ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!
වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරමින්, අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ටැංකි ඉදිකෙරෙමින් පවතී. මෙම අතිරේක ගබඩා ධාරිතාව මගින් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීම, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සහ රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන නිෂ්පාදන විශ්වාසනීයව සහ බාධාවකින් තොරව බෙදා හැරීමට සහාය වීම සිදු කෙරේ.
LSN Sri Lanka ·

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) හා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකෙහි ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම සිදු කෙරේ.

ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් ඒ-1 ඉන්ධන ටැංකි පහක ඉදිකිරීම් ආරම්භ වන අතර මෙහි විශාල ජෙට් ඒ-1 ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 30,000 බැගින්), මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 15,000 බැගින්) සහ ඝන මීටර් 2,000ක වන අතිරේක ටැංකියක් ඇතුළත් වේ. මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපැයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය මාස 30කින් අවසන් කිරීමට නියමිතය.

මේ අතර, ඛනිජ තෙල් කර්මාන්තයෙහි ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම ආරම්භ කළේය. මෙය නිම කිරීමෙන් පසු ඝන මීටර් 15,000ක ටැංකි 02ක් සහ ඝන මීටර් 10,000ක ටැංකියකින් යුතුව ටැංකි තුනක පද්ධතියක් මඟින් ඝන මීටර් 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇත. එමඟින් පර්යන්තයේ ඛනිජ තෙල් ගබඩා හැකියාවන් තවදුරටත් වැඩිදියුණු වන අතර රටේ ඛනිජ තෙල් යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට සහාය ලැබේ. මෙම ව්‍යාපෘතිය මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවකින් යුක්ත වන අතර, එය 2028 අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරමින්, අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ටැංකි ඉදිකෙරෙමින් පවතී. මෙම අතිරේක ගබඩා ධාරිතාව මගින් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීම, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සහ රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන නිෂ්පාදන විශ්වාසනීයව සහ බාධාවකින් තොරව බෙදා හැරීමට සහාය වීම සිදු කෙරේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා, විදෙස් තානාපතිවරු, බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සිනොපෙක් ආයතනයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.