A - 9 පාරේ මාරක අනතුරින් 05ක් මරුට... 50කට වැඩි පිරිසක් තුවාලවී රෝහල්ගත කරයි...
දැනට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති කරුණුවලට අනුව ප්‍රතිවිරුධ දෙසින් පැමිණි ශ්‍රී ලංගම (SLTB) බස් දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරේ මුල් අදියර ඇති වී තිබේ. ඉන්පසු අනතුරට ලක් වූ එක් බස් රථයක පිටුපස කොටස, පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටි ඇත.
LSN Sri Lanka ·

අනුරාධපුර - රඹෑව ප්‍රදේශයේ A9 මාර්ගයේ අද උදෑසන 10.30ට පමණ බස් රථ තුනක් එකට ගැටීමෙන් ඇති වූ මාරක රිය අනතුරින් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
</p>
<p>
දැනට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති කරුණුවලට අනුව ප්‍රතිවිරුධ දෙසින් පැමිණි ශ්‍රී ලංගම (SLTB) බස් දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරේ මුල් අදියර ඇති වී තිබේ. ඉන්පසු අනතුරට ලක් වූ එක් බස් රථයක පිටුපස කොටස, පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටි ඇත.
</p>
<p>
මිහින්තලේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. සිද්ධිය වූ ස්ථානයට සහ පරික්ෂණ මෙහෙයවීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
</p>
<p>
තුවාල ලැබූවන් - සිද්ධිය වූ වහාම වාර්තා වයන්නේ තුවාල ලැබූවන් 18-20ක් පමණ ප්‍රමාණයකි. පසුව යාවත්කාලීන වීම්වලින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 50කට අධික වූ බව රෝහල් ආංචි මාර්ග අනාවරණය කරයි. මේ පිරිස අනුරාධපුර, මැදවච්චිය සහ රඹෑව රෝහල්වලට ඇතුළත් කර ඇත.
</p>
<p>
මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව දැන් තහවුරු වී ඇත. වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.