිකමේ භාෂාවකි. අත්පත් කරගැනීමේ භාෂාවකි.
ජයග්‍රහණයේ භාෂාවකි. ලෝකය සංකීර්ණ ජාත්‍යන්තර නීති, ගිවිසුම්, සීමා සහ බහුපාර්ශ්වීය ආයතනවලින් පාලනය වන පද්ධතියක් ලෙස නොව “අපේ” සහ “ඔවුන්ගේ” ලෙස බෙදිය හැකි සිතියමක් බවට පත් කිරීමේ භාෂාවකි.

මෙය ට්‍රම්ප්ගේ දේශපාලනයේ දෘශ්‍යමය ස්වරූපයක් ලෙසද දැකිය හැකිය.

බලය තිබේ නම් නම වෙනස් කළ හැකිය. බලය තිබේ නම් සීමාව නැවත අර්ථ දක්වාගත හැකිය. බලය තිබේ නම් ලෝක සිතියම පවා විහිළුවක් ලෙස නැවත ඇඳිය හැකිය. මේ ආකාරයේ භාෂාව විනෝදාස්වාදය ලෙස ජනප්‍රිය විය හැකි නමුත් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී එය බරපතළ සංඥා යවයි.

කෘත්‍රිම බුද්ධිය — සිතුවිල්ල සහ ගෝලීය ප්‍රකාශනය අතර දුර නැති කරයි

මෙම කතාවේ අලුත්ම හා වඩාත් වැදගත් සාධකය කෘත්‍රිම බුද්ධියයි. අතීතයේදී ජනාධිපතිවරයකුගේ අදහසක් මහජන ප්‍රකාශයක් බවට පත්වීමට පෙර උපදේශකයන්, කථා රචකයන්, මාධ්‍ය කණ්ඩායම් සහ රාජ්‍ය ආයතනික පෙරහන් හරහා ගමන් කළේය. අද එසේ නොවේ. දැන් සිතුවිල්ලක් තත්පර කිහිපයකින් රූපයක් බවට පත්වේ.
රූපය තවත් තත්පර කිහිපයකින් මිලියන ගණනකට යයි. එබැවින් කෘත්‍රිම බුද්ධිය මෙහි රූප නිර්මාණ මෙවලමක් පමණක් නොවේ. එය නායකයකුගේ ක්ෂණික උත්තේජනය සහ ගෝලීය ප්‍රකාශනය අතර තිබූ ආයතනික දුර කෙටි කරන තාක්ෂණයකි.

මෙය ට්‍රම්ප්ට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවේ. අනාගත ලෝක දේශපාලනයේ නායකයන්ට තම පෞද්ගලික කල්පනා සෘජුවම දෘශ්‍ය ප්‍රචාරණ බවට පත් කිරීමේ බලය වැඩිවනු ඇත. එවිට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිවල අලුත්ම ප්‍රශ්නය වන්නේ තොරතුරු පාලනය පමණක් නොව නායකයාගේ ක්ෂණික උත්තේජන පාලනය කරන්නේ කවුද යන්නය.

රාජ්‍ය නායකයකුගේ සංයමය දුර්වලකමක් නොවේ

සමහරුන්ට රාජ්‍ය නායකයකුගේ ගෞරවාන්විත සංයමය පැරණි ආචාරශීලීත්වයක් ලෙස පෙනිය හැකිය. එහෙත් එය එයට වඩා වැදගත් දෙයකි. නායකයකුගේ වචනවලට බරක් ඇත. ඔහු විහිළුවක් කළත් වෙළෙඳපොළ එය කියවයි. ඔහු සිතියමක් පළ කළත් විදේශ අමාත්‍යාංශ එය කියවයි. ඔහු තර්ජනයක් කළත් හමුදා එය කියවයි. එබැවින් රාජ්‍ය නායකයකුගේ සංයමය, ස්වයං පාලනය සහ වචන තෝරාගැනීම දුර්වලතා නොවේ. ඒවා බලයට ඇති අභ්‍යන්තර තිරිංග වේ. නූතන ජනප්‍රියවාදී දේශපාලනයේ අභියෝගය වන්නේ මේ තිරිංග සමහරවිට දුර්වලකම් ලෙස පෙන්වීමය.

සංයමය වෙනුවට අතිශයෝක්තිය... රාජ්‍යතාන්ත්‍රිකත්වය වෙනුවට කුපිත කිරීම... ස්වයං පාලනය වෙනුවට ක්ෂණික ප්‍රතිචාරය... සංකීර්ණතාව වෙනුවට meme එක...
මෙය දේශපාලන සංස්කෘතියේ ගැඹුරු වෙනසකි. ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ මෙය වෙනත් ආකාරයකින් දකිති. ඔවුන්ට මෙම රූප දේශපාලන අස්ථාවරත්වයේ සාක්ෂි නොවේ.
ඔවුන්ට ඒවා කුපිත කිරීමේ උපක්‍රමයකි. දේශපාලන රංගනයකි. ප්‍රතිවාදීන් කෝපයට පත් කිරීමකි. ඇමරිකානු බලය අතිශයෝක්තියෙන් පෙන්වීමකි. සතුරාට සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයකට වඩා කෙටි සහ දැඩි පණිවුඩයක් යැවීමකි.

අප මේ ප්‍රකාශන කියවා ගත යුත්තේ කෙසේ ද?

ශ්‍රී ලංකාව වැනි රටකට Washington හි නායකයකුගේ social media ක්‍රියාකාරකම් දුරස්ථ විනෝදාස්වාදයක් ලෙස නොසලකා හැරිය නොහැක.

Hormuz සමුද්‍ර සන්ධියේ ගැටුමක් උත්සන්න වුවහොත් එහි මිල අප අපේ බත් පතිනුත් ගෙවිය යුතුව ඇත. ලෝක වෙළෙඳපලේ බලපෑමෙන් මුලින්ම සෙලවී යන්නේ පරිධියේ ඇති කුඩා ආර්ථිකයක් සහිත අප වැනි රටවල්ය. කොළඹ, ඩකා, නයිරෝබි, මැනිලා වැනි නගරවල දුගී මිනිසුන් ට්‍රම්ප්ගේ මහන්තත්ත වචනවලින් උපදින ලෝක ආතතීන් අතර ජිවිත ණය ගෙවති.

මේ අනුව ට්‍රම්ප්ගේ නවතම රූප දේශපාලනය ගැන අවසානයේ ඇසිය යුතු ප්‍රශ්නය ඔහුගේ පෞද්ගලික චරිතය පිළිබඳ එකක් නොවේ. එය ආයතන පිළිබඳ ප්‍රශ්නයකි. ලෝකයේ අතිවිශාල බලයක් අතේ ඇති නායකයකුගේ ක්ෂණික අදහස්, දේශපාලන රංගනය සහ ගෞරවණීය රාජ්‍යයක පැවතිය යුතු සැබෑ රාජ්‍ය ප්‍රතිපත්තිය අතර තිබිය යුතු සීමා තවදුරටත් ශක්තිමත්ව පවතී ද? මේ මොහොතේ ලෝකයේ පැවැත්ම තීරණය වන්නේ ඒ සඳහා ලැබෙන පිළිතුර මතය. මක්නිසාද යත් ප්‍රජාතන්ත්‍රවාදයක ආරක්ෂාව සෑමවිටම නායකයා සංයමයෙන් හැසිරෙනු ඇතැයි යන බලාපොරොත්තුව මත ගොඩනැගිය නොහැකි බැවිනි. එය ගොඩනැගිය යුත්තේ නීතිය, කොංග්‍රසය, අධිකරණය, රාජ්‍ය සේවය, හමුදා වෘත්තීයභාවය, මාධ්‍ය සහ සිවිල් සමාජය නායකයාට සීමා පනවන බවට ඇති විශ්වාසය මතය.

අප තේරුම්ගත යුත්තක් තිබේ. “හඳ අපේ” යන රූපය ගැන අපට සිනාසිය හැකිය. ඉරානයට මිටියකින් පහර දෙන කෘත්‍රිම බුද්ධි රූපය අතිශයෝක්තික ප්‍රචාරණයක් ලෙස බැහැර කළ හැකිය. Hormuz සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස පෙන්වන සිතියම trolling එකක් ලෙස කියවිය හැකිය. එහෙත් ඒ සියල්ල පසුපස තිබෙන ප්‍රශ්නය ගැන සිනාසීමට අපට හැකියාවක් නැත.

නැවත වරක් අවධාරණය කළ යුත්තේ ලෝකයේ විශාලතම රාජ්‍ය බලය, නායකයකුගේ පෞද්ගලික ප්‍රතිරූපය සහ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන දේශපාලන කල්පනා එකම තිරයකදී එකට මිශ්‍ර වීමට පටන්ගත් විට ලෝකය බලා සිටිය යුත්තේ එම රූපවල මතුපිට ප්‍රකාශනය දෙස නොව, ඒ හරහා පෙනෙමින් ඇති විකල් බලය පාලනයට ඉතිරිව ඇති තිරිංග කොපමණ ශක්තිමත්ද යන්න ගැනය.
මන්ද සාමාන්‍ය මිනිසකුගේ කල්පනාවක් රූපයකින් අවසන් විය හැකි නමුත්, ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයාගේ කල්පනාව වැරදි මොහොතක රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්විය හැකි බැවිනි.