LSN News › Sri Lanka

රාජ්‍ය සහ පෞද්ගලික සරසවි නේවාසිකාගාර සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්: පෞද්ගලික නේවාසිකාගාරවලටත් ප්‍රමිතීන් සහ මිල පාලනයක්!

2025-2026 වර්ෂයන් තුළ සහ ඉදිරියට නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට නියමිත අතර, එයින් වැඩි ප්‍රමාණයක් වව්නියාව, මුලතිව්, සබරගමුව සහ අග්නිදිග වැනි කොළඹින් පිටත පිහිටි විශ්වවිද්‍යාල මුල් කරගෙන ඉදි කෙරේ.

LSN Sri Lanka · 9 September 2026

රාජ්‍ය සහ පෞද්ගලික සරසවි නේවාසිකාගාර සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්: පෞද්ගලික නේවාසිකාගාරවලටත් ප්‍රමිතීන් සහ මිල පාලනයක්!

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් (Hostel Policy) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මේ වන විට සකස් කරමින් පවතින බවත්, එයට පෞද්ගලික නේවාසිකාගාර සඳහා වන විශේෂ මාර්ගෝපදේශ ද ඇතුළත් වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

පාර්ලිමේන්තුවේ දී මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ සරසවි සිසුවකුගේ අධ්‍යයන කටයුතු සඳහා සුදුසු සුරක්ෂිත පාරිසරික ප්‍රමිතියක් සහිත නේවාසිකාගාර පද්ධතියක් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය තුළත් තහවුරු කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බවය.

විශ්වවිද්‍යාල සිසුන් විශාල සංඛ්‍යාවක් පෞද්ගලිකව නවාතැන් පහසුකම් ලබාගන්නා අතර, මෙතෙක් කල් එම නවාතැන්වල ගාස්තු අයකිරීම් හෝ අවම පහසුකම් පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නොතිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරිය, සිසුන් සූරාකෑමට ලක්වීම වැළැක්වීම සඳහා මිල ගණන් හා සුරක්ෂිතභාවය පිළිබඳ මාර්ගෝපදේශ ඉදිරියේදී හඳුන්වා දෙන බව පැවසුවාය.

ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණ සහ යෝජනා:

අධීක්ෂණය සහ ප්‍රමිතීන්: පෞද්ගලික නේවාසිකාගාරවල සනීපාරක්ෂාව, ආරක්ෂාව, ප්‍රවේශ පහසුකම් සහ ශිෂ්‍ය සුබසාධනය උදෙසා අවම ප්‍රමිතීන් නියම කෙරෙන අතර, ඒවා අධීක්ෂණයට විශේෂ කමිටුවක් පත් කර නිතිපතා පරීක්ෂාවන් සිදු කෙරේ.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට ප්‍රමුඛතාව: ආබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් තහවුරු කිරීම සහ ප්‍රමුඛතාව ලබා දීම සිදු කෙරේ.

පළාත් පාලන සම්බන්ධතාව: මෙම ප්‍රතිපත්තිය UGC සහ රාජ්‍ය විශ්වවිද්‍යාල අතර සෘජු සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර මේ වන විට පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර නොමැත.

නේවාසිකාගාර සංවර්ධනයට රුපියල් මිලියන ගණනක ප්‍රතිපාදන:

රාජ්‍ය නේවාසිකාගාර පද්ධතිය නැංවීම සඳහා කිසිදු විදේශ ණය බරකින් තොරව දේශීය ප්‍රතිපාදන යටතේ දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (වැය ශීර්ෂ 214): නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය සඳහා 2025 වසරට රුපියල් මිලියන 376ක් සහ 2026 වසරට රුපියල් මිලියන 453ක් වෙන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය (වැය ශීර්ෂ 126): 2026 වසරේ ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 400ක් සහ නව නේවාසිකාගාර ඉදි කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කෙරේ.

මීට අමතරව සවුදි සංවර්ධන ණය ආධාර යටතේ වයඹ, සබරගමුව වෛද්‍ය පීඨය ඇතුළු ව්‍යාපෘති සඳහා 2025 දී රුපියල් මිලියන 466ක් සහ 2026 දී රුපියල් මිලියන 662.46ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

නව නේවාසිකාගාර 55ක් ඉදිකෙරේ:

2025-2026 වර්ෂයන් තුළ සහ ඉදිරියට නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට නියමිත අතර, එයින් වැඩි ප්‍රමාණයක් වව්නියාව, මුලතිව්, සබරගමුව සහ අග්නිදිග වැනි කොළඹින් පිටත පිහිටි විශ්වවිද්‍යාල මුල් කරගෙන ඉදි කෙරේ. සරසවි සිසුන් 16,000කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකාගාර පහසුකම් අපේක්ෂාවෙන් සිටිති.

විශ්වවිද්‍යාල වෙතින් ලැබෙන නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කර අවසන් කිරීමට UGC කටයුතු කරමින් සිටියි.