LSN News › Sri Lanka

නීතිවිරෝධී ලෙස එකලස් කළ BMW රථය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්!

නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී BMW රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) දඩ සහ වසර 5කට අත්හිටවූ මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.

LSN Sri Lanka · 25 November 2026

නීතිවිරෝධී ලෙස එකලස් කළ BMW රථය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්!

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී BMW මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ භාවිත කිරීම ඇතුළු මෝටර් රථ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) දඩ සහ අත්හිටවූ සිරදඬුවම් නියම කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව එක් එක් චෝදනාව සඳහා නියම වූ දඬුවම් මෙසේය:

පළමු චෝදනාව: රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර ඇත.

දෙවැනි චෝදනාව: රුපියල් ලක්ෂයක (100,000) දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

තුන්වැනි චෝදනාව: රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

කොළඹ පෞද්ගලික හෝටලයක අතහැර දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම සුඛෝපභෝගී BMW මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අදාළ චැසි (Chassis) අංකය සහිත වාහනයක් නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව විසින් තහවුරු කරන ලදී. එමෙන්ම, එය නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ද තහවුරු කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව මෝටර් රථ පනත යටතේ චෝදනා තුනක් ගොනු කර තිබූ අතර, ඔහු 2026 ඔක්තෝබර් 28 වන දින එම චෝදනා තුනටම අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. වරද පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම නොවැම්බර් 11 වන දින සිට අද (නොවැම්බර් 25) දක්වා කල් තැබීමට වැඩබලන කොටුව මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි නියෝග කර තිබූ අතර, අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ තමාට එරෙහිව මෝටර් රථ පනත යටතේ චෝදනා තුනක් පමණක් පවරා තිබූ බවත්, වාහනය ආනයනය කිරීම, හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවත්ය. තමා එම වාහනයේ හිමිකරු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.