LSN News › Sri Lanka

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව: එක්නැලිගොඩ සහෝදරයෙක් සේ ඇසුරුකළ බව කියන හිටපු LTTE සාමාජිකයෙකු අධිකරණයේදී කළ හෙළිදරවුවක්!

ජනාධිපතිවරයා ගමන් කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් රටේ පාලනය වෙනස් වී පවතින ප්‍රශ්න අවසන් කළ හැකි බව එක්නැලිගොඩ තමාට ප්‍රකාශ කළ බව මුරලි නැමැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා දුන් සාක්ෂියක් මේ වනවිට විත්තිය පාර්ශවයේ නීතිඥයින් හරස් ප්‍රශ්න හරහා තීරණාත්මකව මතු කර තිබේ.

LSN Sri Lanka · 16 October 2026

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව: එක්නැලිගොඩ සහෝදරයෙක්  සේ ඇසුරුකළ බව කියන හිටපු LTTE සාමාජිකයෙකු අධිකරණයේදී කළ හෙළිදරවුවක්!

කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේදී, හිටපු LTTE සාමාජිකයෙකු වූ සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි නමැත්තා අද (ඔක්තෝබර් 16) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ තමා සමඟ පැවසූ බව කියන තීරණාත්මක ප්‍රකාශයකි. ජනාධිපතිවරයා ගමන් කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් රටේ පාලනය වෙනස් වී පවතින ප්‍රශ්න අවසන් කළ හැකි බව එක්නැලිගොඩ තමාට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.

මෙම නඩු විභාගය සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්විණි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙයවන ලද්දේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා විසිනි.

සුරේෂ් සලේගේ සාක්ෂිය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා දැනට රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද තදබල ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහු 2012 අගභාගයේ සිට 2016 අගභාගය දක්වා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ විමර්ශනයට අදාළව දුරකථන තොරතුරු වාර්තා මෙන්ම පරීක්ෂණ මණ්ඩල (Court of Inquiry) වාර්තාවලට අදාළ තොරතුරු ලබා දී ඇති බව සලේ සඳහන් කළේය. කෙසේ වෙතත් සිද්ධියෙන් වසර 10කට අධික කාලයක් ගත වී ඇති බැවින් අදාළ ලේඛන පරිශීලනය නොකර නිශ්චිතව පිළිතුරු දිය නොහැකි බව ඔහු කියා සිටියේය. සාක්ෂි දීමෙන් අනතුරුව ඔහු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට රැගෙන යන ලදී.

මුරලිගෙන් හරස් ප්‍රශ්න කිරීම

නඩුවේ සිව්වන සාක්ෂිකරු වන මුරලිගෙන් නවවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අද දිනයේත් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

තමා LTTE සාමාජිකයෙකුව සිටි සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ සහෝදරයන් මෙන් සමීපව ආශ්‍රය කළ බවත්, යුද බිමේ අත්දැකීම් එකිනෙකා අතර බෙදාගත් බවත් මුරලි පැවසීය. මෙම සම්බන්ධතාවය වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙත දැනුම් දී නොතිබුණද, තමිල් සෙල්වම් සහ LTTE පුපුරණ ද්‍රව්‍ය ප්‍රධානී ඥානවේල් වෙත දැනුම් දී තිබූ බව ඔහු ප්‍රකාශ කළේය. එසේම පොට්ටු අම්මාන් පිළිබඳව තමා නොදන්නා බවද ඔහු වැඩිදුරටත් කීවේය.

නීතිඥවරයා කළ විමසීමේදී මුරලි තහවුරු කළේ දඹුල්ල හබරණ වත්තේදී එක්නැලිගොඩ හමුවූ අවස්ථාවක “එවකට රටේ රාජ්‍ය නායකයා ඝාතනය කළ යුතුයි” යනුවෙන් අදහසක් පළ කළ බවයි. එම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බවත්, එම සම්බන්ධය පොට්ටු අම්මාන් වෙත දැනුම් දී ඇත්තේ එම ප්‍රකාශයට පෙර බවත් ඔහු කියා සිටියේය.

සංවාදයේ සම්පූර්ණ සන්දර්භය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කළ විමසීමේදී, මුරලි මීට පෙර දිනයක අදාළ ප්‍රකාශය “උදාහරණයක්” ලෙස දැක්වූ බව සඳහන් කළේය. අද දින එය පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසීය:

“මමයි, නාදන් සහ එක්නැලිගොඩ හබරණ වත්තේ කතා කරමින් හිටියා. මමයි නාදන්යි කිව්වා දැන් යුද්ධය ඉවර නිසා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට එක්නැලිගොඩ කිව්වා යුද්ධය ඉවර වුණාට සියලු ප්‍රශ්න එහෙම්මමයි කියලා. පස්සේ මමයි නාදන්යි කිව්වා ඒවා ඉවර කරන්න, වෙනස් කරන්න බැහැ, මේ පාලනය තව අවුරුදු 20ක්වත් තියෙයි කියලා. එතකොට එක්නැලිගොඩ කිව්වා ඒක අද හිතුවොත් අද වෙනස් කරන්න පුළුවන් කියලා. අපි ඇහැව්වා කොහොමද කියලා. ඔහු කිව්වා ජනාධිපති Flight එකේ යනවා, ඒකට මිසයිලයක් ගැහුවොත් ඔක්කොම වෙනස් වෙනවා කියලා.”

විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් මෙම සාක්ෂිය නඩුවේ තීරණාත්මක කරුණක් ලෙස හරස් ප්‍රශ්න කිරීම් මගින් මතු කළේය. නඩු විභාගය ඉදිරියටත් පැවැත්වේ.