LSN News › Sri Lanka

හිටපු NTC සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්!

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවය.

LSN Sri Lanka · 17 September 2026

හිටපු NTC සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු ජාතික ගමනාගමන කොමිෂන් සභා (NTC) සභාපති රේණුක පෙරේරා ලබන සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළේය.

මෙම නියෝගය අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු නිකුත් විය. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අල්ලස් කොමිසමේ චෝදනා

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවය.

2014 සැප්තැම්බර් 19 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් නිකුත් කළ නිර්ණායක උල්ලංඝනය කරමින්, තමන් විසින්ම පත් කළ කමිටුවක නිර්දේශ මත මෙම බලපත්‍ර නිකුත් කළ බව එම නිලධාරීහු පැවසූහ. කමිටු නිර්දේශ මත බලපත්‍ර 30ක්ද, සැකකරුගේ අභිමතය පරිදි තවත් 26ක්ද නිකුත් කර ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගත්තේ නම් රුපියල් 86,747,880ක් රජයට ලැබෙන්නට තිබුණද, වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අයකර ගැනීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමි වී ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය. මේ තුළින් දූෂණය නමැති වරද සිදුවී ඇති බව ඔවුහු තර්ක කළහ.

වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, බැංකු වාර්තා සහ දුරකථන ඇමතුම් වාර්තා ලබා ගැනීමටත් නියමිත බැවින්, මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට බාධා විය හැකි බව පවසමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තියේ තර්ක

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අල්ලස් කොමිසමේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය. බලපත්‍ර නිකුත් කිරීම විෂය භාර අමාත්‍යාංශයේ තීන්දුවලට අනුකූලව සිදුවූ බවත්, සිය සේවාදායකයා කිසිදු අක්‍රමිකතාවක නිරත වී නොමැති බවත් නිතිඥවරයා සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ රෝගී තත්ත්වයන් පිළිබඳවද අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරයා ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තා කිහිපයක්ද ඉදිරිපත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසීය.

"මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු රජයට පාඩුවක් සිදු කර තිබෙන බවට සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ද අසම්පූර්ණයි. ඊට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ බලපත්‍ර ලාභීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පවතින බැවින් සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවීමට හැකියාව පවතිනවා."

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප පනත ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.