සලේ වෙනුවෙන් විරෝධතා දැක්වූ දේශපාලනඥයන් පිරිසකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල: ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝග!
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පැමිණිල්ල කැඳවූ අතර, එහිදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙරිණි.
LSN Sri Lanka ·

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අතරතුර කරන ලද ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු මෙම පැමිණිල්ලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් අභියාචනාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත.

මෙම නඩුව ගොනුකර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිසට එරෙහිවය.