LSN News › Sri Lanka

HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග ශීඝ්‍රයෙන් ඉහළට – විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසූරිය!

දිවයින පුරා HIV නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වන බව විශේෂ වෛද්‍ය හිමාලි ජයසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

LSN Sri Lanka · 14 October 2026

අයිස් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් HIV ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ලිංගාශ්‍රිත හා HIV රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසූරිය සඳහන් කරයි.

වර්තමානය වන විට දිවයින පුරා වාර්තා වන රෝගීන් අතර පිරිමින් 7 දෙනෙකුට කාන්තාවන් එක් අයෙකු බැගින් වන අනුපාතයක් පවතින බව ඇය පෙන්වා දෙයි.

පෙර පැවති තත්ත්වය අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කළේ පහළ සමාජ මට්ටම්වල පිරිස් පමණක් වුවද, වර්තමානයේ අයිස් මත්ද්‍රව්‍ය ඉහළ, මධ්‍යම හා පහළ යන සියලුම සමාජ මට්ටම් අතර ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවද විශේෂඥවරිය සඳහන් කළාය.

දිවයින පුරා HIV නව ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින අතර, විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මීට අමතරව, පිරිමින් අතර පවතින අනාරක්ෂිත ලිංගික සබඳතාද HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ අනුව, 2021 වර්ෂයට පෙර වසරකට උපදංශ රෝගීන් 100 දෙනෙකු පමණ වාර්තා වුවද, මේ වන විට එම සංඛ්‍යාව 1500 දක්වා අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් පිරිමින් අතර හෙපටයිටිස් B රෝගයද, මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන් අතර හෙපටයිටිස් C රෝගයද බහුලව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසූරිය වැඩිදුරටත් පැවසුවාය.