LSN News › Sri Lanka

මසක විරාමයකින් පසු යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප නැවත විවෘත කෙරේ!

පසුගිය සැප්තැම්බර් මස 14 වන දින මෙම කලාප දෙක සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී බලධාරීන් පියවර ගෙන තිබුණේ ප්‍රදේශයට බලපෑ අධික වියළි කාලගුණික ස්භාවය හේතුවෙනි. ඊට අමතරව එම කාලසීමාව වනසතුන්ගේ ප්‍රජනන සමය වීම නිසා උන් සඳහා අවශ්‍ය නිදහස් පාරිසරික වටපිටාව නිර්මාණය කිරීම, උද්‍යානයේ මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ද මෙම කාල සීමාව තුළ සිදු කෙරිණි.

LSN Sri Lanka · 12 October 2026

මසක විරාමයකින් පසු යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප නැවත විවෘත කෙරේ!

පසුගිය දිනවල පැවැති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක I සහ II නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

</p>

<p>

පසුගිය සැප්තැම්බර් මස 14 වන දින මෙම කලාප දෙක සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී බලධාරීන් පියවර ගෙන තිබුණේ ප්‍රදේශයට බලපෑ අධික වියළි කාලගුණික ස්භාවය හේතුවෙනි. ඊට අමතරව එම කාලසීමාව වනසතුන්ගේ ප්‍රජනන සමය වීම නිසා උන් සඳහා අවශ්‍ය නිදහස් පාරිසරික වටපිටාව නිර්මාණය කිරීම, උද්‍යානයේ මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ද මෙම කාල සීමාව තුළ සිදු කෙරිණි.

</p>

<p>

ඒ අනුව, යාල ජාතික උද්‍යානය වෙත පැමිණෙන එක්දින සංචාරකයන් උදෙසා කලාප අංක I සහ II එළඹෙන 2026 ඔක්තෝබර් 16 වන දින සිට නැවත විවෘත කිරීමට නියමිතය.

</p>

<p>

එසේම, උද්‍යානය තුළ පිහිටි සංචාරක නිවාස (වනජීවී බංගලා) සහ කඳවුරු බිම් වෙන්කිරීමේ කටයුතු 2026 නොවැම්බර් 01 වන දින සිට නැවත ආරම්භ කෙරේ. උද්‍යානය වසා තැබූ කාලසීමාව තුළ සංචාරක නිවාස වෙන්කරගෙන සිටි වනජීවී ලෝලීන් සඳහා නැවත බංගලා සහ කඳවුරු බිම් වෙන්කිරීමේදී ප්‍රමුඛතාව ලබාදීමට ද පියවර ගෙන ඇත.