මහරගම පිළිකා රෝහලට චීනයෙන් ප්‍රදානය කළ පෙට් ස්කෑනරයක් පෙන්වා සිරිලිය සවිය මුදල් වංචාවක් කළා ද?... නීතිපති නියමයෙන් CID විමර්ශනයක්!
චීනයෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලැබෙන බව තහවුරු වී තිබිය දී මෙම ආධාර ඉල්ලීම ‘සුව උදාන’ නමැති ව්‍යාපෘතියක් හරහා සිදු කර තිබුණද, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අදාළ මුදල් තැන්පත් කර ඇත්තේ ‘සිරිලිය සවිය’ සංවිධානයට අයත් බැංකු ගිණුමකට බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
LSN Sri Lanka ·

මහරගම අපේක්ෂා පිළිකා රෝහල සඳහා ‘පෙට් ස්කෑනර්’ (PET Scanner) යන්ත්‍රයක් චීනයෙන් ලැබෙන බව දැන දැනම පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර එකතු කළ ව්‍යාපෘතියක් වෙනුවෙන් ‘සිරිලිය සවිය’ ගිණුමට රුපියල් මිලියනයක මුදලක් තැන්පත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබේ.

මෙම ආධාර ඉල්ලීම ‘සුව උදාන’ නමැති ව්‍යාපෘතියක් හරහා සිදු කර තිබුණද, අදාළ මුදල් තැන්පත් කර ඇත්තේ ‘සිරිලිය සවිය’ සංවිධානයට අයත් බැංකු ගිණුමකට බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මහරගම අපේක්ෂා රෝහල වෙත රුපියල් මිලියන 50ක් වටිනා පෙට් ස්කෑනර් යන්ත්‍රයක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට ඒ වන විටත් නිල වශයෙන් තහවුරු කර තිබියදී, මෙලෙස යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් ආධාර එකතු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම්වල දැඩි සැකය මතුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

විමර්ශකයන් පෙන්වා දෙන්නේ ‘සුව උදාන’ ව්‍යාපෘතියේ ඉල්ලීම මත ‘සිරිලිය සවිය’ ගිණුමට අදාළ මුදල් තැන්පත් කරන අවස්ථාව වන විටත්, චීනයෙන් මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවට හිමිවන බවට තහවුරු වී තිබූ බැවින් මෙම මුදල් තැන්පත් කරවා ගැනීම අපරාධමය ලෙස මුදල් සතුකර ගැනීමක් (Criminal Misappropriation) ලෙස සැලකිය හැකි බවයි.

මීට අමතරව, අදාළ පෙට් ස්කෑනර් යන්ත්‍රය මිලදී ගන්නා බව පවසමින් පුද්ගලික බැංකු කිහිපයකින්ද මෙලෙස ආධාර ඉල්ලා ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. යන්ත්‍රය පරිත්‍යාගයක් ලෙස ලැබෙන බව තහවුරු වී තිබියදීත්, උපකරණය මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් එකතු කර කිසියම් වංචාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සතියක් ඇතුළත ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.