අයියෝ සල්ලි... උසස් පෙළ GIT විභාගයෙන් රුපියල් මිලියන ගණනක මුදල් අපතේ ගොස් ඇති බවට විගණනයෙන් හෙළිවෙයි!
එම විභාගය පැවැත්වූ අවස්ථා තුන තුළදී අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා ඉල්ලුම් කර ඇත්තේ සියයට 36ක ප්‍රමාණයක් පමණි. එසේ ඉල්ලුම් කළ සිසුන් අතුරින් ද සියයට 42ක්ම විභාගයට පෙනී සිටීම සඳහා පැමිණ නොමැති බව විගණන වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
LSN Sri Lanka ·

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පසුගිය 2019-2024 වර්ෂ හයක කාලය තුළ අවස්ථා තුනකදී පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය වෙනුවෙන් රුපියල් මිලියන 507ක මුදලක් වැය කළ ද, ඒ හරහා අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම විභාගය පැවැත්වූ අවස්ථා තුන තුළදී අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා ඉල්ලුම් කර ඇත්තේ සියයට 36ක ප්‍රමාණයක් පමණි. එසේ ඉල්ලුම් කළ සිසුන් අතුරින් ද සියයට 42ක්ම විභාගයට පෙනී සිටීම සඳහා පැමිණ නොමැති බව විගණන වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඇගයීම් වියදම් හැර, විභාගය පැවැත්වූ අවස්ථා තුන තුළදී විභාග වියදම් ලෙස පමණක් රුපියල් 216,554,520ක (විසිඑක්කෝටි හැටපන්ලක්ෂ පනස්හතරදහස් පන්සියවිස්සක) මුදලක් වැය කර තිබේ. විභාගයට අයදුම් කර පෙනී නොසිටි සිසුන් සංඛ්‍යාව 377,816ක් වන අතර, එම සිසුන් වෙනුවෙන් රුපියල් 91,050,461ක (නමකෝටි දසලක්ෂ පනස්දහස් හාරසියහැටඑකක) මුදලක් නිෂ්කාර්යයේ වැය වී ඇති බව ද විගණනය මගින් පෙන්වා දෙයි.

තවද, අ.පො.ස උසස් පෙළ විභාගයට සමගාමීව මෙම සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.