ලොක්කෙකුගේ වත්තක් බලාගෙන ඉඳලා කෙලින්ම HQI ගිහින්... මරු පොලිස් ප්‍රමෝෂන් එකක් ගැන පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.නදීම් දැනට මාස 11ක කාලයක් තිස්සේ එම තනතුරේ රාජකාරි කරන බවත්, ඔහුගේ වසර 29යි මාස 10ක සේවා කාලය තුළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස තබා පොලිසියක ස්ථානාධිපතිවරයෙක් ලෙසවත් සේවය කර නැති බවත් ඇමතිවරයා විසින් ලබා දුන් පිළිතුරෙන් අනාවරණය විය.
LSN Sri Lanka ·

කිලිනොච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කිරිම සඳහා පත් කර ඇති මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා එම තනතුර වෙත පත් කර ඇත්තේ තනතුර සඳහා අදාල නිසි සුදුසුකම් සැපිරීමෙන් නොව, පොලිසියේ සිටින ප්‍රධානියෙකුගේ ත්‍රී කුණාමලයේ පවතින ඉඩමක් බලා කියාගෙන සිටීම හේතුවෙන් ලද තෑග්ගක් ලෙස බව අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේය.

මේ අනාවරණය සිද්ධ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගෙන් අසන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරකිනි.

දැනට ඒ ශ්‍රේණියේ පොලිස් ස්ථානයක්වන කිලිනොච්චිය පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.නදීම් දැනට මාස 11ක කාලයක් තිස්සේ එම තනතුරේ රාජකාරි කරන බවත්, ඔහුගේ වසර 29යි මාස 10ක සේවා කාලය තුළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස තබා පොලිසියක ස්ථානාධිපතිවරයෙක් ලෙසවත් සේවය කර නැති බවත් ඇමතිවරයා විසින් ලබා දුන් පිළිතුරෙන් අනාවරණය විය. කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම තනතුරු සඳහා නිලධාරීන් පත් කරන කරන බවය.

මේ සම්බන්ධව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විමසා සිටියේය.

“මූලස්ථාන පොලිස් පරීක්ෂවරයෙක් වෙන්න අඩුම වශයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෝ වෙන්න ඕන. අඩුම තරමින් බී ශ්‍රේණියේ පොලිස් ස්ථානයකවත් මේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කර නැහැ. ඇමති තුමා කියනවා මෙම නිලධාරීන් පත් කරන්නේ පොලිස් කොමිසමෙන් කියලා. ඒත් ඇමතිතුමා කොමිෂන් සභාවට නිර්දේශය දෙන්නේ පොලිස්පති තුමා.“

“සුදුසුකම් තියන හිටපු අය ඉද්දි අඩුම තරමින් පොලිසියක ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කරපු නැති ඔහුව මේ තනතුරට පත් කරපු හැටි ගැන ප්‍රශ්නයක් තියනවා. ඒක මේ නදීම් මහත්තයා ගැන පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි.. ඒකයි මම මේ ගැන අහන්නේ. පත් කළ ක්‍රමවේදය ගැනයි අහන්නේ කොමිෂන් සභාව පත් කළා නම් කොමිෂන් සභාවත් කොයි විදිහට පත් කළාද කියලා කවුරුත් දන්නේ නෑ.“

ඇමති ආනන්ද විජේපාල- “ඔව් මන්ත්‍රී තුමා. මෙතුමා වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පත් කරලාතියෙන්නෙ. උපරිම වැඩ බලන්න පත් කරන්න පුලුවන් අවුරුද්දක කාලයක්. මේ 10 වෙනකොට ඒ කාලය සම්පූර්ණ වෙනවා. ඔබ තුමා කිව්වා හරි. වසර 26ක සේවා කාලයක් තියනවා තමයි. මේක ඒ ශ්‍රේණියේ ස්ථානයක්. ඔහු තවදුරටත් එම ස්ථානයේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස පත් කරන්න සුදුසුකම් සම්පූර්ණ කර නෑ. පොලිස් කොමිසමට දැනුම් දිලා තියනවා සුදුසු නිලධාරියෙක් පත් කරන්න. “

වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක්. අවුරුද්දක කාලයක්. අවුරද්දකින් ඉවරයි. වසර 27ක සේවාකාලයක් තිබ්බට තව දුරටත් එම ස්ථානයේ සුදුසුකම් සපුරා නෑ. පොලිස් කොමිසමට දැනුම් දිලා තියනවා පොලිස් පරික්කවරයෙක් පත් කරන්න.

“ඒ නිසා ඔහු වෙනත් ස්ථානයක ස්ථානගත කරන්න නිර්දේශ වෙලා තියෙන්නේ... ඒ 3 වගේ ස්ථානයකට. ඒ නිසා මේ වනවිට පොලිස් කොමිසමට දැනුම් දී තිබෙනවා සුදුසු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් පත් කරන්න.“

මන්ත්‍රී චාමර සම්පත් -  “ඇමති තුමා උත්තරේ දන්නවා. ඇමතිතුමා පොලිසියෙ හිටපු කෙනෙක්. ඇමති තුමා වැඩේ දන්නවා. නමුත් මේක වැඩේ වරද්ද ගත්තේ මේකයි...“ “පොලිසියෙ ඉහළ නිලධාරියෙකුගේ ඉඩමක් තමයි මෙයා බලාගෙන හිටියේ ත්‍රි කුණාමලයේ. ඒ නිසා ඒකට පොඩි චාන්ස් එකක් විදිහට තමයි ඩිරෙක්ට් කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂක වුනේ.“

“ඩිවිෂන්වත් දැන් එයා ගණන් ගන්නේ නෑ. කමක් නෑ... ඔබතුමාගේ උත්තරේ හරි. ඔබතුමා දන්නවා ඒ විදිහට පත් කරන්න බෑ කියලා. ඇමතිතුමාගෙ කතාවෙන් කියවුනානේ ආයේ දීර්ඝ කරන්නේ නෑ කියලා.