LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනමට අධිකරණය එරෙහි වෙයි... ට්‍රම්ප් තහනම් කළ CNN, MS NOW සහ Politico මාධ්‍යවේදීන්ට ධවල මන්දිර ප්‍රවේශය හිමි වෙයි...

විනිසුරුවරයා විසින් ට්‍රම්ප්ගේ තහනමට එරෙහිව තාවකාලික තහනම් නියෝගයක් (preliminary injunction) නිකුත් කරන ලද අතර, ඉහළ අධිකරණයකින් වෙනස් තීන්දුවක් නොලැබෙන්නේ නම්, අදාළ නඩුවේ පූර්ණ නඩු විභාගය අවසන් වන තෙක් මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයේ රැඳී සිටිමින් වාර්තාකරණයේ යෙදීමට ඒ අනුව නීතිමය ඉඩකඩ හිමිවේ.

LSN Sri Lanka · 14 October 2026

ට්‍රම්ප්ගේ මාධ්‍ය  තහනමට   අධිකරණය  එරෙහි වෙයි... ට්‍රම්ප් තහනම් කළ  CNN, MS NOW සහ Politico මාධ්‍යවේදීන්ට ධවල මන්දිර ප්‍රවේශය හිමි වෙයි...

CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයේ තොරතුරු වාර්තා කිරීමේ ප්‍රවේශය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර දෙමින් අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝගයක් නිකුත් කර තිබේ.

අමෙරිකානු දිසා විනිසුරු තිමෝති කෙලී (Timothy Kelly) ඊයේ (13 ) අඟහරුවාදා ප්‍රකාශ කළේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ මාධ්‍යවේදීන් තහනම් කිරීමට දැරූ උත්සාහයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කර ඇති බවට සාක්ෂි පවතින බවය.

ඒ අනුව විනිසුරුවරයා විසින් ට්‍රම්ප්ගේ තහනමට එරෙහිව තාවකාලික තහනම් නියෝගයක් (preliminary injunction) නිකුත් කරන ලද අතර, ඉහළ අධිකරණයකින් වෙනස් තීන්දුවක් නොලැබෙන්නේ නම්, අදාළ නඩුවේ පූර්ණ නඩු විභාගය අවසන් වන තෙක් මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයේ රැඳී සිටිමින් වාර්තාකරණයේ යෙදීමට ඒ අනුව නීතිමය ඉඩකඩ හිමිවේ.

මාධ්‍ය තහනමට හේතුව

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ CNN, Politico සහ MS NOW යන මාධ්‍ය ආයතන තමන්ට එරෙහිව "මනඃකල්පිත සහ අසත්‍ය තොරතුරු" (fiction and lies) පතුරුවන බැවින් ඔවුන්ට තමන්ව ආවරණය කිරීමට ඉඩ නොදිය යුතු බවය. ඉන් අනතුරුව එම මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කෙරිණි.

මෙම තහනමට එරෙහිව අදාළ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අධිකරණය හමුවට ගියේය. ජනාධිපතිවරයා තමන්ට අවාසිදායක වාර්තාකරණයන් උදෙසා පලිගැනීමේ පියවරක් ලෙස මෙම තහනම පනවා ඇති බවත්, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහස සුරකින අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය (First Amendment) දැඩි ලෙස උල්ලංඝනය වන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එමෙන්ම රජය නිසි නෛතික පටිපාටිය (due process) අනුගමනය නොකළ බවද ඔවුහු චෝදනා කළහ.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥයින් තර්ක කළේ මෙම තහනම ජාතික ආරක්ෂාවට අදාළ තීරණයක් බවය. නමුත් විනිසුරු තිමෝති කෙලී එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ සිදුකරන ලද ප්‍රකාශයන් පදනම් කරගනිමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, මාධ්‍ය ආයතනවල වාර්තාකරණය පක්ෂපාතී සහ අසත්‍ය බවට වූ පෞද්ගලික මතය මත පදනම්ව මෙම තහනම පනවා ඇති බවය. මෙය නීති විරෝධී "මතවාදී පදනමින් සිදුකළ වෙනස්කම් කිරීමක්" (unlawful viewpoint discrimination) ලෙස විනිසුරුවරයා සඳහන් කළේය.

එසේම, ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත එල්ල කරන චෝදනා පදනම් විරහිත බවට තමන් තීන්දු නොකරන බවත්, මෙහිදී නීති විරෝධී වන්නේ ජනාධිපතිවරයා එම තහනම ක්‍රියාත්මක කිරීමට අනුගමනය කළ නීති විරෝධී ක්‍රියාමාර්ගය පමණක් බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අතීතයේ සිටි අමෙරිකානු ජනාධිපතිවරුන්ද මාධ්‍ය සමඟ විවිධ ගැටුම් ඇතිකරගෙන තිබුණද, ට්‍රම්ප්ගේ ප්‍රවේශය ඊට වඩා දැඩි සහ ආක්‍රමණශීලී එකක් වී තිබේ. ඔහු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ගණනාවකට ධවල මන්දිරයට ඇතුළු වීමට තිබූ ඉඩකඩ සීමා කර ඇති අතර, මාධ්‍යවේදීන් පුද්ගලිකව විවේචනය කිරීමට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කර ඇත. ඒ අතරම, තමන්ගේ පාලනයට හිතවත් ලෙස ක්‍රියාකරන මාධ්‍ය ආයතන සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීමටද ඔහු කටයුතු කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා විනිසුරු කෙලී විසින් නිකුත් කරන ලද හදිසි නියෝගයකින් පසුව, ධවල මන්දිරය විසින් මෙම මාධ්‍යවේදීන්ගේ අවසර පත්‍ර තාවකාලිකව යථා තත්ත්වයට පත් කරන ලදී. අඟහරුවාදා නිකුත් වූ නව නියෝගය මගින් එම නීතිමය ආරක්ෂාව නඩුව විභාග වන සමස්ත කාලසීමාව දක්වාම දීර්ඝ කෙරේ.

දෙපාර්ශ්වයේ ප්‍රකාශ

ඔක්තෝබර් 8 වැනිදා මෙම නඩුව කැඳවීමේ දී මාධ්‍ය ආයතන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තියෝඩෝර් බූට්‍රොස් (Theodore Boutrous) ප්‍රකාශ කළේ, "ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අඩපණ කිරීමටයි. තමන්ට හිතකර ලෙස මාධ්‍ය වාර්තාකරණය වෙනස් කරගැනීමට ඔහු බලපෑම් කරමින් සිටිනවා," යනුවෙන්.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මයිකල් වෙල්චික් (Michael Velchik) තහනම සාධාරණීකරණය කරමින් කියා සිටියේ, අදාළ මාධ්‍ය ආයතන "සාධාරණීකරණය කළ නොහැකි හැසිරීමක" නිරත වී ඇති බවයි.

මෙම නීතිමය අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයට (midterm elections) සති කිහිපයකට පෙරය. උද්ධමනය සහ ඉරාන යුද්ධය ඇතුළු අර්බුද හේතුවෙන් මෑතකදී පවත්වන ලද ජනමත විචාරණයන්හිදී ට්‍රම්ප්ගේ ජනප්‍රියතා මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම නඩුවේ අවසන් තීන්දුව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. විනිසුරු කෙලී විසින් අවසන් තීන්දුව දෙන තෙක් හෝ ඉහළ අභියාචනාධිකරණයක් මගින් මෙය වෙනස් කරන තෙක් මෙම තාවකාලික තහනම් නියෝගය බලපැවැත්වෙනු ඇත.