LSN News › Sri Lanka

මඩකලපුව මහාධිකරණයෙන් හිටපු EPDP සාමාජිකයන් අට දෙනෙකුට මරණ දඬුවම!

අධිකරණයේදී අනාවරණය වූ අන්දමට, 2008 ජුනි 19 වැනිදා එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් මහතා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත. පසුව මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා ඝාතනය සැඟවීමට උත්සාහ කර තිබූ බවද නඩු විභාගයේදී හෙළි විය.

LSN Sri Lanka · 19 November 2026

මඩකලපුව මහාධිකරණයෙන් හිටපු EPDP සාමාජිකයන් අට දෙනෙකුට මරණ දඬුවම!

2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බලප්‍රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය අද (නොවැම්බර් 19) මරණ දඬුවම නියම කළේය.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ සැකකරුවන් නව දෙනා අතුරින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කරන ලදී.

සිද්ධියේ පසුබිම

අධිකරණයේදී අනාවරණය වූ අන්දමට, 2008 ජුනි 19 වැනිදා එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් මහතා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත.

පසුව මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා ඝාතනය සැඟවීමට උත්සාහ කර තිබූ බවද නඩු විභාගයේදී හෙළි විය.

නඩු ක්‍රියාවලිය

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් ඊ.පී.ඩී.පී. සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. මූලික මහේස්ත්‍රාත් නඩු විභාගයෙන් අනතුරුව 2016 වර්ෂයේදී නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කරන ලදී. පැහැරගැනීම සඳහා භාවිත කළ බව කියන වෑන් රථයද විමර්ශනවලදී සොයා ගනිමින් දීර්ඝ නඩු විභාගයක් පවත්වාගෙන යන ලදී.

චෝදනාවලට වරදකරුවන් වූ අට දෙනාට මරණ දඬුවම නියම කරන ලද අතර, තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔවුන් මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.