LSN News › Sri Lanka

ලබන මාසයේ සිට සියලුම රථවාහන දඩ ගෙවීම් මාර්ගගතව පමණයි – GovPay හරහා නව පියවරක්!

තව සති දෙකකින් පසු ඇරඹෙන ලබන මස සිට සියලුම රථ වාහන දඩ GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ගෙවිමට කටයුතු සැලසුම් කර ඇතැයි රජය පවසයි.

LSN Sri Lanka · 20 August 2026

ලබන මාසයේ   සිට සියලුම රථවාහන දඩ ගෙවීම් මාර්ගගතව පමණයි – GovPay හරහා නව පියවරක්!

ජනතාව රජය සමග සිදු කරන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති GovPay වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු හෙළිවූයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 19) ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් මේ පිළිබඳව විස්තර කර තිබිණි.

GovPay යනු රජයේ සේවා සඳහා ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට හඳුන්වා දී ඇති ජාතික වේදිකාවයි. බදු, දඩ මුදල්, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු ඇතුළු විවිධ රජයේ ගෙවීම් ආරක්ෂිතව හා පහසුවෙන් බැංකු යෙදුම් හා ෆින්ටෙක් (Fintech) යෙදුම් හරහා සිදු කිරීමට මෙය ඉඩ සලසයි. ජනතාවට පොලිස් ස්ථානයකට හෝ අනෙකුත් රජයේ ආයතනවලට යාමකින් තොරව ඕනෑම වේලාවක ගෙවීම් සිදු කළ හැකි වීම මෙහි ප්‍රධාන වාසියකි.

රථවාහන දඩ මුදල් ගෙවීමේදී ද මෙම පද්ධතිය දැනටමත් දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ස්ථානීය දඩ (Spot Fine) ගෙවීම් සඳහා පොලිස් නිලධාරීන්ට ජංගම උපකරණ ලබා දී ඇති අතර, දඩ කොළය ලැබුණු වහාම බැංකු යෙදුම් හරහා ගෙවීම සිදු කර රියදුරු බලපත්‍රය නැවත ලබා ගත හැකිය. සැප්තැම්බර් මාසයේ සිට මෙම ගෙවීම් මාර්ගගත ක්‍රමයට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බව මෙම සමාලෝචනයේදී අනාවරණය විය.

මෙම පියවර රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙලේ කොටසක් ලෙස සැලකේ. එමෙන්ම ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ද මෙවැනි ව්‍යාපෘති දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාකච්ඡාවේදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම, National Super App ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය ද සමාලෝචනය කර තිබිණි.

රථවාහන නීති උල්ලංඝනය කරන අයට දැන් සිටම මාර්ගගත ක්‍රමයට පුරුදු වීම වැදගත් වන අතර, ගෙවීම් සඳහා අදාළ බැංකු හෝ ෆින්ටෙක් යෙදුම් භාවිතා කළ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා govpay.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.