LSN News › Sri Lanka

පොඩි ලැසිගේ ආසන්නතම සහචරයා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාර පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

LSN Sri Lanka · 15 October 2026

පොඩි ලැසිගේ ආසන්නතම සහචරයා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට !

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන පොඩි ලැසි නමැත්තාගේ ආසන්නතම සහචරයෙකු වූ අල්මේදා නොහොත් විරාජ් රෂ්මික ද සොයිසා (29) ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාර පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ කතාවේ පෙළ මෙසේය.

පසුගිය 2026 ජූනි 23 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ පොද්දල ප්‍රදේශයේ ගිං ගඟේ වක්වැල්ල පාලම අසල තිබී දේහයක් හමු විය. හමු වන අවස්ථාවේදී අත් සහ පාද බැඳ තිබූ එම සිරුරේ මුහුණ දරුණු ලෙස විකෘති කර තිබිනි. උඩට මතු නොවන්නට සිරුර කොන්ක්‍රීට් කණුවකට තබා බැඳ දමා තිබුණත් එම කොන්ක්‍රීට් කණුව පිටින්ම සිරුර ඉහළට ඇවිත් පාවෙමින් තිබිණි.

සිරුරේ මුහණු හඳුනා ගත නොහැකි තරමට විකෘති කර තිබිණි. ඒ හේතුව නිසා මුල් අවස්ථාවේදී සිරුර හඳුනාගැනීමටත් නොහැකි වූයේය. පසුව මෙසේ ඝාතනය කර තිබුණේ අහුංගල්ල පදිංචිකරුවෙක් වූ විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් "අල්මේදා" නැමැත්තා බව තහවුරු වූයේය.ඒ ඔහු සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක් විසින් සිරුරේ තිබූ විශේෂ "පච්චා" (Tattoos) මඟින් ඔහුව හඳුනා ගැනීමෙන් අනතුරුවය. පසුව ඔහුගේ මව්පියන් ද සිරුර හඳුනා ගත්හ. වසර හතරක් තිස්සේ මේ තැනැත්තා දෙමව්පියන් සමග සබඳතා පවත්වා තිබුණේ නැත.

අනතුරුව මෙම මරණය සම්බන්ධව බරපතල විසංවාදයක් ඇති විය. ඝාතනය වී තිබුණේ අපරාධකරුවෙක් ලෙස චෝදනා ලැබූ තැනැත්තෙකි. එහෙත් අනාවරණය වූ කාරණා අනුව ඔහුව පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධීවය. බද්දේගම පොලිසිය තුළ දී මේ පුද්ගලයා අත් අඩංගුවේ පසුවන ආකාරය හඳුනා ගත් ඇසින් දුටු සාක්ෂි විය. එහෙත් දස වද දී ඝාතනය කළ ඔහුගේ දේහය ගං ගඟේ වක්වැල්ල පාලම අසලින් හමුවන්නේය. අනෙක මෙම පුද්ගලයාගේ දේහය හමුවන තුරුම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහු අත් අඩංගුවට පත් වූ බවට දැනුම් දීමක් හෝ අත් අඩංගුවට ගත් බවට පොලිස් පොත්වල නිල සටහන් දැමීමක් සිද්ධ වී තිබුණේ නැත.

සිද්ධියේ බරපතලම කෑල්ල මතුවන්නේ පොලිස් කණ්ඩායම විසින් මෙම පුද්ගලයා මරා දමා ඇත්තේ ඔහුගේ ප්‍රවිරුද්ධ පාතාල කල්ලියකින් ලබා ගත් රුපියල් කෝටි දෙකක ඝාතන කොන්ත්‍රාත්තුවක් නිසා බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.

ඔහුව ඝාතනය කරන ආකාරය සහ දස වද දෙන ආකාරය වීඩියෝ කර කොන්ත්‍රාත්තුව ලබා දුන් ප්‍රතිවරුද්ධ පාතාල කල්ලි නායකයා වෙත යැවූ බව ද ට චෝදනා එල්ල වී තිබිණි. පොලිසියේ මේ විකල් හැසිරීම සමාජයේ බරපතල ගර්හාවට ලක් වූයේය. මාස ගණනක් කළ විමර්ශනවලින් අනතුරුව පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගන්නේ අදය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. මෙතෙක් මියගිය පුද්ගලයාගේ හෝ අත්අඩංගුවට පත් ප්‍රධාන පරීක්ෂකවරයාගේ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.