LSN News › Sri Lanka

ලංසුවෙන් පසු ගිවිසුමට යද්දී සූත්‍රය වෙනස් වුණේ කොහොමද? Liberty ගිවිසුමේ සල්ෆර් හා අළු මිල ගැලපුම් සූත්‍ර වෙනස් වීමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩු වූ හැටි ගැන විගණනය කියන කතාව!

ගල් අඟුරු විමර්ශනය – 03 - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බවට විගණකාධිපතිවරයා හඳුනාගත් ප්‍රසම්පාදන අක්‍රමිකතා, අමතර වියදම්, අයකරගත නොහැකි වූ මුදල් සහ ආයතනික දුර්වලතා පිළිබඳව එම විගණන වාර්තාව පදනම් කරගත් විමර්ශන ලිපි මාලාවක් LMN විසින් අද සිට ඉදිරිපත් කිරීමට තීරණය කරමු. ජාතියක් ලෙස අප පත් වූ බිහිසුණු ආර්ථික ව්‍යසනයට පදනම දැමූ ලංකාවේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මතුවී ඇති විසංවාදය තුළ කියැවෙන වංචා දූෂණ ගැන ලියැවෙන්නේ රුපියල් බිලියන දහස් ගණනකිනි. එය අනාගතයේ දී නෛතික ක්‍රියාවලියක් ඉදිරියේ තීන්දු කළ යුතු බරපතල තත්ත්වයකි. එතෙක් 2009 - 2016 තුළ නොරොච්චෝලෙ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකළ ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විගණන වාර්තාව ඇසුරින් මෙම ලිපි පෙළ ඔබ වෙත පෙළ ගස්වමු.

LSN Sri Lanka · 11 September 2026

ලංසුවෙන් පසු  ගිවිසුමට යද්දී සූත්‍රය වෙනස් වුණේ කොහොමද? Liberty ගිවිසුමේ සල්ෆර් හා අළු මිල ගැලපුම් සූත්‍ර වෙනස් වීමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩු වූ හැටි ගැන විගණනය කියන කතාව!

ගල් අඟුරු ගනුදෙනුවක ලොකුම මුදල හැමවිටම තිබෙන්නේ ටොන් එකකට සඳහන් කරන මිල තුළ පමණක් නොවේ. ගිවිසුමේ කුඩා අකුරින් ලියා ඇති සූත්‍රයක් තුළත් එය තිබිය හැකිය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීම සඳහා 2015 වසරේ Liberty Commodities සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණය අපට කියන්නේ එවැනි කතාවකි.

ලංසු ක්‍රියාවලියේදී තිබූ සල්ෆර් සහ අළු සඳහා වූ මිල ගැලපුම් සූත්‍ර, අවසන් ගිවිසුම සකස් කරන විට වෙනස් වී තිබිණි. එය වචනයක වෙනකට ලඝු වුයේ නැත. විගණනය ගණනය කරන ආකාරයට අවසානයේ එය ඇමෙරිකානු ඩොලර් 1,575,630ක ජාතික ධනය ව්‍යසනයට ලක් කර තබිණි.

සල්ෆර් සහ අළු වැදගත් ඇයි?

ගල් අඟුරු කියන්නේ එකම ගුණාත්මකභාවයෙන් යුත් භාණ්ඩයක් නොවේ. එහි තාප අගය, තෙතමනය, අළු, සල්ෆර් සහ කැට ප්‍රමාණය වැනි ගුණාංග තිබේ. මිලදී ගැනීමේදී අවශ්‍ය ප්‍රමිතිය තීරණය කරන්නේ ගල් අඟුරුවල සල්ෆර් සංයුතිය එහි අවසාන ඵලයට ඍජුව බලපාන නිසාය. එබැවින් ගල් අඟරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද ඉතා සංකීරණ ක්‍රියාවලියකි .

මේ හේතුව නිසා ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් බැහැර නම් සැපයුම්කරුට මුලින් එකඟ වූ සම්පූර්ණ මිලම ගෙවීම වෙනුවට, ගුණාත්මක වෙනස අනුව මිල ගැලපීමේ ක්‍රමයක් ගිවිසුමට ඇතුළත් කළ හැකිය. එය විද්‍යාත්මක ප්‍රසම්පාදනයේ ලෝක සම්මතය ය.

මෙහිදී සූත්‍රයක් යනු ගණිතමය කාරණයක් පමණක් නොවේ. එය මහජන මුදල් ආරක්ෂා කරන ගිවිසුම් ආරක්ෂකයක්ද වේ. එම ආරක්ෂාව වෙනස් වූ විට අවසානයේ ගෙවන මුදලද වෙනස් විය හැකිය. මෙතැන් සිට කියන කතාව සබුද්ධිකව විමසන ලෙස ඉල්ලා සිටිමු.

දිනය - 2015 අගෝස්තු 17

කතාවේ වැදගත් දිනය එයයි.

පළමු ක්ෂණික ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංසු හයක් ලැබී තිබිණි. විගණන වාර්තාවේ සඳහන් මිල ගණන් අනුව Liberty Commodities අවම ලංසුව ඉදිරිපත් කළ සමාගම විය. 2015 අගෝස්තු 11 දා එම සමාගමට ලංසුව පිරිනැමූ අතර අගෝස්තු 17 දා ගිවිසුමට එළඹිණි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව එතැනදී සරල නමුත් බරපතළ කරුණක් සටහන් කරයි. එය සටහන මෙසේය.

“සල්ෆර් සහ අළු සඳහා වූ මිල ගැලපුම් සූත්‍ර වෙනස් වී තිබිණි.“

වාර්තාව තවත් දෙයක් කියයි. ඒ මෙසේය.

“එම ගිවිසුමේ පැවති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ලංකා ගල් අඟුරු සමාගම නිසි අවධානයක් යොමු කර නොතිබූ බව විගණනය නිරීක්ෂණය කරයි.“

මෙතැනින් අපේ විමර්ශනයේ පළමු ප්‍රශ්නය මතුවේ. ලංසු ලේඛනයේ සිට අවසන් ගිවිසුම දක්වා යන අතරතුර සූත්‍රය වෙනස් වූයේ කෙසේද? එක වරක් සිදුවූ දෝෂයක්ද?

කතාව එතැනින් අවසන් වූයේ නැත.

පළමු ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව දෙවැනි ක්ෂණික මිලදී ගැනීම සඳහාත් Liberty Commodities තෝරාගෙන තිබිණි. 2015 සැප්තැම්බර් 18 දා එම සමාගමට මෙට්‍රික් ටොන් 330,000 ±10% සැපයීමේ ලංසුව පිරිනැමුණු අතර, අලුත් ගිවිසුමක් සකස් කිරීම වෙනුවට පෙර ගිවිසුම එදිනම යාවත්කාලීන කරනු ලැබුවේය.

සිව්වැනි ක්ෂණික මිලදී ගැනීමේදීත් Liberty අවම ලංසුකරු විය. 2016 ජනවාරි 7 දා ලංසුව පිරිනමා, ජනවාරි 21 දා නැවතත් එම ගිවිසුම යාවත්කාලීන කර තිබේ.

විගණකාධිපතිවරයා මේ සිදුවීම් තුන එකට සම්බන්ධ කරයි. පළමු ගිවිසුමේ ගැටලුකාරී තත්ත්වයෙන් ඇතිවූ අවාසිය දෙවැනි සහ සිව්වැනි මිලදී ගැනීම්වලටද ගලා ගිය බව වාර්තාව කියයි.

එවිට තවත් වැදගත් ප්‍රශ්නයක් මතුවේ. පළමු ගිවිසුමේ සූත්‍රය ගැටලුකාරී නම්, ඊළඟ ගනුදෙනුවට පෙර එය හඳුනාගෙන නිවැරදි නොකළේ ඇයි?

ටොන් 980,688ක කතාව

මෙය කුඩා ගනුදෙනුවක් නොවේ. විගණන වාර්තාව අනුව Liberty වෙතින් පළමු ක්ෂණික මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 226,290ක්, දෙවැනි මිලදී ගැනීමෙන් ටොන් 370,594ක් සහ සිව්වැනි මිලදී ගැනීමෙන් ටොන් 383,804ක් ලබාගෙන තිබිණි. ඒ අනුව ගනුදෙනු තුනේ එකතුව මෙට්‍රික් ටොන් 980,688කි.

සූත්‍රයක කුඩා වෙනසක් මෙවැනි විශාල ගල් අඟුරු ප්‍රමාණයකට යොදාගත් විට එහි මූල්‍ය බලපෑමද එකතු වේ. විගණනය එය ගණනය කර තිබේ.

• පළමු ක්ෂණික මිලදී ගැනීමේදී ටොන් 226,290 සඳහා ඩොලර් 173,134ක් හෙවත් රුපියල් 22,507,420ක් වැඩිපුර ගෙවා ඇති බව වාර්තාව කියයි.

• දෙවැනි මිලදී ගැනීමේදී ටොන් 370,594 සඳහා එය ඩොලර් 391,192ක් හෙවත් රුපියල් 50,854,960කි.

• සිව්වැනි මිලදී ගැනීමේදී ටොන් 383,804 සඳහා ඩොලර් 1,011,304ක් හෙවත් රුපියල් 131,469,520කි.

• එකතුව ඩොලර් 1,575,630කි. වාර්තාවේ සඳහන් එවකට රුපියල් අගයන් එකතු කළ විට එය රුපියල් 204,831,900ක් පමණ වේ.

මෙය එක වරක් සිදුවූ ගිවිසුම් දෝෂයක් පමණක් නම්, එය පළමු ගනුදෙනුවෙන් අවසන් විය යුතුය.

නමුත් එසේ වූයේ නැත. 2015 අගෝස්තු 17 දා Liberty Commodities සමඟ අත්සන් කළ පළමු ගිවිසුමේ තිබූ සල්ෆර් හා අළු මිල ගැලපුම් සූත්‍ර වෙනස්වීම, පසුව සිදුකළ දෙවැනි සහ සිව්වැනි ක්ෂණික මිලදී ගැනීම්වලදීත් නිවැරදි කර නැත. ඒ වෙනුවට එම ගිවිසුමම යාවත්කාලීන කර නැවත භාවිත කර තිබේ. විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ පළමු ගිවිසුමේ තිබූ ගැටලුකාරී තත්ත්වයෙන් ඇතිවූ අවාසිය ඊළඟ ගනුදෙනු දෙකටත් ගලා ගිය බවය.

සූත්‍රයක් වෙනස් වූ විට මුදල වැඩි වන්නේ කොහොමද?

මෙය සරලව තේරුම් ගත හැක්කේ මෙසේය. ගල් අඟුරු මිලදී ගැනීමේදී එකඟ වූ ප්‍රමිතියට වඩා එහි සල්ෆර් හෝ අළු ප්‍රමාණය වැඩි නම්, ගල් අඟුරු ටොන් එකකට ගෙවන මිලෙන් යම් මුදලක් අඩු කිරීමට මිල ගැලපුම් සූත්‍රයක් යොදා ගනී. එය අඩු ගුණාත්මක ගල් අඟුරු සඳහා සම්පූර්ණ මිල ගෙවීමෙන් රජය ආරක්ෂා කරන ක්‍රමයකි. Liberty සමඟ අවසන් ගිවිසුම සකස් කිරීමේදී මෙම සල්ෆර් සහ අළු මිල ගැලපුම් සූත්‍ර ලංසු කෙටුම්පතේ තිබූ ආකාරයෙන් වෙනස් වී තිබූ බව විගණනය කියයි. එහි ප්‍රතිඵලය වූයේ ගල් අඟුරුවල සල්ෆර් සහ අළු ප්‍රමිතියෙන් බැහැර වූ විට මිලෙන් අඩු කළ යුතුව තිබූ මුදල නිසි ප්‍රමාණයෙන් අඩු නොවීමයි. ටොන් එකකදී එම වෙනස කුඩා මුදලක් විය හැකි නමුත්, එම සූත්‍රය Liberty වෙතින් ලබාගත් මෙට්‍රික් ටොන් 980,688කට අදාළ ගනුදෙනු තුන පුරා ක්‍රියාත්මක වූ විට එය විශාල මුදලක් බවට පත් විය. ඒ අනුව පළමු, දෙවැනි සහ සිව්වැනි ක්ෂණික මිලදී ගැනීම්වලදී එකතුව ඇමෙරිකානු ඩොලර් 1,575,630ක් වැඩිපුර ගෙවා තිබූ බව විගණකාධිපතිවරයා ගණනය කර තිබේ.

ලෝකය තේරුම් ගන්නා සත්‍යයයක් තිබේ. වරක් සිදුවූ දෝෂයක් දෙවරක් සහ තුන්වරක් ක්‍රියාත්මක වූ විට, එය තවදුරටත් “දෝෂයක්” පමණක් වන්නේ නැත. තවත් එක් කාරණාවක් සටහන් කළ යුතුව තිබේ.

මේ ගනුදෙනු සිදුවූ කාලයේ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නය.

විගණන වාර්තාව අනුව අදාළ ගල් අඟුරු ප්‍රසම්පාදන ගිවිසුම් අත්සන් කරන්නේ රේඛීය අමාත්‍යාංශයේ ලේකම් විසින් නොව, ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා වූ මෛත්‍රී ගුණරත්නය. විගණනය කියන්නේ සමාගම අත්සන් කළ අවසන් ගිවිසුමක මුදල් ගෙවීමේ සූත්‍ර වෙනස් වී, එම වෙනස තවත් ගනුදෙනු දෙකටත් ගලා ගොස් ඩොලර් මිලියන 1.57කට වැඩි වැඩිපුර ගෙවීමක් අදාල සමාගමට රට කර ඇති බවය.

අපේ පුංචි මොළවලට තේරෙන කතාවක් තිබේ. හෙණ ගහන ආකාරයට පෙනෙන එකම සරළ වැරැද්දක් නැවත නැවත වෙන්නට සිදුවීමට ඉඩ හැරීමට තරම් සමාගම් සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට වැරදී තිබුණා නම් අප මෛත්‍රි ගුණරත්නට යෝජනා කරන්නේ ඔය ජනාධිපති නීතිඥකම ළමයෙකුට දෙන ලෙසය.

කතාව තවදුරටත් Liberty සමාගම ගැන පමණක් නොවන්නේ මේ තත්ත්වය තුළය. රාජ්‍ය සමාගමක් තමන් අත්සන් කළ ගිවිසුමක මූල්‍ය ආරක්ෂකයක් වෙනස් වී තිබියදී, එය සොයා නොගෙන හෝ සොයාගෙනත් නිවැරදි නොකර, තවත් මිලදී ගැනීම් දෙකටත් ඒ ගිවිසුම ගෙන ගියේ කෙසේද යන්නය. මක් නිසාද යත් ලංකාවේ වැදගත්ම ප්‍රසම්පාදන සිද්ධවන ගිවිසුම යනු හුදු අත්සනක් පමණක් නොවන බැවිනි.

මේ විගණන වාර්තාව දැන් අපට අනාවරණය කරන තහවුරු කළ කාරණා ප්‍රමාණයක් තිබේ.

• ගල් අඟුරුවල ප්‍රමිතිය සකස් කරන සූත්‍ර වෙනස් වූ බව — තහවුරුය.

• එම වෙනස මුල් ගිවිසුමේ තිබූ බව — තහවුරුය.

• එම ගිවිසුම ඊළඟ ගනුදෙනු දෙකටත් යාවත්කාලීන කර භාවිත කළ බව — තහවුරුය.

• එයින් වැඩිපුර ගෙවීම් ඇති වූ බව විගණනය ගණනය කර ඇති බව — තහවුරුය.

• ලංකා ගල් අඟුරු සමාගම මේ පිළිබඳ නිසි අවධානයක් නොදැක්වූ බව — තහවුරුය.

නමුත් තවමත් මේ ඔස්සේ මතුවන ප්‍රධානම තීරණාත්මක ප්‍රශ්නය තහවුරු කර නැත.

මුල් සූත්‍රය අවසන් ගිවිසුමේදී වෙනස් කළ තීරණය ආරම්භ වූයේ කොතැනින්ද?එය යෝජනා කළේ කවුද?එය ලේඛනයට ඇතුළත් කළේ කවුද?එය පරීක්ෂා කර අනුමත කළේ කවුද?

රටට අවශ්‍ය මෙන්න මේ පැනයට පිළිතුරය.