LSN News › Sri Lanka

මෝදර නිපුනගේ බිරියගේ ව්‍යාජ ගමන් බලපත්‍රය: CID විසින් ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට!

ඇය බැංකොක් හරහා ඩුබායි වෙත ගමන් කිරිමෙන් පසු ව්‍යජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම අනාවරණය වූ පසු ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරනු ලැබිණි.

LSN Sri Lanka · 30 September 2026

මෝදර නිපුනගේ බිරියගේ ව්‍යාජ ගමන් බලපත්‍රය: CID විසින් ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට!

සංවිධානාත්මක අපරාධ ජාලයකට පහසුකම් සැපයූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

</p>

<p>

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පොලිස් වාර්තාවල සඳහන් වන මෝදර නිපුනගේ බිරිය විදෙස්ගත වීමට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියකට ආධාර අනුබල දීමය සම්බන්ධයෙන් මෙම නිලධාරියා චෝදනා ලැබ ඇත.

</p>

<p>

මෝදර නිපුනගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නේ 2026 මාර්තු 26 වනදාය. ඇයට එල්ල වී තිබුණු චෝදනාව වූයේ ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර විදෙස්ගත වීමය.

</p>

<p>

ඇය බැංකොක් හරහා ඩුබායි වෙත ගමන් කිරිමෙන් පසු ව්‍යජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම අනාවරණය වූ පසු ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරනු ලැබිණි. අනතුරුව අත් අඩංගුවට පත් වුන මෝදර නිපුනගේ බිරිය විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව කළ විමර්ශනමත පදනම්ව ඉහත ආගමන විගමන නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.