Business · Sri Lanka Bureau
ඕස්ට්‍රේලියානු Jetstar Airways හෙට සිට මෙල්බර්න් - කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි!
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways හෙට (අගෝස්තු 25) සිට ප්‍රථම වරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් සෘජු ගුවන් සේවාවක් ආරම්භ වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
LSN Sri Lanka ·
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways හෙට (අගෝස්තු 25) සිට ප්‍රථම වරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් සෘජු ගුවන් සේවාවක් ආරම්භ වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

මෙල්බර්න් (Tullamarine) සහ කොළඹ අතර මෙම ගුවන් සේවාව සතියකට දින තුනක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) Boeing 787-8 Dreamliner ගුවන් යානා යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහි මංගල ගුවන් ගමන වන JQ5 යානය මෙල්බර්න් නුවරින් දහවල් 12.00 ට පිටත්ව පස්වරු 5.50 ට කොළඹට ළඟා වීමට නියමිතය. ආපසු ගමන වන JQ6 ගුවන් යානය පස්වරු 7.50 ට කොළඹින් පිටත්ව පසුදා පෙරවරු 10.00 ට මෙල්බර්න් වෙත ළඟා වනු ඇත. (මෙම කාලසටහන ආරම්භක කාලය සඳහා වන අතර දිවා ආලෝක ඉතිරිකිරීමේ වේලාවන් (Daylight saving) අනුව ඉදිරියේදී සුළු වෙනස්කම් සිදුවිය හැක.)

මෙම නව ගුවන් මාර්ගය ඔස්සේ වසරකට අඩු මිල ගුවන් අසුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මගීන් වෙත ලබාදීමට Jetstar සමාගම අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව තුළ Jetstar ගුවන් සේවයේ සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස කටයුතු කරන්නේ Hayleys Aviation සමාගමයි.

දෙරට අතර වත්මන් ගුවන් සේවා:

මේ දක්වා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පවත්වාගෙන යනු ලැබුවේ ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) විසිනි.

මෙල්බර්න් - කොළඹ: ශ්‍රීලංකන් ගුවන් සේවය දෛනිකව පාහේ සේවාවන් පවත්වන අතර (UL605 යානය පස්වරු 4.10 ට පිටත්ව රාත්‍රී 10.25 ට කොළඹට ළඟා වේ), Jetstar සේවාව ආරම්භ වීමත් සමඟ මෙල්බර්න් මාර්ගයේ සෘජු ගුවන් ගමන් විකල්ප දෙකක් මගීන්ට හිමිවේ.

සිඩ්නි - කොළඹ: ශ්‍රීලංකන් ගුවන් සේවය සතියකට දින කිහිපයක් සෘජු ගමන් වාර පවත්වයි.

මෙතෙක් බොහෝ මගීන් සිංගප්පූරුව හෝ මැදපෙරදිග රටවල් හරහා සංක්‍රමණික ගමන් වාර භාවිත කළ අතර, මෙම නව සෘජු අඩු වියදම් ගුවන් සේවාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ සංචාරකයන්ට වඩාත් ලාභදායී මෙන්ම පහසු ගමන් පහසුකම් හිමිවනු ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම දෙරට අතර සබඳතාවලට ද ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් Jetstar නිල වෙබ් අඩවිය හරහා සිදුකළ හැක.