පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයා TID අත්අඩංගුවට!
අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.
LSN Sri Lanka ·

මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, අක්කරායන්කුලම් පොලිස් වසමේ පිහිටි පලෙයි (පල්ලෙයි) රක්ෂිතයේ එල්ටීටීඊ (LTTE) පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අගෝස්තු 18 වනදා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසමේ චෝදනා

මෙම සිදුවීමට පදනම් වී ඇත්තේ 'අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම' නමැති සංවිධානයක් විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකි. එහිදී එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සංගීත් ඩයස්සේකර කියා සිටියේ, අදාළ රක්ෂිතයේ අක්කර 49ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැක පළකරන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

රජයේ සහ කැබිනට් මණ්ඩලයේ පැහැදිලි කිරීම

කෙසේ වෙතත්, පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. සතිපතා කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ ස්ථානයේ කිසිදු ත්‍රස්තවාදී පුහුණු පහසුකමක් හෝ එල්ටීටීඊ සම්බන්ධතාවක් නොමැති බවයි.

එම රක්ෂිතයේ කොටසක් අනවසරයෙන් හිස් කර බහුමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර, එහි වත්මන් කාලයේ ප්‍රදේශවාසීන් සම්බන්ධ වී පවත්වාගෙන යනු ලබන ඇඟලුම් නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.