ජගත් මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට සැඟවී සිටින්න බෑ - ශානික්‍යන් රාසමානික්කම් කියයි
ආණ්ඩු, ජනාධිපතිවරුන් හෝ කැබිනට් මණ්ඩල වෙනස් වීම ජගත් මානව හිමිකම් කොමිසමට අදාළ නොවන බවත්, ඔවුන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කර පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට බලයේ සිටින ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් රාසමානික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

ජගත් මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට සැඟවී සිටීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් පවසයි.

ආණ්ඩු, ජනාධිපතිවරුන් හෝ කැබිනට් මණ්ඩල වෙනස් වීම ජගත් මානව හිමිකම් කොමිසමට අදාළ නොවන බවත්, ඔවුන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කර පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට බලයේ සිටින ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

විවෘත පාර්ලිමේන්තු සංසදයේ මෙහෙයවීමෙන් මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මානව හිමිකම් සම්බන්ධයෙන් විසඳිය යුතු ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබාදිය යුතු බවත්, ඒ පිළිබඳව තමන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ හඬ නැගූ බවත් පැවසීය. මානව හිමිකම් ගැටලුවලින් මගහැර යා හැකි යැයි ආණ්ඩුව නොසිතිය යුතු අතර, මෙම කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවද ඔහු අවධාරණය කළේය.

අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් වත්මන් ආණ්ඩු සමයේ සිදු නොවූවද, එම පෙර වැරදි සම්බන්ධයෙන් ඍජු තීන්දු නොගතහොත් ජගත් මානව හිමිකම් කොමිසම ඉදිරියේදීත් ගැටලු මතු කරනු ඇති බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රට තුළ පැවැති අරගල සමයේදී පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 දෙනාම එපා යැයි ජනතාව ප්‍රකාශ කළ බවත්, විශේෂයෙන් තරුණ ප්‍රජාව තුළ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ පැවැති විශ්වාසය බිඳ වැටී තිබූ බවත් ඔහු පැවසීය. පාර්ලිමේන්තුව ජනතාව වෙත තවදුරටත් සමීප කිරීම සඳහා මන්ත්‍රීවරුන් ලෙස තමන්ට වගකීමක් ඇති බවත්, විවෘත පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ලෙස එම වගකීම ඉටු කිරීමට කැපවන බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විටත් ගම්පහ, මඩකළපුව සහ මහනුවර දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව සමඟ විවෘත සංවාද පවත්වා ඇති අතර, ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙම සංවාද පවත්වන බව ඔහු කීය. තරුණ ප්‍රජාවගේ අදහස් පාර්ලිමේන්තුව තුළ නිරූපණය නොවන බවට පවතින මතය වෙනස් කිරීමට හුදෙක් සංවාද පමණක් ප්‍රමාණවත් නොවන බැවින්, තරුණ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා සහ උපදේශක කාරක සභා සඳහා කැඳවීමටද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයම් කිරීමක් ලෙස හැඳින්විය නොහැකි බවත්, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණු බවත් ශානික්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.