LSN News › Sri Lanka

IMF සත්වන සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345 ක හිඟ මුදල ලබා ගැනීමට මාවත ඇරේ!

ආර්ථිකයේ පහළ යාමේ අවදානම් තවදුරටත් පවතින බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල සිදුවන වෙනස්කම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම පිළිබඳව IMF ආයතනය විශේෂයෙන් සඳහන් කරයි.

LSN Sri Lanka · 5 October 2026

IMF සත්වන සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345 ක හිඟ මුදල ලබා ගැනීමට මාවත ඇරේ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා නියෝජිත පිරිස් ප්‍රධානී සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේවන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සත්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345 කට ආසන්න මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම එකඟතාව පිළිබඳව 2026 ඔක්තෝබර් 04 වන දින නිවේදනය කරන ලද්දේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් ප්‍රධානී එවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) විසිනි. 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා කොළඹ සිදුකළ කාර්ය මණ්ඩල නිරීක්ෂණ සංචාරයකින් අනතුරුව, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පවත්වන ලද අතථ්‍ය (virtual) සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළැඹ ඇත. මෙම සාකච්ඡාවලදී 2026 IV වන වගන්තිය යටතේ වන උපදේශනය (2026 Article IV Consultation) පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට තවත් පියවර දෙකක්

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹීම යනු අවසාන වශයෙන් මුදල් නිදහස් කිරීම නොවේ. ජාත්‍‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය තවදුරටත් අනුමත කළ යුතු අතර, එම අනුමැතිය කොන්දේසි දෙකක් මත පදනම් වේ:

මුදල් අමාත්‍යවරයා විසින් වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

මූල්‍ය සහතික කිරීමේ සමාලෝචනය අවසන් කිරීම. මෙහිදී බහුපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගේ සහාය තහවුරු කෙරෙන අතර ණය ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇත්දැයි පරීක්ෂා කරනු ලැබේ.

විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළහොත් ශ්‍රී ලංකාවට විශේෂ ආපසු ගැනීමේ හිමිකම් (SDR) මිලියන 254 ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 345 කට ආසන්න මුදලක් හිමිවනු ඇත. මෙම වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙතෙක් නිදහස් කර ඇති මුළු මුදල SDR බිලියන 2.032 දක්වා (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් පමණ) ඉහළ යනු ඇත.

සිව් වසරක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලද්දේ SDR බිලියන 2.3 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ) වටිනාකමකිනි. ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන 2026 මැයි මාසයේදී අවසන් කරන ලදී. මෙම සමාලෝචනයෙන් පසුව තවත් එකම එක සමාලෝචනයක් එනම් අටවන සමාලෝචනය පමණක් ඉතිරි වනු ඇත.

ආර්ථිකය ගැන ජාත්‍‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය

දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් අඛණ්ඩව පැමිණි ආර්ථික කැලඹීම් හමුවේ වුවද මෙරට ආර්ථිකය ස්ථාවරව පවතින බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

• 2026 දෙවන කාර්තුවේදී ආර්ථිකය සියයට 4.2 කින් වර්ධනය වී තිබේ. එය අඛණ්ඩව එක දිගට ශක්තිමත් වර්ධනයක් සටහන් කළ එකළොස්වන කාර්තුවයි.

• 2026 සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන උද්ධමනය වසරින් වසර සියයට 8 ක් ලෙස පැවැති අතර එය තවදුරටත් තනි අංකයේ මට්ටමක පවතී.

• 2026 අගෝස්තු අග වන විට නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් විය.

• බැංකු පද්ධතිය යහපත් ප්‍රාග්ධනීකරණයකින් සහ ලාභදායිත්වයකින් යුක්තව පවතී.

• 2026 පළමු භාගයේ මුදල් පාලන හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල ශක්තිමත්ව පැවැතිණි.

• ණය ප්‍රතිසංස්කරණ කටයුතු විශාල වශයෙන් අවසන් කර ඇත.

තවදුරටත් පවතින අවදානම්

එසේ වුවද, ආර්ථිකයේ පහළ යාමේ අවදානම් තවදුරටත් පවතින බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල සිදුවන වෙනස්කම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම පිළිබඳව IMF ආයතනය විශේෂයෙන් සඳහන් කරයි.

දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කරන අතරම, දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍‍යන්තර මිල ගණන් සමග උච්චාවචනය වීමට ඉඩ හැරිය යුතු බවත්, බලශක්ති මිල ගණන් පිරිවැය පියවා ගැනීමේ මට්ටම්වල පවත්වා ගත යුතු බවත් අරමුදල පවසයි. ලබාදෙන ඕනෑම අමතර සහනයක් නිවැරදිව ඉලක්කගත කළ යුතු, අයවැය තුළ සටහන් වූ, පිරිවැය නිවැරදිව ගණනය කළ සහ කාල සීමාවකට යටත් වූ එකක් විය යුතුය. වඩාත්ම අසරණ වූවන් ආරක්ෂා කිරීම සඳහා දුප්පතුන් ඉලක්ක කරගත් සෘජු මුදල් හුවමාරු ක්‍රම භාවිත කළ යුතුය. යුද්ධය හේතුවෙන් දෙවන වටයේ බලපෑම් හරහා උද්ධමනය ඉහළ ගියහොත්, මුදල් ප්‍රතිපත්තිය තද කිරීමට සූදානම් විය යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකාව වඩාත් පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්ම සමග අඛණ්ඩව රැඳී සිටිය යුතු බව ද අරමුදල අවධාරණය කරයි. මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක්, රාජ්‍ය ආයෝජන කළමනාකරණය වඩාත් යහපත් කිරීම (දිට්වා සුළි සුළඟින් පසු නැවත ගොඩනැඟීමේ කටයුතු වේගවත් කිරීම ඇතුළුව), වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතිකයක්, ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක්, වෙළඳ ලිහිල්කරණය, යාවත්කාලීන කරන ලද ව්‍යාපාරික සහ කම්කරු නීති, මූල්‍ය සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීම සහ යටිතල පහසුකම් ඩිජිටල්කරණය කිරීම ඊට ඇතුළත් වේ.