LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළට නන්වයි: ආර්ථිකයට ස්ථාවර මට්ටමක්

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් බාහිර මුල්‍යමය අවදානම් අඩුවීම මෙන්ම ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

LSN Sri Lanka · 22 September 2026

ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළට නන්වයි: ආර්ථිකයට ස්ථාවර මට්ටමක්

Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Ratings) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා ඇති අතර, ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳ ස්ථාවර මට්ටමක (Stable Outlook) පවතින බව ප්‍රකාශ කර ඇත.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් බාහිර මුල්‍යමය අවදානම් අඩුවීම මෙන්ම ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

රාජ්‍ය මුල්‍ය හා බාහිර ගෙවුම් ශේෂයන් හි දක්නට ලැබෙන පැහැදිලි වර්ධනය සහ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් නැවත ගොඩනැගීම ද මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්ව ඇත.

රාජ්‍ය ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සහ අඛණ්ඩව මූල්‍ය විනය පවත්වාගෙන යාම තුළින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමගින් රටේ ණය බර පහළ මට්ටමකට ගෙන ඒමටත්, නැවත වරක් බාහිර ආර්ථික අසමතුලිතතාවයක් ඇතිවීමේ අවදානම අවම කිරීමටත් උපකාරී වනු ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවදුරටත් අභියෝග කිහිපයකට මුහුණ දෙමින් සිටින බව Fitch ආයතනය පෙන්වා දෙයි.

මෑතකදී සිදුකළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ සාර්ව ආර්ථික ගැලපීම්වලින් පසුව පවා, සමාන ශ්‍රේණිගත කිරීම් සහිත අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතයක් ලෙස පවතින රජයේ ණය ප්‍රමාණය සහ ණය සේවාකරණ වගකීම් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම මීට හේතුවී ඇත.

එසේම, ඉදිරි වසර පහ තුළ ගෙවීමට ඇති බාහිර ණය වගකීම් ප්‍රමාණය ඉහළ යාම හමුවේ, ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත තවමත් පවතින්නේ සාපේක්ෂව අඩු මට්ටමක බව ද Fitch Ratings වැඩිදුරටත් සඳහන් කරයි.