බැසිල් රාජපක්ෂට INTERPOL නිවේදනයක් – අමාත්‍ය විජේපාල හෙළි කරයි!
බැසිල් රාජපක්ෂට එහෛිව ජාත්‍යාන්තර අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ නිල් නිවේදනයකි. නිල් නිවේදනයක් යනු ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොවේ. එය තොරතුරු එකතු කිරීමේ සහ සහයෝගය ඉල්ලීමේ මෙවලමකි.
LSN Sri Lanka ·
විදේශයන්හි සිටිමින් ශ්‍රී ලංකාවේ නඩු කටයුතුවලට පෙනී නොසිටින හිටපු දේශපාලනඥයන් සහ වෙනත් අය සොයා ගෙන රටට ගෙන්වා ගැනීමේ උත්සාහය තීව්‍ර කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉල්ලීම මත හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානය (INTERPOL) නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අමාත්‍යවරයා පවසා ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග මග හරිමින් විදේශයන්හි රැඳී සිටින චූදිත හිටපු දේශපාලනඥයන් සහ වෙනත් අපරාධකරුවන් සොයා ගැනීමට රජය ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ භාවිත කරන බවය.

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතුවලට මුහුණ දෙමින් සිටින අතර, කිහිප වතාවක්ම අධිකරණයට පෙනී සිටීමට අපොහොසත් වී ඇත. මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ජූලි මාසයේදී ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නැවත නිකුත් කළේය. මෙය මාතර, එලියකන්ද පාර, බ්‍රවුන්ස් හිල්හි අක්කර 1.5ක ඉඩමක් රුපියල් කෝටි 6කට මිලදී ගැනීමට අදාළ නඩුවකදීය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මගින් ගොනු කළ මෙම නඩුවේ වෙනත් විත්තිකරුවන් කිහිප දෙනෙකුද නම් කර ඇත. බැසිල්ගේ නීතීඥයන් මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේ ඔහු විදේශයන්හි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවය.

එහෙත් නැවත නැවතත් අධිකරණය හමුවට නොපැමිණීම සැලකිල්ලට ගෙන අධිකරණය වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය. අගෝස්තු මාසයේදී ද නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී නොසිටීම හේතුවෙන් ඇප මුදල් අහිමි කිරීමටද අධිකරණයෙන් නියෝග කර තිබිණි.

අමාත්‍ය විජේපාල පැවසුවේ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් නිල් නිවේදනයක් දැනටමත් නිකුත් වී ඇති බවත්, එමඟින් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඔහුගේ අනන්‍යතාවය, පදිංචිය හෝ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ INTERPOL ශාඛාව CID හරහා ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර නිවේදන පද්ධතිය හරහා මෙම ඉල්ලීම් සිදු කෙරේ.

“බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විමර්ශනයක් සඳහා පුද්ගලයන් අවශ්‍ය වූ විට අපි නිල් නිවේදනයක් හරහා Interpol වෙත දැනුම් දෙනවා. යම් තැනක ඔහු ජීවත් වන බව පෙන්වන ලිපිනයක් තිබේ නම්, නිල් නිවේදනයෙන් රටට ඔහු අවශ්‍ය බව දැනුම් දෙනවා,” අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, පෙර දේශපාලන තනතුරු කුමක් වුවත්, අපරාධ සහ අල්ලස් නඩුවලට සම්බන්ධ අය ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය හා ජාත්‍යන්තර පියවර ගන්නා බවය.

නිල් නිවේදනය සහ රතු නිවේදනය අතර නිල වෙනස

INTERPOL නිල වෙබ් අඩවියට අනුව:

නිල් නිවේදනය (Blue Notice): අපරාධ විමර්ශනයකට සම්බන්ධ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය, පදිංචිය හෝ ක්‍රියාකාරකම් පිළිබඳ අමතර තොරතුරු එකතු කිරීමට නිකුත් කරනු ලබන්නකි. නිල් නිවේදනයක් යනු ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොවේ. එය තොරතුරු එකතු කිරීමේ සහ සහයෝගය ඉල්ලීමේ මෙවලමකි.

රතු නිවේදනය (Red Notice): නඩු පැවරීම හෝ දඬුවම් විඳීම සඳහා අවශ්‍ය පුද්ගලයෙකුගේ පදිංචිය සොයා අත්අඩංගුවට ගැනීමට කරන ඉල්ලීමකි. රතු නිවේදනයක් සඳහා සාමාන්‍යයෙන් වලංගු ජාතික අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අවශ්‍ය වේ.

බැසිල් රාජපක්ෂට එරෙහිව වෙනත් නඩු කිහිපයක්ද අධීකරණයේ විභාග වෙමින් පවතී. ඒ අතර සංචාරක ප්‍රවර්ධන අරමුදල් අයථා භාවිතය පිළිබඳ නඩුවක්ද ඇත.