LSN News › Sri Lanka

කොළඹට අලුත් ජාත්‍යන්තර ගුවන් ගමන් තුනක්: Aeroflot ආරම්භ වී, British Airways සහ Edelweiss ඉදිරියේදී!

මෙම සේවාවන් තුනම ක්‍රියාත්මක වන්නේ ඍතුමය සේවාවන් ලෙසිනි. ශීත ඍතුව ඉලක්ක කරගනිමින් මෙම ඍජු ගුවන් ගමන් සැලසුම් කර තිබේ. රුසියානු Aeroflot ගුවන් සේවාව මේ වනවිට සිය ගුවන් ගමන් වාර ආරම්භ කර ඇත. බ්‍රිතාන්‍ය සහ ස්විස්ටර්ලන්ත ගුවන් සේවා ඉදිරියේ මේ මස තුන්වැනි සතියේ සිට සිය සේවාවන් සැපයීමට නියමිතව ඇත.

LSN Sri Lanka · 11 October 2026

කොළඹට අලුත් ජාත්‍යන්තර ගුවන් ගමන් තුනක්: Aeroflot ආරම්භ වී, British Airways සහ Edelweiss ඉදිරියේදී!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව උත්තේජනයක් ලබා දෙමින්, ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් ‍මේ මාසයේ (2026 ඔක්තෝබර් ) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී ඇත.

ඒ අනුව රුසියානු ගුවන් සේවය වන Aeroflot, බ්‍රිතාන්‍ය ගුවන් සේවය වන British Airways සහ ස්විට්සර්ලන්ත ගුවන් සේවය වන Edelweiss Air යන ගුවන් සමාගම් තුන මෙලෙස කොළඹ සමඟ සෘජු ගුවන් සම්බන්ධතා ශක්තිමත් කරයි.

ගුවන් ගමන්වල වත්මන් තත්ත්වය

Aeroflot (මොස්කව්–කොළඹ): මෙම ගුවන් සේවය මින් පෙර ගුවන් සේවා ලබා දෙමින් තිබිණි. එම සමාගමේ සේවා 2026 ඔක්තෝබර් 3 වන දින සිට නැවත ආරම්භ වී ඇත. මුලදී සතියට ගුවන් ගමන් දෙකක් ලෙස Boeing 777-300 යානා මගින් ක්‍රියාත්මක වන අතර, පළමු ගුවන් ගමනේදී මගීන් 252ක් පැමිණ ඇත. සංචාරකයින් අඩු කාලයේදී (මැයි මාසයේ) අත්හිටුවා තිබූ මෙම සේවාව සීත කාලය ඉලක්ක කර නැවත ආරම්භ කර ඇත.

British Airways (ලන්ඩන් ගැට්වික්–කොළඹ): මෙම සේවාව 2026 ඔක්තෝබර් 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය. සතියට තුන් වතාවක් Boeing 777 යානා මගින් ක්‍රියාත්මක වන අතර, 2015 සිට පසුව පළමු වරට සෘජු ගුවන් ගමන් ලෙස සපයනු ලැබේ. මෙය සීත කාලය සඳහා පමණක් වන සෘතුමය සේවාවකි.

Edelweiss Air (සුරිච්–කොළඹ): මෙම ගුවන් සේවය 2026 ඔක්තෝබර් 26 වන දින සිට සතියට තුන් වතාවක් ලෙස වැඩි කර ආරම්භ කිරීමට නියමිතය (පෙර සතියට දෙකක් විය). 2027 මැයි දක්වා සීත කාල සේවාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

සංචාරක කර්මාන්තයට බලපෑම

මෙම අතිරේක ගුවන් ගමන් මගින් රුසියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය යන වෙළඳපොළවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වැඩි ආසන ධාරිතාවක් සහ විකල්ප ලැබෙනු ඇත. විශේෂයෙන් යුරෝපීය වෙළඳපොළෙන් පැමිණෙන සංචාරක ප්‍රවාහය ඉහළ නැංවීමට මෙය ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

විදේශ විනිමය උපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක කර්මාන්තයේ පසුබිම තුළ, මෙවැනි ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා පුළුල් වීම ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයට ශක්තිමත් ආධාරයක් වනු ඇත.