LSN News › Sri Lanka

මාධ්‍ය වෘත්තිකයින්ගේ ව්‍යවස්ථාපිත ආයතන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධියි – කථානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට දන්වයි

පනත් කෙටුම්පතේ සෙසු සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව තීරණය කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සමස්ත තීන්දුව අද දින පාර්ලිමේන්තු නිල වාර්තාවේ (හැන්සාඩ්) මුද්‍රණය කිරීමට නියෝග කළ බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LSN Sri Lanka · 8 September 2026

මාධ්‍ය වෘත්තිකයින්ගේ ව්‍යවස්ථාපිත ආයතන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධියි – කථානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට දන්වයි

ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයින්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට විශේෂ වැඩිඡන්දයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

'ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයින්ගේ ව්‍යවස්ථාපිත ආයතනය' (Chartered Institute of Media Professionals of Sri Lanka) නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායකවරයා විසින් අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 3(1) වගන්තිය අපැහැදිලි එකක් වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ඡ) යන ව්‍යවස්ථාවන්ට පටහැණි වන අතර, එය සම්මත කිරීමට නම් 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ වැඩිඡන්දයක් (තුනෙන් දෙකක වැඩිඡන්දයක්) අවශ්‍ය වේ. කෙසේ වෙතත්, අදාළ 3(1) වගන්තිය පනතෙන් ඉවත් කරන්නේ නම් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව අහෝසි වන බව ද අධිකරණය පෙන්වා දී ඇත.

එසේම පනත් කෙටුම්පතේ 4(ඔ) වගන්තිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ඡ) යන ව්‍යවස්ථාවන්ට පටහැණි වන අතර, 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට පටහැණි වන බැවින් එම වගන්ති සම්මත කිරීමට ද විශේෂ වැඩිඡන්දයක් අවශ්‍ය බව තීරණය කර තිබේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අසංගතතාවයන් මගහැරී යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.