HIV ආසාදනය වැළැක්වීමට වසරට දෙවරක් විදින එන්නතක් ලබන වසරේදී මෙරටට!
වර්තමානයේ අවදානම් ලිංගික චර්යාවල යෙදීමට පෙර ඖෂධීය පෙති දෙකක් ලබා ගැනීම මගින් එච්අයිවී ආසාදනය වළක්වා ගැනීමට පහසුකම් සලසා තිබුණද, එම පෙති ලබා ගැනීමට අමතක වීම හෝ මගහැරීම සිදුවිය හැකි බව ඇය පෙන්වා දෙයි. එහෙත් මෙම නව එන්නත හඳුන්වා දීමෙන් පසුව අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින්ට වසරකට දෙවරක් පමණක් එය ලබා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් සහ සාර්ථක ලෙස වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමේ හැකියාව හිමිවේ.
LSN Sri Lanka ·

එච්අයිවී (HIV) වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහාවන නවතම එන්නතක් ලබන වසරේදී ශ්රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන බව එච්අයිවී පිළිබඳ වෛද්යවේදීන්ගේ සංගමයේ සභාපතිනී වෛද්ය නිමාලි ජයසූරිය සඳහන් කරයි.
</p>
<p>
වර්තමානයේ අවදානම් ලිංගික චර්යාවල යෙදීමට පෙර ඖෂධීය පෙති දෙකක් ලබා ගැනීම මගින් එච්අයිවී ආසාදනය වළක්වා ගැනීමට පහසුකම් සලසා තිබුණද, එම පෙති ලබා ගැනීමට අමතක වීම හෝ මගහැරීම සිදුවිය හැකි බව ඇය පෙන්වා දෙයි. එහෙත් මෙම නව එන්නත හඳුන්වා දීමෙන් පසුව අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින්ට වසරකට දෙවරක් පමණක් එය ලබා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් සහ සාර්ථක ලෙස වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමේ හැකියාව හිමිවේ.
</p>
<p>
කෙසේ වෙතත්, දැනටමත් එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් තමන් සඳහා නියමිත දිනපතා ඖෂධ ජීවිත කාලය පුරාවටම ලබා ගත යුතු බව විශේෂඥවරිය අවධාරණය කරයි.
</p>
<p>
මේ වන විට අයිස් මත්ද්රව්ය භාවිත කරන්නන් විශාල වශයෙන් මත්ද්රව්ය ශරීරයට එන්නත් කර ගැනීමට පෙළඹීම හේතුවෙන් එච්අයිවී පැතිරීමේ දැඩි අවදානමක් මතුව ඇත. මෙම නව එන්නත හඳුන්වා දීමත් සමග මත්ද්රව්ය එන්නත් කරගන්නන් අතර වෛරසය ව්යාප්ත වීම සැලකිය යුතු ලෙස අවම කර ගත හැකි වනු ඇතැයි ඇය විශ්වාසය පළ කරයි.
</p>
<p>
එමෙන්ම වර්තමානයේ සමලිංගික පිරිමින් අතර එච්අයිවී ආසාදනය වීම ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවත්, වාර්තා වන එක් කාන්තා ආසාදිතයකුට සාපේක්ෂව පිරිමි ආසාදිතයින් හත්දෙනෙකු හඳුනා ගැනීමට හැකිව ඇති බවත් වෛද්ය නිමාලි ජයසූරිය වැඩිදුරටත් පැවසුවාය.