LSN News › Sri Lanka

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අපේක්ෂාවෙන් Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ !

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත VIYASA (වියාසා) ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින්ට තමන් මුහුණ දෙන ගැටලු, යෝජනා හෝ පැමිණිලි පහත සඳහන් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ නොමිලේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.

LSN Sri Lanka · 20 November 2026

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අපේක්ෂාවෙන්  Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ !

රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කටයුතුවලදී පෞද්ගලික අංශයේ සමාගම් සහ රාජ්‍ය ආයතන අතර පැන නගින ගැටලු කඩිනමින් නිරාකරණය කර, බාධා ඉවත් කරමින් ඉදිකිරීම් ව්‍යාපෘති වඩාත් වේගවත් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ “Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ නිල වශයෙන් විවෘත කෙරිණි.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු වූ අතර, ඊට සමගාමීව [https://nbfc.presidentsoffice.gov.lk/](https://nbfc.presidentsoffice.gov.lk/) නිල වෙබ් අඩවිය ද එළිදක්වනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත VIYASA (වියාසා) ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින්ට තමන් මුහුණ දෙන ගැටලු, යෝජනා හෝ පැමිණිලි පහත සඳහන් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ නොමිලේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.

වෙබ් අඩවිය: [https://nbfc.presidentsoffice.gov.lk/](https://nbfc.presidentsoffice.gov.lk/)

විද්‍යුත් තැපෑල: info.nbfc@presidentsoffice.lk

දුරකථන අංකය: 011 267 2750

වට්ස්ඇප් (WhatsApp): 077 354 3495

ලිපිනය (තැපෑලෙන් හෝ පැමිණ භාරදීමට): C80, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07.