LSN News › Sri Lanka

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට ගෝඨාභය FCIDයට පැමිණෙයි!

අද පෙරවරු 9.15 ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි හිටපු ජනාධිපතිවරයාගෙන් පස්වරු 1 පමණ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

LSN Sri Lanka · 11 September 2026

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට ගෝඨාභය FCIDයට පැමිණෙයි!

2006 වසරේ සිදුවූ බව කියන මිග් යානා ගනුදෙනුවේ මූල්‍ය අක්‍රමිකතාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණියේය.

අද පෙරවරු 9.15 ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි හිටපු ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මෙම මූල්‍ය අක්‍රමිකතාවට අදාළව, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් ද ඊයේ දිනයේ දී පැය පහකට අධික කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

මොකක්ද මේ මිග් යානා ගනුදෙනුව?

2006 වසරේදී යුක්‍රේනයෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සිදුවිය. එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ මෙය යුක්‍රේන රජයට අයත් 'යුක්‍රේන් මාෂ්' ආයතනය සමඟ ආණ්ඩුවෙන් ආණ්ඩුවට (G2G) සිදුකළ ගනුදෙනුවක් බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය මෙම ගනුදෙනුව වෙනුවෙන් ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක්, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි ලියාපදිංචි 'බෙලිමිස්සා හෝල්ඩින්ග්ස්' නම් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට යොමු කර ඇති බව පසුව අනාවරණය විය.

යුක්‍රේන රජයේ ආයතනයට ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණක් වන අතර, ඉතිරි ඩොලර් මිලියන 7 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට වාර්තා කර තිබුණි.

වසර තුනක කාලයක් පුරා සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ 2006 ජූලි 26 වන දින ඇති කරගත් මෙම ගිවිසුම ව්‍යාජ එකක් බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුදල් ගෙවා ඇති 'බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් ලිමිටඩ්' සමාගමේ ලන්ඩන් ලිපිනයේ ඇත්තේ පුටුවක්, මේසයක් සහ ලිපිනයක් පමණක් බවත්, එම මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් හි රහසිගත ගිණුමකට බැර කර ඇති බවත් පරීක්ෂණවලදී වැඩිදුරටත් තහවුරු වී ඇත.