සිරාන් බාසික් විමර්ශනයට අදාලව හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු CCIB හමුවට!
පොලිසිය පවසන පරිදි මෙම කැඳවුම නිකුත් කර ඇත්තේ වර්තමානයේ රැඳවුම් නියෝගයක් යටතේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සිරාන් බාසික් සම්බන්ධ විමර්ශනයට අදාළව ය
LSN Sri Lanka ·

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් නිකුත් කළ කැඳවුමකට අනුව හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු අද (සැප්තැම්බර් 03) එම කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

. එහිදී සිරාන් බාසික්ගෙන් අරුන්දික ප්‍රනාන්දු වෙත මුදල් ලැබී ඇති බවට චෝදනා මතුවී ඇති බව පොලිස් මාධ්‍ය මූලාශ්‍ර සඳහන් කරයි.

ෂිරාන් බාසික් විසින් හෙළි කරන තොරතුරු මත පදනම්ව මෙම ප්‍රශ්න කිරීම සිදුවන අතර එහිදී ඔහුට අයත් බව කියන හෝටලයක් සම්බන්ධයෙන් ද විමසීමට ලක්වන බව සඳහන් වේ.

ධනසිරි අමරතුංග ගෙන්වා ප්‍රශ්න කිරීම

මීට පෙර දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ද මෙම විමර්ශනයට සම්බන්ධව CCIB වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. එය ද සිරාන් බාසික් සම්බන්ධ අඛණ්ඩ විමර්ශනයේ කොටසක් ලෙස සැලකේ.

සිරාන් බාසික් (වයස අවුරුදු 48 පමණ, දෙහිවල පදිංචි) 2018 දී නීත්‍යානුකූලව ඩුබායි වෙත ගොස් සිටි අතර එහිදී ව්‍යාපාරිකයෙකු ලෙස ජීවත් වූ බව පොලිසිය පවසයි. 2026 මැයි මාසයේ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය.

මේ වනවිට ඔහු දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ තවදුරටත් ප්‍රශ්න කරමින් ඇත.