LSN News › Sri Lanka

IMF නියෝජිතයින්ට රේගුවේ කඩදාසි රහිත නව ක්‍රමවේදය ගැන පැහැදිලි කරයි!

ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව රාජ්‍ය ආදායම් පරිපාලනය නවීකරණය කිරීම සඳහා දක්වන සක්‍රීය දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ ඇගයීමට ලක් විය.

LSN Sri Lanka · 11 September 2026

IMF නියෝජිතයින්ට රේගුවේ කඩදාසි රහිත නව ක්‍රමවේදය ගැන පැහැදිලි කරයි!

ශ්‍රී ලංකා රේගුව විසින් ලබන ඔක්තෝබර් මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිත "කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" (Paperless Customs Declaration System) පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

</p>

<p>

මෙහිදී ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව ඩිජිටල් ක්‍රමවේදය, ඊට අදාළව දැනට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන් සහ රේගු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සූදානම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීම සිදු කෙරිණි. මෙම පැහැදිලි කිරීම් රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් එක්ව ඉදිරිපත් කරන ලදී.

</p>

<p>

ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව රාජ්‍ය ආදායම් පරිපාලනය නවීකරණය කිරීම සඳහා දක්වන සක්‍රීය දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ ඇගයීමට ලක් විය. එමෙන්ම මෙම වැඩපිළිවෙළ ඉදිරියට සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ද IMF නියෝජිතයෝ මෙහිදී එකඟතාව පළ කළහ.

</p>

<p>

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම ඇතුළු රේගුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Dinar Prihardini) මහත්මිය සහ ක්ලැකොව් අකේපන්නිඩ්ටාවෝන් (Klakow Akepannidtaworn) මහතා සහභාගී වූහ.