හෝමාගම පොලිසිය තුළ දී සැකකරුවෙකුගේ මරණය: වැඩතහනමට ලක්වූ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට – HQI ගේ සේවය අත්හිටුවයි..
සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායකගේ රාජකාරී වැඩතහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. මෙම වැඩතහනම ඊයේ (28) සිට ක්රියාත්මක වේ.

LSN Sri Lanka ·

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමට ලක්ව සිටි හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (28) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකාර ස්ථානාධිපතිවරයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය ඔක්තෝබර් 25 වනදා අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු හෝමාගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙලෙස පොලිස් භාරයේ පසුවූ සැකකරු අඩස්සියේ සිටියදී මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ඔක්තෝබර් 26 වනදා සිට ක්රියාත්මක වන පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනුණි.

මේ අතර, අදාළ සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායකගේ රාජකාරී වැඩතහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. මෙම වැඩතහනම ඊයේ (28) සිට ක්රියාත්මක වේ.

සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහු පිළිබඳව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා නිසි උපදෙස් ලබා නොදීම, සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව තබා ඇද්දැයි අධ්යයනය කරමින් නිසි අධීක්ෂණයක් නොකිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එල්ල වී ඇති ප්රධාන චෝදනා වේ. ඊට අමතරව, හෝමාගම පොලිස් ස්ථානය තුළ අනීතික ලෙස පුද්ගලයන් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට ඉඩ ප්රස්ථාව ලබාදීම ද මෙම වැඩතහනමට හේතු වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සක්රීයව සිදුකරනු ලබයි.