රජය IMF සමඟ නව ගිවිසුමකට සැරසෙයි...
මැදපෙරදිග යුද්ධය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ කාලගුණික බලපෑම් (එල් නිනෝ වැනි) අවදානම් ලෙස පවතී. IMF අවධාරණය කරන්නේ ස්ථායිතාව පමණක් 5%කට වඩා වර්ධනයක් ලබා නොදෙන බවත්, වෙළඳ නිදහස් කිරීම, නියාමන නවීකරණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත්ය.
LSN Sri Lanka ·

දැනට ගොඩනගා ඇති ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කරමින් තිරසාර ආර්ථික වර්ධනය අත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව ගිවිසුමකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වත්මන් IMF විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility - EFF) 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබේ.

කොළඹදී අද (12) පැවති ''ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026'' අමතමින් ජනපතිවරයා මෙසේ පැවසුවේය.

"අපි දැනට රේටින්ස්වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනි. අපේ විදෙස් සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟාවිය යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට යා හැකියි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීර්ණ ණය වැඩසටහන ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවරභාවය ළගාකර ගන්න එක. මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළගා කරගෙන තියෙනවා සෑම අතින්ම.

දැන් අපි ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි වර්ධනය අත්පත් කර ගන්නේ.ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්තියි"

මැදපෙරදිග යුද්ධය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ කාලගුණික බලපෑම් (එල් නිනෝ වැනි) අවදානම් ලෙස පවතී. IMF අවධාරණය කරන්නේ ස්ථායිතාව පමණක් 5%කට වඩා වර්ධනයක් ලබා නොදෙන බවත්, වෙළඳ නිදහස් කිරීම, නියාමන නවීකරණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත්ය. දරිද්‍රතාවය පූර්ව අර්බුද මට්ටමට වඩා ඉහළින් පවතින අතර, විදේශ සෘජු ආයෝජන සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නැත.

2027 අයවැය සහ ඉදිරි සමාලෝචනයන් සාර්ථකව අවසන් කිරීමෙන් පසු, රටට ස්ථායිතාව ආරක්ෂා කරමින් වර්ධනය කේන්ද්‍ර කරගත් නව සබඳතාවක් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් ලැබෙයි. මෙම ප්‍රකාශය රජයේ දිශානතිය පිළිබඳව පැහැදිලි සංඥාවක් ලබා දෙන අතර, ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරත තිබේ.