LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

අද රාත්‍රියේ ඇමරිකාව එළිදක්වන්නට නියමිත Economic D-Day දැවැන්තම මූල්‍ය ප්‍රහාරයට ඉරානයෙන් ලැබෙන තියුණු ප්‍රතිචාරය ලෝකය තිගස්වන අයුරු...

නව සම්බාධක මොනවාද, ඒවා කාට බලපානවාද වැනි නිල විස්තර අද (සඳුදා) ඇමරිකානු කාලයෙන් පස්වරු 2.00ට බෙසන්ට් විසින් පවත්වන මාධ්‍ය හමුවකදී නිකුත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී ලංකා කාලයෙන් රාත්‍රී 11.30 පමණ ය.

LSN Sri Lanka · 24 August 2026

අද රාත්‍රියේ ඇමරිකාව එළිදක්වන්නට නියමිත  Economic D-Day  දැවැන්තම මූල්‍ය ප්‍රහාරයට   ඉරානයෙන් ලැබෙන තියුණු ප්‍රතිචාරය ලෝකය තිගස්වන අයුරු...

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව පැනවීමට නියමිත නවතම දැවැන්ත ආර්ථික සම්බාධක මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි උණුසුම් සංවාදයක් නිර්මාණය වී ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් මෙම මෙහෙයුම “Economic D-Day” හෙවත් මින් පෙර ලෝකයේ කිසිම ජාතියක් වෙත එල්ල නොවූ විරූ ප්‍රහාරයක් බව ප්‍රකාශ කර තිබේ.

මේ ලියන මොහොත වනවිට (2026 අගෝස්තු 24, සඳුදා) ඇමරිකාව විසින් “Economic D-Day” යන නමින් හඳුන්වන නව ආර්ථික මෙහෙයුමේ සම්පූර්ණ විස්තර සහිත නිල ප්‍රකාශය නිකුත් කර නැත.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) ඊයේ (අගෝස්තු 23 දා ඉරිදා ) රාත්‍රියේ සහ Financial Times පුවත්පතට ලිපියක් සපයමින් ප්‍රකාශ කළේ “At dawn begins an economic D-Day” (උදෑසනින් ආර්ථි economic D-Day ආරම්භ වේ) යනුවෙනි

නව සම්බාධක මොනවාද, ඒවා කාට බලපානවාද වැනි නිල විස්තර අද (සඳුදා) ඇමරිකානු කාලයෙන් පස්වරු 2.00ට බෙසන්ට් විසින් පවත්වන මාධ්‍ය හමුවකදී නිකුත් කිරීමට නියමිතය. එනම් ශ්‍රී ලංකා කාලයෙන් රාත්‍රී 11.30 පමණ ය.

මේ වනවිට ඇමරිකානු උත්සාහයට එරෙහිව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ විදේශ අමාත්‍යාංශය එකහෙළා ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික හා හමුදාමය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අප මේ සංවාදය කරන්නේ බිහිසුණු යුද්ධයක් වෙනත් ආකාරයෙන් ඇරඹී සමස්ථ ලෝකයම ගොදුරු කරගැනීමේ මාරකයට මුහුණ දීමේ ව්‍යසනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පැය කීපයකට පෙරය.

දෝලනය වන ගෝලීය වෙළඳපොළ සහ චීනයට කෙරෙන ඇමරිකානු බලපෑම

මෙම පියවර මගින් ඉරානය සමඟ තෙල් සහ වෙනත් නිල නොවන වෙළඳාම්වල නිරත වන තෙවන පාර්ශවීය රටවල් හා ආයතන ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් දැඩි ද්විතීයික සම්බාධක (secondary sanctions) පැනවීමට නියමිත බව වාර්තා වේ. විශේෂයෙන්ම ඉරාන තෙල්වල ප්‍රධානතම මිලදී ගන්නෙකු වන චීනය වැනි බලවත් රාජ්‍යයන් මෙම ආර්ථික සම්බාධක හමුවේ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමුව ඇත.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ඉරාන තන්ත්‍රයට ආර්ථික වශයෙන් පණ දෙන ඕනෑම රටක් හෝ ආයතනයක් ඇමරිකානු මූල්‍ය පද්ධතියෙන් සහමුලින්ම කොන් කිරීමේ අවදානමට මුහුණ දෙන බවය. මෙවැනි තදබල සම්බාධක හමුවේ මිනිස් සංහතියම බලශක්ති අර්බුදයක කරවටක් ගිලි යෑමේ අවදානමකය. ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමේ අති විශාල සම්භාවිතාවක් ලෝකය ඉදිරියේ ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ ඉරාන අනතුරු ඇඟවීම

ට්‍රම්ප් පරිපාලනයේ මෙම පියවරට එරෙහිව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසෙයි (Mohsen Rezaei) X පනිවිඩයක් නිකුත් කරමින් දැක්වූයේ අතිශය තියුණු ප්‍රතිචාරයකි.

ඔහු සිය X (ට්විටර්) සටහනින් අවධාරණය කරන්නේ ඇමරිකාව මෙම ආර්ථික යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, හෝමුස් සමුද්‍ර සන්ධියෙන් හෝ පර්සියානු බොක්කේ වෙනත් කිසිදු ස්ථානයකින් තෙල් අවුන්සයක්වත් අපනයනය කිරීමට ඉඩ නොදෙන බවය.

“ආර්ථික යුද්ධය දිගටම පැවතුණහොත්, හෝමුස් සමුද්‍ර සන්ධියෙන් හෝ පර්සියානු බොක්කේ කොතැනකින්වත් තෙල් බිංදුවක්වත් අපනයනය නොකෙරේ. ඉරාන ජනතාවට එරෙහිව ඇමරිකාවේ ආර්ථික යුද්ධයට කිසියම් රටක් සහභාගී වීම හෝ සහාය දැක්වීම යුධමය ක්‍රියාවක් ලෙස ඉරානය සලකනු ඇත."

- මොහ්සෙන් රෙසෙයි, ලේකම් - ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය - එම සටහනේ සිංහල අනුවර්තනය එසේය.

ඇමරිකාවේ හමුදාමය පරාජය පිළිබඳ නිහඬ පිළිගැනීමක්" - IRGC

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් හොසේන් මොහෙබ්බි (Hossein Mohebbi) පෙන්වා දෙන්නේ, ඇමරිකාව මූල්‍ය හා ආර්ථික සම්බාධක පිටුපස සැඟවීමට උත්සාහ කරන්නේ හමුදාමය ක්ෂේත්‍රයේදී ලැබූ පරාජය වසා ගැනීමට බවයි.

වසර 47ක් තිස්සේ ඇමරිකාව ඉරානයට එරෙහිව විවිධ මාදිලියේ ආර්ථික පීඩනයන් එල්ල කළ ද, ඉරාන ජාතිය එම සෑම සතුරු ක්‍රියාවකටම එරෙහිව විකල්ප සහ ශක්තිමත් ආර්ථික සැලසුම් සකස් කර ඇති බව ඔහු අවධාරණය කළේය. ඕනෑම අහිතකර බලපෑමක් කළමනාකරණය කර ගනිමින් මිත්‍රශීලී රාජ්‍යයන් සමඟ වෙළඳ සබඳතා පවත්වා ගැනීමට ඉරානයට පූර්ණ හැකියාව ඇති බව ද IRGC ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායි (Ismael Baghaei) ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතියට පටහැනි නීති විරෝධී මෙහෙයුමක් ලෙස හඳුන්වා දී ඇත. ඇමරිකාව සිය ද්විතීයික සම්බාධක හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන සාමාජික රාජ්‍යයන් මත ස්වකීය පරමාධිපත්‍යය බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

ස්මායිල් බගායි කියන්නේ මෙසේය.

ස්වෛරී සමානාත්මතාවය උල්ලංඝනය:- මෙම පියවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(1) වගන්තියේ සඳහන් ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය සෘජුවම බිඳහෙළීමකි.

නීත්‍යානුකූල වෙළඳාමට බලපෑම්:- වෙනත් ස්වෛරී රාජ්‍යයක බැංකු, පෞද්ගලික ව්‍යවසාය හෝ වරාය හා ගුවන්තොටුපොළවලට නීත්‍යානුකූල වෙළඳාමෙන් වැළකී සිටීමට නීතිමය බලපෑම් කිරීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නැත.

ජන ජීවිතයට එල්ල වන ප්‍රහාර:-  අසාර්ථක වූ පැරණි උපක්‍රම නැවත භාවිතා කිරීම මගින් සිදුවන්නේ සාමාන්‍ය ජනතාව මත ආර්ථික පීඩනය වැටීමයි.

එමෙන්ම ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araqchi) ප්‍රකාශ කළේ ඇමරිකාව හමුදාමය ක්‍රියාමාර්ගවල සිට නැවතත් පැරණි සම්බාධක වෙත මාරු වීමෙන්ම ඔවුන්ගේ අසරණභාවය පෙන්නුම් කරන බවය.

ගෝලීය තෙල් අර්බුදයක් සහ භූදේශපාලනික බලපෑම -

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් පංගුවක් (20%) පමණ ගමන් කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආතතිය වර්ධනය වීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව ඇත. ඉරානය අවධාරණය කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සහ ආරක්ෂාව එහි වෙරළබඩ රාජ්‍යයන්ට හිමි විය යුතු බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ පර්සියානු බොක්කේ වෙනත් කිසිදු ස්ථානයකින් තෙල් බින්දුවක්වත් (නැතහොත් තෙල් අවුන්සයක්වත්) අපනයනය කිරීමට ඉඩ නොදෙන බවට මොහ්සෙන් රෙසෙයි (Mohsen Rezaei) කරන අවධාරණය හුදු අධි තක්සේරුවක් පමණක් නොවන බව තේරුම් ගත යුතුය. ට්‍රම්ප්ගේ විකල් ස්වරූපය නිහඬව දරා ගැනීම චීන සහ රුසියානු වැනි විශාල ආර්ථිකයන්ට කළ හැක්කේ සීමාවක් තුළය.

චීනය ඉරාන තෙල්වලින් විශාල කොටසක් මිලදී ගන්නා රටකි. පැනවිය හැකි ද්විතීයික සම්බාධක ඔවුන්ගේ බැංකු සහ වෙළඳ ජාලවලට සෘජුවම බලපානු පෙනේ. එබැවින් මෙම ආතතිය දිගටම ඉහළ ගියහොත්, ඇමරිකාවේ සම්බාධකවලට නතු වී චීනය හෝ රුසියාව නිහඬවනු ඇතැයි සිතනවාට වඩා, උත්සන්නවන ආතතීන් හි අවසාන ඵලය තියුණු බෙදීමකට ගොස් ස්ථාවර වීමේ අන්තයට වඩාත් සමීප බව පෙනේ. .

ඉදිරි පැය කිහිපයේදී ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයාගේ නිල මාධ්‍ය හමුවෙන් පසුව එළිදක්වන සම්බාධකවල නිශ්චිත ස්වභාවය මත ලෝක ආර්ථිකයේ සහ මැදපෙරදිග කලාපීය ආරක්ෂාවේ ඉදිරි ගමන්මඟ තීරණය වනු ඇත. ප්‍රශ්නය වන්නේ ඒ ගැටුමේ සාතිශය ගැඹුරු ඛේදවාචකයේ කඳුළු මේ කිසිම හත්තිලව්වකට වග කිවයුතු නැති නො හද්දා පිටිසර අපේ අසරණ ගැමියන්ගේ බත් පතටත් වැටීමය.