LSN News › Sri Lanka

මවගෙන් දරුවාට HIV හා සිපිලිස් තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් සහතිකය අහිමි වීමේ අවදානමක්!

මෙරට තුළ සිපිලිස් රෝගය සහිත දරුවන් බිහිවීම සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දුන් මෙම සහතිකය රැක ගැනීම අභියෝගයක් වී ඇති බව ඇය අවධාරණය කර සිටියි.

LSN Sri Lanka · 15 October 2026

මවගෙන් දරුවාට HIV හා සිපිලිස් තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් සහතිකය අහිමි වීමේ අවදානමක්!

මවගෙන් දරුවාට එච්අයිවී (HIV) සහ සිපිලිස් රෝග තුරන් කළ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දුන් ජාත්‍යන්තර සහතිකය රැකගැනීම මේ වන විට බරපතල අභියෝගයකට ලක්ව ඇති බව ලිංගාශ්‍රිත හා එච්අයිවී රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසූරිය සඳහන් කරයි.

</p>

<p>

මෙරට තුළ සිපිලිස් රෝගය සහිත දරුවන් බිහිවීම සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දුන් මෙම සහතිකය රැක ගැනීම අභියෝගයක් වී ඇති බව ඇය අවධාරණය කර සිටියි.

</p>

<p>

ලිංගික ශ්‍රමික කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම, කොන්ඩම් භාවිතයකින් තොරව ලිංගික ශ්‍රමය ලබා දීම සහ අදාළ රෝගීන් නිසි ලෙස ප්‍රතිකාර සඳහා යොමු නොවීම යන කරුණු මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.

</p>

<p>

ලබන වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මෙරටට පැමිණ සිපිලිස් හා එච්අයිවී තත්ත්වයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විශේෂ සොයා බැලීම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවට ලබා දී ඇති අදාළ සහතිකය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

</p>

<p>

මේ අතර ගර්භනී මව්වරුන් සඳහා හෙපටයිටීස් බී (Hepatitis B) පරීක්ෂාව පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ කළ බවත්, මේ වන විට හෙපටයිටීස් බී ආසාදිත ගර්භනී මව්වරුන් 16 දෙනෙකු වාර්තා වී ඇති බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය, ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවද අනතුරු අඟවා සිටියි.