ඉන්දියාවේ පැවැති BIMSTEC නාවික අභ්‍යාසයකට එක්ව සිටි ශ්‍රී ලංකා නාවික හමුදා කොමාණ්ඩර්වරයෙක් මිය යයි!
අභාවප්‍රාප්ත නිලධාරියාගේ දේහය අඟහරුවාදා (03) ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් කොළඹට රැගෙන එන ලැබීය. දේහය මෙරටට භාරදීමේ කටයුතු සනාථ කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නැවත වරක් සිය සංවේගය පළ කර තිබේ.
LSN Sri Lanka ·

බිම්ස්ටෙක් (BIMSTEC) බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක මුලපිරුම යටතේ පැවැත්වෙන නාවික ආරක්ෂක අභ්‍යාසයකට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස්ති බේ.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 'එස්එල්එන්එස් ගජබාහු' (SLNS Gajabahu) නෞකාවේ සේවයේ නිරතව සිටි කොමාණ්ඩර් එස්.ඒ.එස්.එම්. සමරකෝන් (Commander SASM Samarakoon) නමැති නිලධාරියාය.

2026 නොවැම්බර් 02 වන දින ඉන්දියාවේ ශ්‍රී විජයපුරම් (Sri Vijayapuram) හිදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මෙයට හේතුව බව වාර්තා වේ.

කොමාණ්ඩර් සමරකෝන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය කනගාටුව සහ තදබල ශෝකය පළ කර ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළ පරිදි, අභාවප්‍රාප්ත නිලධාරියා ඉන්දියාවේ පැවැති බිම්ස්ටෙක් සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.

අභාවප්‍රාප්ත නිලධාරියාගේ දේහය අඟහරුවාදා (03) ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් කොළඹට රැගෙන එන ලැබීය. දේහය මෙරටට භාරදීමේ කටයුතු සනාථ කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නැවත වරක් සිය සංවේගය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් හතක් අතර ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක සබඳතා ප්‍රවර්ධනය කරන ප්‍රාදේශීය සංවිධානයක් ලෙස බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය කටයුතු කරයි.