LSN News › Sri Lanka

"දේශපාලකයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ GMOA ලේකම්ට ස්වාධීන වෙන්න බෑ" - නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි GMOA දේශපාලනය ගැන කතා කරයි!

තමන්ගේ අභිමතය පිරිදි දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නට ඔහුට අයිතියක් තිබුණද, ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

LSN Sri Lanka · 26 November 2026

"දේශපාලකයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ  GMOA ලේකම්ට ස්වාධීන වෙන්න බෑ" - නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි GMOA දේශපාලනය ගැන කතා කරයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වත්මන් ලේකම්වරයා කලක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය නියෝජනය කළ අයෙකු බැවින්, ඔහුට තම දේශපාලන න්‍යාය පත්‍රය එක්වරම අත්හැර ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව පෙනෙන්නට තිබේ යැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

</p>

<p>

ඒ ආකාරයෙන් දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නට ඔහුට අයිතියක් තිබුණද, ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

</p>

<p>

මහනුවර ගන්නෝරුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් මෙසේද පැවසීය.

</p>

<p>

"සමහර වෘත්තීය සංගම් පැහැදිලිවම ක්‍රියා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ගත්තම, ඔහු කාලයක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැඩ කළ කෙනෙක්. එවැනි දේශපාලන පසුබිමකින් ආපු කෙනෙකුට එක පාරටම දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව ස්වාධීන පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද?

</p>

<p>

ඔවුන්ට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. මීට පෙර ඔහු දේශපාලනඥයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉඳගෙන දේශපාලනය කළා. ඒ කාලයේදීත් ඔහු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක කමිටුව නියෝජනය කළා. දැනුත් ඔහු දේශපාලනය කරනවා. ඒකට අයිතියක් තියෙනවා. ඒ සම්බන්ධව අපිට කිසිම ගැටලුවක් නැහැ."