එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවෙයි... ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන විශේෂ අවධානයක්!
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ, එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති පියවර සහ ඉදිරි සංවිධානාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
LSN Sri Lanka ·

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් (Marc-André Franche) ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර විශේෂ හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
</p>
<p>
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
</p>
<p>
එමෙන්ම එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති පියවර සහ ඉදිරි සංවිධානාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
</p>
<p>
එම ආපදා කළමනාකරණ සහ පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් මෙහිදී ප්‍රකාශ කළේය.
</p>
<p>
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් (Azam Bakeer Markar) සහ එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ මානුෂීය හා ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා ද එක්ව සිටියහ.