LSN News › Sri Lanka

ගෝලීය HIV ආසාදිතයින් 42%කින් අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ නව ආසාදිතයින් 48%කින් ඉහළට!

මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වී සිටින එච්.අයි.වී. ආසාදිතයින් ජීවිත කාලය පුරාම අඛණ්ඩව ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, එලෙස නිසි ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

LSN Sri Lanka · 26 November 2026

ගෝලීය HIV ආසාදිතයින් 42%කින් අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ නව ආසාදිතයින් 48%කින් ඉහළට!

වසර 2010ට සාපේක්ෂව 2025 වසර වන විට ලොව පුරා නව එච්.අයි.වී. (HIV) ආසාදිතයින් වාර්තා වීම සියයට 42කින් අඩු වී ඇතත්, ශ්‍රී ලංකාව තුළ නව ආසාදිතයින් වාර්තා වීම සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුළසිංහ පවසයි.

1987 වසරේදී මෙරටින් පළමු ඒඩ්ස් (AIDS) රෝගියා හඳුනා ගත් දින සිට 2026 වසරේ පළමු කාර්තුව දක්වා කාලය තුළ සමස්ත ආසාදිතයින් 8,111 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 87ක්ම පිරිමි පුද්ගලයින් බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙලෙස පිරිමි පුද්ගලයින් අතර නව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

විවාහය තෙක් ලිංගික සබඳතා සීමා කරන ලෙසත්, එක් විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක පමණක් තෝරා ගැනීමට කටයුතු කරන ලෙසත් විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුළසිංහ අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම නව ආසාදිතයින් අතර වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ වයස් කාණ්ඩයේ පිරිස් වැඩි වශයෙන් වාර්තා වන බැවින්, යම් අනාරක්ෂිත ලිංගික සබඳතාවක් පවත්වා ඇත්නම් වහාම ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත ගොස් රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙස ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන මහජනතාවගෙන් ඉල්ලා සිටියි.